ශරීර භාෂා විශේෂඥයින් පවසන ආකාරයට ඔබ ඔබේ අත් දෙක පටලවා ගන්නා ආකාරය අනුව ඔබ පිලිබද බොහෝ දෙවල් හෙලි වෙනවා. මේ පිලිබද පර්යේෂණ සිදුකල රොජර් වොල්කොට් ස්පෙරි පවසන ආකාරයට මොළය වමට සහ දකුණට කොටස් දෙකකට බෙදා ඇති අතර පුද්ගලයකුගේ හැසිරීම මින් වඩා ක්‍රියාකාරී කුමන කොටසද යන්න මත තීරණය වෙනවා. ඉතින් ඒ ගැන වැඩිදුර තේරුම් ගන්න කිසිදු ආයාසයකින් තොරව එකවිටම ඔබේ දෑත් දෙක පටලවා ගන්න. ඉන්පසුව එය පිහිටන ආකාරය අනුව පහත දක්වා තිබෙන විස්තරයට අවදානය යොමු කරන්න.

වම් මාපටැඟිල්ල උඩට

ඔබ ඔබේ දෑත් පටලවා ගත්තේ වම් මහපට ඇඟිල්ල උඩට සිටින ආකාරයට නම් ඔබ ප්‍රායෝගික පුද්ගලයකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒවගෙම ඔබ කිසිම විටක පීඩනයෙන් සිටින මොහොතක තීරණ ගන්නේ නැහැ. යම් නිගමනයකට පැමිණීමට පෙර, ඔබ එහි වාසි සහ අවාසි කිරා මැන බලයි. අන් අයට ඔබව රවටා ගැනීමද පහසු දෙයක් වෙන්නෙ නැහැ. එසේම අන් අයගේ මුසාවන් දැක ගන්න ඔබට සහජ හැකියාවක් තිබෙනවා.
මේ හේතු නිසා ඔබේ පවුලේ සාමාජිකයන් වගෙම මිතුරන් ඔබව ඉතා අගය කොට සලකන අතර ඔවුන් බොහෝ විට ඔබ වෙත පැමිණ ඔබේ උපදෙස් ලබා ගන්නවා. ඔබ බොහෝවිට මෙවැනි අවස්තාවල ඥානවන්තව උපදෙස් ලබා දෙනවා. නමුත් මේ සියල්ලෙන් අදහස් කරන්නේ ඔබ බැරෑරුම් පුද්ගලයෙක් බවයි. එසේම ඔබේ බුද්ධියට අඳුරු ස්ථාන පවා සැහැල්ලු කළ හැකිය. එසේම ඔබ ඔබේ ආදර සම්බන්ධය ද කදිමට හැසිරවීමට දන්නවා.

මාපටැඟිලි දෙකම පෙලට

පරිපූර්ණවාදීන් වන මෙවැනි පුද්ගලයන් අනෙක් අයගෙන්ද එම මට්ටමේ කැපවීම හා උත්සාහය බලාපොරොත්තු වේ. නායකත්වය ඔබට ස්වභාවිකවම පැමිණෙන අතර ඔබ සැමවිටම ආදර්ශයෙන් මෙහෙයවනු ලැබේ. නමුත් එයින් ඔබ අනෙක් පුද්ගලයන්ගේ අවශ්යතා ගැන සැලකිලිමත් නොවෙන බව අදහස් වෙන්නෙ නැහැ. ඔබ සැම විටම අන් අයගේ මතයන්ද විමසන අතර තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේ දෘෂ්ටිකෝණයද තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඔබේ අවංකකම බොහෝ විට ඔබේ අවසාසියට හේතු වුවද එම ගතිගුණය නිසා බොහෝ දෙනෙක් ඔබව ප්‍රිය කරනවා.
එසේම සම්බන්ධතා වලදී අවංක බව සහ විශ්වාසවන්ත බව සැබැවින්ම අගය කරන මොවුන් කිසිම විටක ඔවුන්ගේ මනස සමග කතා කිරීමට ලැජ්ජා වෙන්නේ නැහැ. එසේම ඔබේ ආදරණීයයා එසේ කිරීමෙන් වලක්වාලන්නේද නැහැ.

දකුණු මහපට ඇඟිල්ල උඩට

දෑත් අල්ලා ගන්න විට ඔබේ දකුණු මහපට ඇඟිල්ල උඩට පිහිටනවා නම් ඔබ ඉහල මානසිකත්වයක් ඇති පුද්ගලයකු බව පැවසිය හැකියි. යම් පුද්ගලයකු ඔවුන්ගේ සැබෑ හැඟීම් සැගවීමට උත්සාහ දරන විට ඔවුන්ට සැබැවින්ම හැගෙන්නේ කුමක්ද යන්න පිලිබද පහසුවෙන්ම හදුනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම අද්විතීය හැකියාව නිසා අන් අයට ඔබට විවෘත වීම පහසු වෙනවා.
මෙම හැකියාව නිසා අන් අයට නොපෙනෙන ඉදිරි දර්ශනයක් ඔබට ලබා ගත හැකිය. එසේම රාමුවෙන් පිටත සිතා නිවැරදි තීරණ ගැනීමටද ඔබට හැකියාව ලැබෙනවා. නමුත් චිත්තවේගීව සියලුම අංගයන් කිරා බැලීමෙන් තීරණ ගැණීමට ඔබට වැඩි කාලයක් ගත වෙන්න පුලුවන්. කෙසේනමුත් මෙම ගැඹුරු චිත්තවේගයන් තේරුම් ගැනීමට සහ උණුසුම ලබා දීමට ඔබට ඇති හැකියාව අනෙක් මිනිසුන් ඔබ වෙත ඇද බැද තබා ගනියි.
සම්බන්ධතාවලදී, ඔබේ සහකරුගේ නොකියූ හැඟීම් තේරුම් ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. එමනිසා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබට කිසිවිටෙකත් අපහසු වෙන්නෙ නැහැ.

සුබ දවසක්

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here