ඒ අවුරුදු තිස් නවයේදී ලෝකයේ ලොකුම ධනවතා වූ බිල් ගේට්ස්ය. ඔහු මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයායි. මේ ඔහුගේ කතාවයි.මව මාරි මැක්ස්වෙල්ට හා පියා විලියම් හෙන්රි ගේට්ස් ට 1955 ඔක්තෝබර් 28 වැනි දින උපත ලැබු බිල් ගේට්ස් පොත පත පාඩම් කිරීමට උනන්දුවක් නොදක්වපු දරුවෙකු වූයේය.අවුරුදු 13 දී විද්‍යාලයේ පරිගණකය පරිහරණය කිරීමට ඔහුට අවස්තාව හිමි විය. එම පරිගණකයේ අධ්‍යයන කටයුතු කිරීමට මුදල් ගෙවීමට අවශ්‍ය විය.දෙමාපියන් දෙන මුදල් පන්තියට යන විට ඉතිරිවන්නේ නැති නිසා පරිගණකය මුදල් නොමැතිව පරිහරණය කළ හැකි ආකාරයේ ක්‍රමයක් සෑදු බිල් ගේට්ස් පරිගණක හැකර්වරයකු වූයේය.මොහුගේ හැකියාව දැනගත් විදුහල්පතිවරයා පාසලේ පරිගණකයේ හටගන්නා දෝෂ නිවැරදි කිරීමට අවස්ථාව ලබා දුන්නේය.බිල් ගේට්ස් හාවර්ඩ් විශ්වවිද්‍යාලයට තේරී පත් විය. එහිදි පරිගණක විෂය හැදෑරු ගේට්ස්ට සඟරාවක් කියවමින් සිටිය දී Altair නමැති ආයතනයකින් දමා තිබූ දැන්වීමක් දුටුවේය.

එහි සඳහන් වූයේ පරිගණක භාෂාවක් අවශ්‍යව ඇති බවයි. එම සමාගමට දුරකථන ඇමතුමක් දී එවැනි භාෂාවක් තමන් ලියා ඇති බව පැවසීය.ඔහු පෝල් ඇලන් සමග එක්ව පරිගණක භාෂාව සකස් කළේය.එය ඔවුන් ඇමෙරිකානු ඩොලර් 3000ක මුදලකට Altair ආයතනයට විකුණුවේය.මේ අකාරයෙන් මයික්‍රෝසොෆ්ට් ආයතනය 1975 දි ආරම්භ විය.1980 වර්ෂයේ බිල් ගේට්ස් IBM සමාගමට MS DOS නමැති මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන ලදී. එය බිල් ගේට්ස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයි.ඉන්පසු ඔහු ඇපල් සමාගමට නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරයි. එය Windows ය. පරිගණක ලෝකයේ දැවැන්ත පෙරළියක් එයින් ඇතිවිය.බිල් ගේට්ස්ට වයස අවුරුදු 39 යි. ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්විය.“අපට හැම දෙයක්ම අභියෝගයක් වුණා. සිතට නැගෙන විකාර සිතුවිලි ඇතැම් අවස්ථාවල දී හීනයක් වගේ වුණාට මේසයක් මත ඇති පරිගණකයකින් මේ දේ කරන්න පුළුවන්ය’’ යන්න යථාර්ථයක් කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. අපේ සාර්ථකත්වයේ රහස එයයි. පළමු වසර පහේ දී අපේ ආයතනයේ නිර්මාණය වූ සියලුම පරිගණක කේත මම පුද්ගලිකව පරීක්ෂා කළා.” බිල් පවසයි.“මගේ ලොකුම සතුට වුණේ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම.

නමුත් මම ඒ වගේම ඇතැම් විට ඊටත් වඩා අනුන්ට උදව් කිරීමෙන් සතුටු වෙනවා. මට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් තිබීම ඇතැම් විට අයහපත් දෙයක් කියා හිතෙනවා. ඒ නිසා සමාජ සුබසාධන කටයුතුවලට යොමුවීම සතුටක්. එයට මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරුවන්ටත් එය යහපතක් කියා තමයි මම හිතන්නේ.”“ඔබගේ සතුටට පත් නොවන සේවාදායකයකු ඇත්නම් ඔහු ඔබට ඉගෙනීමට ඇති හොඳම මාර්ගයයි. එමෙන් ම දියුණු වීම වෙනස් වීමෙන් තොරව කළ නොහැකියි. ඔබට තම සිත වෙනස් කර ගත නොහැකි නම් මේ ලෝකයේ කිසිවක් වෙනස් කළ නොහැකියි. ඒ නිසා සිත වෙනස් කරගන්න. ඔබට ලෝකය වෙනස් කළ හැකි වේවි.”මේ බිල් ගේට්ස් ගේ අදහසුයි.1975 වසරේදී දෙදෙනෙකුගෙන් ආරම්භ කරන ලද මයික්‍රොසොෆ්ට් ආයතනය අද වන විට රටවල් 60කට වැඩි සංඛ්‍යාවක ශාඛා ජාලයකුත් සේවය කරනු ලබන පුද්ලයන් 135,000ක් දක්වා වැඩිවී තිබේ.ඔහුගේ තත්ත්පරයක ආදායම ඇමෙරිකානු ඩොලර් 250ක් ආර්ථික විශේෂඥයෝ පවසයි.පරිගණක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකළ මේ අපූරු මිනිසා චන්ද්‍රිකා කිහිපයක් අභ්‍යාවකාශගත කර දුරකථන සන්නිවේදන සේවාවක් ලෝක ව්‍යාප්තව ඇති කිරීම කෙරෙහි දැන් සිත යොමු කර සිටියි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here