හායි කොහොමද ඔයාට..ඔන්න ඔයාට ප්රශ්නයක් තියෙනවානම් කොන්ඩෙ ඉක්මනට වවන්න පුලුවන් හොදම oil එක මොකක්ද කියලා ඒ තමයි එඩරු තෙල්. ඔයාට හරිම ලේසියෙන් ගන්න පුලුවන් ඔයිල් එකක්. ඉතින් මේක ඔයාට කොන්ඩෙ විතරක් නෙමේ,ඇහි බැම,ඇස් පිහාටු වගේන පිරිම ලමයින්ට රැවුල පවා ඉක්මනට වවා ගන්න පුලුවන් මේ oil එකෙන්.
එඩරු තෙල් හදන්නේ කොහොමද?
ඉතින් මේ එඩරු තෙල් හදන්නේ මේ තියෙන එඩරු ශාකයෙන් හට ගන්නා එඩරු ඇට වලින්.එඩරු තෙල් ලා කහපාට ඉදන් විනිවිද පෙනෙන පාට වෙනකන් තියෙනවා.
එඩරු තෙල් වලින් කොන්ඩෙට ලැබෙන වාසි මොනාද?
මේ තෙල් වර්ගයට කොන්ඩෙ යන එක නතර කරන්න පුලුවන්.

විශේෂයෙන්ම මේ වගේ බල්බ් එකත් එක්කම ගැලවිලා යන කෙස් ශක්තිමත් කරන්න වගේම ඒ තත්වයන් ඉක්මනින් අඩු කර ගන්නත් පුලුවන්.
ඒ වගේම ඔයාගේ හිසකෙස් dry ගතියක් තියෙනවා නම්,ඒ තත්වයන්ද නැති කර ගන්න පුලුවන් මේ එඩරු තෙල් වලින්, ඒ වගේ මේ oil එක කාලයක් එක දිගට පාවිච්චි කරනවා නම් ඔයාට පුලුවන් කොන්ඩෙ උඩ සිට අගිස්සට දක්වාම එක සමාන කොන්ඩයක් ලබා ගන්න.

ඒ වගේම මෙන්න මේ වගේ කොන්ඩයේ අගිස්ස පැලෙන තත්වයන් තියෙනවා නම් ඔයාට අන්න ඒකත් නැති කර ගන්න පුලුවන්,හැබැයි මුලින්ම මතක තියාගන්න ඕන කාරණයක් තමයි.. අගිසි පැලිලා නම් එවා මුලින් කපලා තමයි treatment එක කරන්න ඔනේ..
ඒ එක්කම මෙන්න මේ වගේ හිස් මුදුනේ ආසාදන තියෙනවා නම් ඒවත් මේ එඩරු තෙල් මගින් නැති කර ගන්න පුලුවන් ඔයාට.

කොන්ඩෙට විතරක් නෙමේ මේ එඩරු තෙල් ඔයාගේ සම ලස්සනට තියාගන්නත් පාවිච්චි කරන්න පුලුවන්.මොකද මේ එඩරු තෙල් වල omega 6 අන්තර්ගත වෙලා තියෙනවා.

මෙන්න මේ වගේ රැලි වැටුනු ගති තියෙනවා නම් ඔයාට body oil එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන් සමේ තරුන බව රැක ගන්න.
එඩරු තෙල් පාවිච්චි කරන්න පුලුවන් කොහොමද?
පාවිච්චි කරන විදි කිහිපයක් තියෙනවා.ඔයාට පුලුවන් ඔයාගේ hair oil එකට මිශ්ර කරලා පාවිච්චි කරන්න. ඒ වගේ ඔයාට ලස්සන ඇහි පිහාටු දෙකක් වවා ගන්න පුලුවන් දිනපතා එක පාරක් ඇහි පිහාටු වලට පොඩි පින්සලක් ආදාරයෙන් මේ තෙල ගානවා නම්, ගොඩාක් හීනි ඇහි බැමක් තියෙන කෙනෙක්ටනම් මේ එඩරු තෙල් මගින් ලස්සන ඇහි බැමක් වවා ගන්නත් පුලුවන්.
මම ආයේ මේ වගේ ඔයාට වටින ලස්සන වෙන්න ක්රම ටිකක් අරන් එන්නම්… ඔයාට ලස්සන දවසක්..❤️❤️