රුසියානු දේශ සීමාව ආසන්නයේ චීන නගරයක ආරම්භ වූ ආකාරය හඳුනා නොගත් කොරෝනා වෛරස ආසාධනයන් කිහිපයක් සහ වුහාන් හි ඇති වූ නව සිදුවීම් රාශියක් හේතුවෙන් චීනයේ නැවත නැවුම් ආසාදන රැල්ලක් ඇතිවීම කෙරෙහි බිය පළ වී තිබේ.

චීන බලධාරීන් විසින් රුසියානු සහ උතුරු කොරියානු දේශසීමා අසල පිහිටි නගරයක් වන ෂූලන් ඉහළ අවදානම් කලාපයක් ලෙස නැවත වර්ගීකරණය කරන ලදී.

චීනය රටේ සියලුම කලාප අඩු හෝ මධ්‍යම අවදානම් ලෙස නම් කිරීමෙන් සතියකට පසු මෙය සිදුව තිබේ. රටේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් නව රෝගීන් 17 ක් වාර්තා කරන ලද අතර, එය  සති දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව ලෙස සැලකිණි.

චීන රාජ්‍ය මාධ්‍ය වන CGTN පවසන පරිදි, ක්‍රීඩා පහසුකම්, සිනමා ශාලා සහ පුස්තකාල ඇතුළු ෂූලන් හි සියලුම පොදු ස්ථාන තාවකාලිකව වසා දැමීමට බලධාරීන් නියෝග කර ඇති අතර “අසාමාන්‍ය තත්වයන්” හැර සෙසු සියලු නිවැසියන්ට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.

මධ්‍යම හෝ ජ්‍යෙෂ්ඨ  උසස් පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් නැවත මාර්ගගත ඉගෙනුම් සඳහා යොමු කර ඇත. කිසිදු කුලී රථයකට නගරයෙන් පිටවිය නොහැකි අතර සියලුම පොදු ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇත.

ෂූලන් හි ආසාධන දාමයේ මූලාශ්‍රය තවමත් අභිරහසක් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙවර වෛරසය  ආරම්භ වූයේ 45 හැවිරිදි කාන්තාවකට බව පළාත් සෞඛ්‍ය කොමිසම පැවසුවේය.නමුත් ඇයට  පළාතෙන් පිටත නේවාසික හෝ සංචාරක ඉතිහාසයක් නොමැති බව තහවුරු කරගෙන තිබේ. විදේශයන්ගෙන් හෝ ප්‍රධාන පළාත්වලින් ආපසු පැමිණෙන පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඉතිහාසයක් ද ඇයට තිබී නැත.

පසුගිය වසර අවසානයේදී වෛරසය ඇතිවූ වුහාන් නගරයේ, ඉරිදා දිනයේ නව රෝගීන් 5 ක් වාර්තා කළ අතර, මාර්තු 11 සිට මේ දක්වා වැඩිම නව ආසාදන සංඛ්‍යාවක් නැවත වාර්තා කරන නගරය වන්නේ මෙයයි.

නව ආසාධිතයන්  සියළුම දෙනා දේශීය සම්ප්‍රේෂණ වේ. රට පුරා නව අවස්ථා 17 ක් වාර්තා වී ඇති අතර, සති දෙකකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම අවස්ථාව මෙයයි.

පැතිරී යාම මැඩපැවැත්වීම සඳහා වූ සාර්ථක උත්සාහයක් ලෙස වුහාන්හි බලධාරීන්  ගමන් බිමන් සඳහා දැඩි සීමාවන් පනවා තිබේ.

බලධාරීන් පැවසූ පරිදි එහි රෝගය සාර්ථකව පාලනය කර තිබූ අතර මෑත සතිවල දී ඒ අනුව අගුලු දැමීම ලිහිල් වීමට පටන් ගැණිනි.

කෙසේ වෙතත් නැවතත් රෝගය ඉහළ යාමේ අවදානමක් ඇති බැවින් රජය විසින් නැවතත් ආරක්ෂිත ක්‍රියාමාර්ග තර කළ යුතු බව බියට හා කලබලයට පත් වී සිටින එරට සමාජ මාධ්‍ය පරිශීලකයන් රජයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

වෛරසය ආරම්භ වූ  චීනයේ රෝගීන් 82,918 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 4,633 කි.  

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here