උමාරියාගෙ හැඟීම්බර කටහඬින් ආරම්භ වන මේ සංවේදී වචන කිහිපය ඔබ මේ දවස් වල ඕනම දුරකතනයකට කතා කරොත් ඇහෙන වචන කිහිපයක්. ඔබ නිකමටවත් හිතුවද හැමෝගෙම ෆෝන් එකට එන්න තරම් මේ සින්දුවේ කතාව මොකක්ද කියලා.  ඔව් අද අපි කතා කරන්නෙ යන්නෙ අන්න ඒ ගැන.

සරලව කිව්වොත් මේ ඉතාම හැඟීම්බර ගීතය නිර්මාණය වෙන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කළමණාකරණය කරනු ලබන ඉටුකම ව්‍යාපෘතිය මගින්. මේ දවස් වල ඔබ රූපවාහිනිය නැරඹුවොත් ඔබ සමහර විට මේ ගැන දැකලා අහලා එහෙම නැත්තං දැනගෙනත් ඇති. එහෙම නොදන්න කවුරුහරි ඉන්නවනම් ඉටුකම කියන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් එම සටනේ පෙරමුණ ගෙන කටයුතු කරන නිර්භීත රණවිරුවන් සහ සෞඛ්‍ය අංශවල වීරයන් වෙනුවෙන් ඔවුන්ට සහය දැක්වීම වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ වයාපෘතියක්. ඉතින් අන්න ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් සැකසුනු විශේෂ ගීතයක් තමයි භාතිය සන්තුෂ්ඃ සහ උමාරියාගෙ හඬින් මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නෙ

සති ගණනාවක් පුරාවට මුලු මහත් ලෝකයම පීඩා විඳින කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය නිසා ශ්‍රී ලංකාවේත් මේ වෙද්දි ආසාදිතයන් 992ක් සහ සුවය ලැබූ රෝගීන් 559 වාර්තා වී අවසන් . ඒ පුද්ගල මරණ 9 ක් ද සමගින්. ඉතින් මේ කොවිඩ් 19 වසංඟතය වෙනුවෙන් එහි ව්‍යාප්තිය අවම කරගැනීම අරමුණු කරගනිමින් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් තමයි මේ ඉටුකම කියලා කියන්නේ. ඒ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් සහ බුද්ධිමතුන් 17ගෙන් සමන්විත විශේෂ කමිටුවකින් මේ ඉටුකම ව්‍යාපෘතිය අධික්ෂණය කෙරෙන බවත් සඳහන් වෙනවා. ඒ අතර, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත් රවිප්‍රිය යන මහත්වරුන් ද වනවා.

දැනට මෙම අරමුදල සඳහා රු මිලියන 1061ක් ලැබී ඇති අතර මේ වෙනුවෙන් ඔබටත් ඕනෑම ජංඟම දුරකතනයකින් දායක විය හැකියි. මේ පිලිබඳ සියලු විස්තර www.itukama.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here