ලෝකේ තියෙන සුන්දරතම වස්තූන් අතරින් ප්‍රධානතම එකක් විදියට කාන්තාව නම් කරන්න පුලුවන්. ඒ වගෙම රටින් රටට කාන්තා සුන්දරත්වය සදහා වෙනස් වෙනස් වූ ප්‍රමිතීන් තියෙනවා. කොහොම වුනත් ලෝකේ තියෙන සමහර රටවල් ඔවුන්ගේ රටේ ඉන්න කාන්තාවන්ගේ සුන්දරත්වය දකින්නේ නම් හරිම අසාමාන්‍ය විදියටයි. අපි අද තොරතුරු අරගෙන ආවේ කාන්තා සුන්දරත්වය අසාමාන්‍ය විදියට මනින රටවල් 11ක් පිලිබදවයි. මේ ටික කියෙවුවාම ඔබට ඇත්තටම සුන්දරත්වය කියන්නේ මොකද්ද කියලා හිතෙයි.

අයර්ලන්තය

අයර්ලන්ත කාන්තාවකට සාමාන්‍යයෙන් ඝනකම් ඇහිබැම, පැහැපත් සම වගෙම සිහින් තොල් පිහිටා තිබෙනවා. නමුත් සෑම අයර්ලන්ත කාන්තාවකටම පොදු ලක්ෂණ ලෙස විශාල නලල, කොළ පැහැති ඇස්, මුහුණේ ලා දුඹුරු පැහැයෙන් යුත් කුඩා පැච් විශාල ප්‍රමානයක් පිහිටා තිබෙනවා. අයර්ලන්ත ජාතිකයන් ස්වභාවික සුන්දරත්වය සදහා වැඩි කැමැත්තක් දක්වන බැවින් ඔවුන්ගේ කාන්තාවන් තුල තිබෙන මේ ලක්ෂණ සියල්ලම බෙහෙවින් අගය කරනවා.

ජපානය

බොහෝමයක් බටහිර රටවල මුතුවන් දත් දෙපලකින් හෙබි පරිපූර්ණ සිනහව සුන්දරතවයේ සංකේතයක් ලෙස සලකනු ලබනවා. නමුත් ජපානය සම්බන්ධව නම් එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ජපානයේ තරුණියන් බොහෝ විට දන්ත සායන වෙත යොමු වී ඔවුන්ගේ දත් අපිලිවෙලට සහ බහු ස්ථර වශයෙන් පෙනෙන ආකාරයට සකසා ගන්නවා. මෙම අර්ධ වැම්පයර් පෙනුම නොහොත් yaeba පෙනුම වඩා හුරුබුහුටි බව ජපනුන් සලකන අතර එය ස්වභාවික සුන්දරත්වයේ හා තාරුණ්‍යයේ සංකේතයක් ලෙසද සලකනු ලබනවා.

ඉරානය

සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ නාසයේ සැත්කම් වලින් වැඩිම ප්‍රතිශතයක් සිදු කරන්නේ ඉරානය තුලයි. මෙහිදි ඉරාන කාන්තාවන් ශරිරයේ අනෙකුත් කොටස් වලට වඩා ඔවුන්ගේ මුහුණු භාවිතා කරමින් පිරිමින් ආකර්ෂණය කර ගන්නා නිසා නාසයේ පෙනුම පිලිබද විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
මෙහිදී මෙම රට තුල සිදු කරන Rhinoplasty සැත්කම් ඉතාම මිල අධිකයි. නමුත් කාන්තාවක් මෙම සැත්කම් සිදු කර තම ධනවත් බව අනෙක් අයට පෙන්වීමට එය උපයෝගී කර ගන්නවා. මෙහිදී සැත්කමින් පසු බොහෝ කලක් යනතුරුද ඔවුන් වෙළුම් පටි පැළඳ සිටින්නේ එම නිසයි. එසේම ඇතැමුන් තම නාසය මත සැත්කමක් සිදු කර ඇතිබව පෙන්වීමට ව්‍යාජ වෙළුම් පටිද පැලද සිටින අවස්තාද ඉරානය තුල දකින්න ලැබෙනවා.

දකුණු කොරියාව

දකුණු කොරියාව තුල පරිපූර්ණ කාන්තාවක් පිළිබඳ අදහස නිර්වචනය කර ඇත්තේ කැලැල් වලින් තොර පැහැදිලි සුදු සම, තියුණු නාසය, කුඩා මුහුණ සහ විශාල ඇස් යන ලක්ෂණ මගිනුයි. නමුත් මේ අතරින් වැදගත්ම ලක්ෂණය වන්නේ මුහුණේ හැඩයයි – එය හදවතේ හැඩයට සමාන විය යුතු අතර පටු නිකටකින් යුක්ත වී ඉහලට යන විට පුළුල් විය යුතුය. මෙම ලක්ෂණ ඇතිකර ගැනීම සදහා කොරියානු කාන්තාවන් ඉතා විශාල මුදල් ප්‍රමානයක් ප්ලාස්ටික් සැත්කම් සදහා වැය කරනවා.

ප්‍රංශය

ප්‍රංශ කාන්තාවන් සෑම අංශයකින්ම ස්වභාවික සුන්දරත්වය සදහා මුල් තැනක් දෙනවා. ඔවුන් බොහෝ විට වේශ නිරූපන සිදු නොකරන අතර කලාතුරකින් සුවද විලවුන් භාවිතා කරයි. ඒ වගෙම ශරීරය තුල රෝම වැවෙන ස්ථාන ඒ අයුරින්ම තබා ගැනීමටද ඔවුන් කැමැත්තක් දක්වනවා. කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය සමෙන් පිළිඹිබු වන බව විශ්වාස කරන ප්‍රංශ කාන්තාවන් වේශ නිරූපණය වෙනුවට ඔවුන්ගේ මුහුණ සදහ පරිපූර්ණ පෙනුමක් ලබා ගැනීම සඳහා වැඩි ක්‍රීම් සහ ලෝෂන් භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා.

ටජිකිස්තානය

ටජිකිස්තානයේ, නාසයට ඉහලින් ඒකාබද්ධ වී ඇති ඉතා ඝනකම් ඇහිබැම දිගු කලක් තිස්සේ කාන්තාවන්ගේ සුන්දරත්වයේ ප්‍රමිතිය ලෙස සලකනු ලබනවා. එසේම කලකට ඉහතදි, මෙසේ ඇහිබැම එකිනෙකට යාවී තිබීම මගින් ඔබේ ස්වාමිපුරුෂයා ඔබට සමීප වනු ඇත සහ එය කාන්තාවකගෙ නිර්මලත්වය සහ නිර්දෝෂී බව පිලිබද සංකේතයක් ලෙසද මිත්‍යා විශ්වාස පැවතුනා. නමුත් අද වන විට මෙම තත්වය වෙනස් වෙමින් පැවතියද බොහෝ විට ඔබට ටජිකිස්තාන කාන්තාවන් තුලින් විශාල ප්‍රමානයේ ඇහිබැම සොයාගත හැකියි. ඔවුන් එවැනි ඝනකම් ඇහිබැම යුවලක් වර්ධනය කර ගැනීම සදහා විවිධ ඖෂධ පැලෑටි වර්ගද භාවිතා කරනවා.

සවුදි අරාබිය

ඇස් යනු පුද්ගලයෙකුගේ ආත්මයේ කැඩපතයි – සෞදි අරාබි කාන්තාවන් මෙම පැරණි කියමනට තවත් අර්ථයක් ලබා දෙයි. ඔවුන්ගේ ආගම නිසා ඔවුන්ට මුහුණේ වැඩි කොටසක් පෙන්වීමට නොහැකි නිසා සාමාන්‍යයෙන් ඔවුන් ඇස් වල සුන්දරත්වය පිලිබද වැඩි අවදානයක් යොමු කරනවා. ඇස් අලංකාර කර ගැනීම සදහා ඔවුන් සියලු වර්ගවල වේශ නිරූපණ සහ මෙවලම් භාවිතා කරන අතර ඒ සදහා ඉතා විශාල මුදලක්ද වැය කරනවා.

චීනය

චීන කාන්තාවන් සදහා සුදුමැලි සම සැබෑ රූපලාවණ්‍ය ප්‍රමිතියක් ලෙස සලකනු ලබනවා. මෙම ප්‍රවනතාවය අතීතයට සම්බන්ධ වන අතර අතීතයේදී හමේ වර්ණය ඔවුන් ඇතුලත් සමාජ පන්තිය පිලිබද පෙන්නුම් කරනු ලැබුවා. සම අඳුරුයි නම් එයින් අදහස් වුනේ එම පුද්ගලයා කුඹුරු වැඩ කරන දුප්පත් පුද්ගලයකු බවයි. නමුත් වර්තමාන චීන ගැහැණු ළමයින්ට දුප්පත් පෙනුමක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔවුන් තම මුහුණ සුදු කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටිනවා. එබැවින් කළු සම ඉවත් කිරීමට චීන කාන්තාවන් විවිධ වර්ග වලට අයත් මුහුණ ක්‍රීම් භාවිතා කරනු ලබනවා.

මියන්මාරය

මියන්මාරය තුල ජීවත් වෙන කයාන් වැසියන් කාන්තාවන්ගේ ඉතා දිගු ගෙල යහපැවැත්මේ හා අලංකාරයේ සංකේතයක් ලෙස සලකනු ලබනවා. එමනිසා වයස අවුරුදු 5 සිට ගැහැණු ළමයින් ඔවුන්ගේ ගෙලේ පිත්තල දඟර පැලදීමට පටන් ගන්නවා. පළමුව, ඔවුන් ගෙල වටා මුදු 6 ක් දමා ඉන්පසු සෑම වසරකම එකකින් වැඩි කරනු ලබනවා. විවාහය වන තෙක් ඔවුන් ඒවා වැඩිකරන අතර විවාහයෙන් පසුව නව මුදු එකතු කිරීම නවතා දමනු ලබනවා.
එම දගර පැලදීමේ ප්‍රතිඵලයක් විදියට කාන්තාවන්ගේ බෙල්ල සෙන්ටිමීටර 40 ක් පමන දිගු විය හැකියි. ඇතැම් ගැහැණු ළමයින්ට මේ නිසා ගෙල හරවා ගැනීමත් අපහසු කාර්යක් වෙනවා. නමුත් ඔවුන් සුන්දරත්වය සදහා එම අපහසුතා නොසලකා හරිනවා.

නවසීලන්තය

නවසීලනතයේදි පච්ච කෙටීම අලංකරය සදහා පමනක් නොවෙයි ආදිවාසීන් වන මාඕරි, ටා මොකෝ නම් ප්‍රජාව විසින් එය හැදුනුම්පතක් ලෙසද භාවිතා කරනවා. ඔවුන් පච්ච කෙටීමේ ක්‍රමයක් භාවිතා කරමින් පුද්ගලයන්ගේ මුහුණු මත කළු සහ තද නිල් පැහැති රටාවන්ගෙන් හැදුනුම්පතක් සාදයි. මාඕරි කාන්තාවන් සාම්ප්‍රදායිකව නව යොවුන් වියට එලඹි විට මුහුණ මත පච්ච කොටා ගන්න අතර එමගින් පිළිවෙලට හා සවිස්තරාත්මකව ඔවුන්ගේ සමාජ තත්වය පෙන්වීමට උත්සාහ කරයි. ගෝත්‍රයේ අනෙක් අයට මෙම පච්චය දෙස බලන විට එම තැනැත්තියගේ සම්පූර්ණ කතාවම පහසුවෙන් “කියවා” ගත හැකි අතර කාන්තාවක් කෙතරම් ලස්සනදැයි තක්සේරු කිරීමටද හැකිය.

ඉතියෝපියා

මෙම රට තුලදි කාන්තාවක් යොවුන් වයසට පැමිණි විට, ඇගේ පහල දත් 2 ඉවත් කර ඇගේ පහළ තොල් සිදුරු කරයි. ඉන්පසු එම කුහරය තුලට බර මැටි හෝ ලී තැටියක් ඇතුල් කරයි. ඇය වැඩෙත්ම තොල් තව තවත් දිගු කිරීම සදහා එම තැටියේ ප්‍රමානය ක්‍රමයෙන් වැඩි කරයි. මෙම තොල් තහඩුව ස්වදේශික සුරමා වැසියන් විසින් සලකනු ලබන්නේ විවාහය සඳහා පිරිමින් ආකර්ෂණය කර ගන්නා ගැහැණු පරිණතභාවයේ සංකේතයක් ලෙසයි. එසේම ඔවුන් ඔවුන්ගේ කන් උරහිස් තෙක්දිගු කිරීම සදහාද විවිධ බර ආභරණ භාවිතා කරනවා. කන් පෙති දිග වැඩිවන තරමට ඔවුන්ගේ සුන්දරත්වයද වැඩිවන බව ඔවුන් විශ්වාස කරනවා.

සුබ දවසක්..

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here