කොරෝනා වෛරස තොරතුරු රඳවා තබාගෙන ගෝලීය අනතුරු ඇඟවීම් ප්‍රමාද කරන ලෙස චීනයේ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පෞද්ගලිකව ඉල්ලා ඇතැයි අනාවරණය වී තිබේ.

රෝගය හැසිරවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාව ඇතුළු පාර්ශව කිහිපයකගෙන්ම චෝදනා එල්ල වූ අතර සමහරෙක් එය “චීන ප්‍රචාරක ගිරවුන්” බවට නාමකරණය කළහ.

වසංගතය වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමට වැඩි කාලයක් ගතවීම නිසා සංවිධානයට මෙම චෝදනා එල්ල කරනු ලැබීය. බීජිං හි මුලික ප්‍රකාශයන් පිළිබඳ තොරතුරු නිසි පරිදි සමාජගත කිරීමට සංවිධානය අපොහොසත් වූ අතර වෛරසය මිනිසුන් අතර සම්ප්‍රේෂණය නතර කළ නොහැකි විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරන ලද පිපිරෙන සුළු වාර්තාවක් පෙන්වා දෙන්නේ චීන අගමැති ෂී ජින් පිං පුද්ගලිකව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කාට සිදු කළ බලපෑම මත එවැනි දෙයක් සිදු වූ බවයි.

ෂී සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අතර සංවාදයක් ජනවාරි 21 වන දින සිදු වූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

චීන නායකයා ගෙබ්‍රෙයිසස්ගෙන් ඉල්ලා සිටියේ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ තොරතුරු රඳවා තබාගෙන වසංගත අනතුරු ඇඟවීම ප්‍රමාද කරන ලෙස බව ජර්මනියේ BND බුද්ධි සේවයේ ආරංචි මාර්ග උපුටා දක්වමින්  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වනදා දක්වා කොරෝනා වෛරසය වසංගතයක් ලෙස වර්ගීකරණය කිරීමට කල් මැරුවේ එම බලපෑම මත යැයි කුකුසක් නිර්මාණය වූයේ ඒ අනුවයි. ඒ වන විට තහවුරු වූ රෝගීන් 120,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 4,400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය කෝපාවිෂ්ඨ  ප්‍රතිචාරයක් දක්වමින් මෙම වාර්තා “පදනම් විරහිත හා අසත්‍ය” බව ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ආචාර්ය ටෙඩ්‍රොස් සහ ජනාධිපති ෂී ජනවාරි 21 දා කතා නොකළ අතර ඔවුන් කිසි විටෙකත් දුරකථනයෙන් කතා කර නැති බවයි.

මෙවැනි සාවද්‍ය වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ කොවිඩ් -19 වසංගතය අවසන් කිරීමට ලොව දරන උත්සාහයන්ගෙන් වියුක්තවන්නේ යැයි සංවිධානය පවසයි.

චීනය ජනවාරි 20 වන දින කොරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය කරන බව තහවුරු කළේය.

රැස්කරගත් දත්ත මගින් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වුහාන්හි සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 22 වන දින සංවිධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේය.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here