මේ දවස් වල ජනප්‍රිය රැල්ලක් තමයි දෙමවුපියන්ගේ ළමා කාලයේ ඡායාරූප හා ඔවුන්ගේ දරුවන්ගේ එම වයසේම ඡායාරූප සන්සන්දනය කිරීම. මේ නිසා බොහෝ දෙනෙක් එවැනි ඡායාරූප අන්තර්ජාලය තුල හුවමාරු කර ගන්නවා. මේ අතර ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය තරුත් ඉන්නවා. ඉතින් අපි අද ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ළමා කාලයේ පෙනුම මොනවගේද කියලා පොඩ්ඩක් හොයලා බලමු.

1. Milla Jovovich සහ Ever Gabo Anderson


නිලියක් සහ නිරූපිකාවක් වන Milla Jovovich සහ ඇයගේ ස්වාමියා වන අධ්‍යක්ෂක Paul Anderson හට දියණියන් 2නෙක් සිටිනවා. ඔවුන්ගේ බාල දියණිය Dashiel Edan 4වන වියේ පසුවන අතර වැඩිමහල් දියණිය වන Ever Gabo 12 වන වියේ පසු වෙනවා. සෑම වසරකම පාහේ ඔවුන් ඔවුන්ගේ සුප්‍රසිද්ධ මවගේ පෙනුමට වඩ වඩාත් සමීප වෙමින් සිටිනවා.

2. Angelina Jolie සහ Shiloh Jolie-Pitt


Brad Pitt ගේ සහ Angelina Jolie ගේ පලමු දරුවා වන්නේ Shiloh ය. අද වන විට ඇය 13 වන වියේ පසු වෙනවා. ඇගේ හිසකෙස් කෙටියට කපා තිබුනත් බොහෝ දෙනා පවසන්නේ ඇය ඇගේ මවගේ පෙනුමට සමාන බවයි. ඒවගේ ඔවුන්ට තව ඔවුන්ගේම නිවුන් දරුවන් 2නෙක් සිටිනවා: 11 වන වියේ පසුවෙන Knox Leon සහ Vivienne. මීට අමතරව මෙම යුවල තවත් දරුවන් කිහිප දෙනෙකුම දරුකමට හදා ගැනීමට ගෙන තිබෙනවා. Maddox Chivan (18), Zahara (14), Pax (16).

3. Beyoncé සහ Blue Ivy Carter


ප්‍රසිද්ධ ගායිකා Beyoncé ගේ හා රැප් ශිල්පි Jay-Z ගේ ජනප්‍රියම දරුවා වන්නේ ඇගේ වැඩිමහල් දියණියයි. ඇගේ දෙමවුපියන් වැදගත් අවස්තාවන් වලදි සහ ප්‍රසන්ග සදහා බොහෝ විට ඇයව රැගෙන යයි. 7 වන වියේ පසුවෙන Blue Ivy හට 2වසරකට ආසන්න තවත් සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා.


4. Victoria සහ Harper Seven Beckham.


පාපන්දු ක්‍රීඩක David Beckham ගේ සහ නිර්මාණ ශිල්පිනි Victoria Beckham ගේ බාල දියණිය වන්නේ 7 හැවිරිදි Harper Seven ය. ඇය ඉපදුනු දිනයේ පටන් මේ දක්වා ඇගේ දෙමවුපියන් ඇයව මාධ්‍යයෙන් සගවා නැති නිසා මේ වන විට ඇගේ ඡායාරූප බොහෝ ප්‍රමානයක් අන්තර්ජාලය තුල තිබෙනවා.

5. David සහ Cruz Beckham.


Beckham සහෝදරයන්ගෙන් බාලයා වන්නේ Cruz ය. පවුලේ සමීපතම හිතවතකු වූ Tom Cruise ගේ නමින් ඔහුව නම් කර තිබෙනවා. 14 හැවිරිදි වියේ පසුවෙන මේ නව යොවුන් තරුණයා සංගීතයට බොහෝ සෙයින් ඇලුම් කරන අතර 11 වන වියේදි තම ප්‍රථම ගීතය නිකුත් කර තිබෙනවා.

6. Drew Barrymore සහ Olive Barrymore-Kopelman.


නිළියක වන Drew Barrymore සහ කලා උපදේශක Will Kopelman හට දියණියන් 2නෙක් සිටිනවා: 8 හැවිරිදි Olive සහ 5 හැවිරිදි Frankie. Drew මාස 11 සිටම රූපවාහිනි තිරය මත දකින්න ලැබුනත් මෑතකදි පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී ඇය පවසා සිටියේ ඇයගේ දරුවන්ට ලොකු මහත් වන තුරු රූපවාහිනී තිරයේ රඟ දැක්වීම අවශ්‍ය නැති බවයි.

7. Kim Kardashian සහ North West


රැප් ශිල්පියකු වන Kanye West සහ ජනප්‍රිය Kim Kardashian ගේ 5 හැවිරිදි වැඩිමහල් දියණිය මාධ්‍යයේ අවදානය දිනා ගත් සුන්දර කෙල්ලකි. ඇයට 3 හැවිරිදි Saint නම් සහෝදරයකු සහ 1 හැවිරිදි Chicago නම් සහෝදරියක්ද සිටිනවා.

8. Jennifer Lopez සහ Emme Maribel Muñiz


2008 වසරේදි සංගීතඥ Marc Anthony ට සහ ගායිකා Jennifer Lopez ට Maximillian David සහ Emme Maribel නමින් නිවුන් දරුවන් දෙදෙනෙක් උපත ලැබුවා. ඔවුන්ගේ මව ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඔවුන්ගේ ඡායාරූප නිතරම බෙදා ගන්නවා. Lopez පවුලේ නිවුන් දරුවන් අසාමාන්ය නොවන බව රසවත්ම දෙයයි.

9. Jessica Simpson සහ Maxwell Drew Johnson.


පාපන්දු ක්‍රීඩක Eric Johnson ගේ සහ ගායිකා Jessica ගේ වැඩිමහල් දියණිය වන්නේ 7 හැවිරිදි Maxwell ය. මේ යුවලට Ace නම් වූ 6 හැවිරිදි පුතකුද සිටියි. මීට මාස කිහිපයකට පෙර ඔවුන්ට තව දියණියක උපත ලැබුවා. ජෙසිකා ඇගේ දරුවන්ගේ පමනක් නොවේ ඇගේ ගැබිනි ඡායාරූපත් ඉතා සතුටින් අන්තර්ජාලය තුල හුවමාරු කර ගන්නවා.

10. Jennifer Garner සහ Violet Affleck


නළුවකු වන Ben Affleck සහ Jennifer Garner ට මේ වන විට 14 හැවිරිදි දියණියක් සිටිනවා. දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ ඡායරූප සමාජ මාධ්‍ය මත බෙදා නොහැරීමට උත්සාහ දරනවා. නමුත් පැපරාසින්ගේ ඇසින් බෙරී සිටිනවා කියන්නේ ඉතාම අපහසු දෙයක්. මේ යුවලට 10 හැවිරිදි සහ 7 හැවිරිදි Samuel නම් තවත් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

11. Josh Duhamel සහ Axl Jack Duhamel


නළුවකු වන Josh Duhamel සහ ගායිකවක වන Fergie මීට වසර 5කට පෙර ඔවුන්ට උපන් පුතුගේ Axl Rose යන අසාමාන්‍ය නමට ස්තූතිවන්ත වෙන්න බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.

12. Orlando සහ Flynn Bloom


8 හැවිරිදි Flynn ගේ දෙමවුපියන් වන Orlando Bloom සහ Miranda Kerr ඔහුව පැපරාසින්ගේ ඇසින් ආරක්ෂා කර ගැනීමට හැකි සෑම දෙයක්ම කරනවා. නිරූපිකාවක් වන ඔහුගේ මව සමාජ මාධ්‍ය මත ඔහුගේ ඡායාරූප පල නොකරන අතර නළුවකු වන පියා ඔහුගේ මුහුණ මත ස්ටිකර් යොදමින් සැගවීමට උත්සාහ කරනවා. නමුත් Flynn කෙසේ හෝ පැපරාසින්ට හසුවී තිබෙන අතර ඔහුගේ ඡායාරූප බොහෝ ප්‍රමානයක් අන්තර්ජාලය තුල තිබෙනවා.

ඔබට සුබ දවසක්…

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here