හෘදයාබාධ (Heart Attacks) කියන එක අද උණ හෙම්බිරිසාව තරමට සාමාන්‍ය රෝග බවට පත්වෙලා. අවුරුද්දකට ලෝකයේ ජනගහණයෙන් මිලියන 17.9 ක පිරිසක් මියයන්නේ හදවත් ආශ්‍රිත රෝග තත්වයන් නිසා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) දත්ත වාර්තා කරනවා. ඒ අතරිනුත් 80% පමණ සෘජුවම හෘදයාබාධ තත්වයන් නිසා සිදුවන හදිසි මරණ බව කියවෙනවා.

ඒ නිසා අද වෙද්දි බොහෝ දෙනෙක් හෘදයාබාධ වලින් වැළකෙන්න විවිධ දේ කරනවා. ව්‍යායාම කිරීම, ආහාර පාලනය, විවිධ බෙහෙත් භාවිතය වගේ දේවල් වලින් හෘදයාබාධ අවදානම අඩුකරගන්න පුළුවන්. ඒ අතරින් දොඩම් යුෂ(Orange Juice) කියන්නේ හෘදයාබාධ එක්ක සටන් කරලා එයින් ජීවිතයට ඇති අවදානම අවම කරන දිව්‍ය ඖෂධයක් කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද?

දවසට දෙඩම් යුෂ වීදුරු දෙකහමාරක්

නවතම අධ්‍යයනයන්ට අනුව දවසකට පිරිසිදු දොඩම් යුෂ වීදුරු දෙකහමාරක් පමණ පානය කරන්න පුළුවන්නම් ඒ නිසා ශරීරයේ ස්ථූලතාවය අඩුවීම සහ දියවැඩියාව පාලනය කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව සහ ස්ථූලතාවය කියන්නේ හෘදයාබාධවලට බලපාන ප්‍රධානතම හේතු දෙකක්. මේ හේතු පාලනය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමත් අඩුකරගන්න අපිට පුළුවන්.

Journal of Lipid Research හි සඳහන් වෙන ආකාරයට දොඩම් සහ නාරං (මැන්ඩරින්) යුෂ දිගටම පානය කිරීම එක්ක ශරීරයේ කොලෙස්ටරෝල් තත්වය පාලනය වෙනවා. මෙය මුලින්ම මීයන් භාවිතයෙන් සිදුකරපු පරීක්ෂණයක් මගින් තහවුරු කරගන්නේ මීයන්ගේ ස්ථූලතාවය අඩුවීම හරහායි. මෙය මිනිසුන්ටද අදාල බවට පස්සේ කරපු පර්යේෂණ වලින් ඔප්පු වෙනවා. ශරීරයේ අධික බර සහ මේදය අඩුකරගන්න එකට දොඩම් යුෂ සෑහෙන්න සහයක් දෙනවා. 

ඒ වගේම තමයි වෙනත් කුමක් හෝ අසනීපයකට බෙහෙත් බොන ගමන් දොඩම් යුෂ බිව්වා කියලා කිසිම අතුරු ආබාධයක් නෑ. දොඩම් යුෂ කියන්නේ තිත්ත කසාය වගේ නැතිව ඕනම කෙනෙක් කැමැත්තෙන්ම බොන පානයක් නිසා හෘද වස්තුවේ පැවැත්මට එය මහඟු ශක්තියක්. සාමාන්‍යයෙන් දරුවන් කුඩා කාලයේ දොඩම් යුෂ දිනපතා පානය කරන්න දීලා පස්සේ ඒ පුරුද්ද අතහරිනවා වෙනුවට දිනපතා දොඩම් යුෂ වීදුරුවක් හෝ කිහිපයක් පානය කරන පුරුද්ද දිගටම තියාගන්න එකෙන් හෘදයාබාධ අවදානමකින් ජීවිතය කෙලවරවීමේ ඉරණම වෙනස් කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here