කොරෝනා වෛරසයෙන් මියගිය මුස්ලිම්වරුන්ගේ ආදාහනය අඛණ්ඩව සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව දැඩි සේ පීඩාවට පත්ව සිටින බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා තිබේ.

ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරමින් හිටපු අමාත්‍යවරයා මෙසේ පෙන්වා දෙයි.

“අතිගරු ජනාධිපතිතුමනි, ආරක්ෂිත කළමනාකරණය සඳහා ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ 2020.03.24 දිනැති අන්තර්වාර මාර්ගෝපදේශයන්ට අනුව ලොව පුරා රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මළවුන් භූමදානය කිරීම හා ආදාහනය කිරීම නිර්දේශ කර තිබේ. මියගිය දහස් ගණනක් දෙනා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල සමූහ මිනී වලවල් වල තැන්පත් කර ඇත. 

එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව හොංකොං යනාදි රටවල ද තත්ත්වය එසේය. නමුත් 2020 අප්‍රේල් 11 වන දින ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාව විසින් COVID 19 මගින් පීඩාවට පත් මුස්ලිම්වරුන් භූමදානය කිරීම තහනම් කර තිබේ.” යනුවෙන් රිෂාඩ් බදියුදීන් මහතා එම අභියාචනයෙහි සඳහන් කරයි.

මුස්ලිම් ආගමික වත්පිළිවෙත් අනුව මියගිය මුස්ලිම්වරයෙකුගේ දේහය බැහැර කිරීම ජීවමාන මුස්ලිම්වරුන්ට පැවරෙන්නකි. සුසාන භූමිය ඉස්ලාමයේ නියම කර ඇති එකම විකල්පයයි. අපගේ මළවුන් ආදාහනය කිරීම තහනම්ය. මළවුන් ස්නානය කිරීමේදී පවා අපි දැඩි සැලකිල්ලක් සහ සංවේදීතාවයක් බලාපොරොත්තු වෙමු.

මුස්ලිම්වරයෙකු මිය ගිය විට ඔහුගේ ඇටකටු කැඩීම ඔහු ජීවත්ව සිටින විට ඒවා බිඳීමට සමානය. එනිසා මියගිය මුස්ලිම්වරයෙකුගේ මෘත දේහය පුළුස්සා දැමීමට අවසර නැත.

විශ්වාසයන්ට හා සම්ප්‍රදායන්ට අනුව මළවුන්ට ගෞරව කිරීම සහ ඔවුන්ගේ ශරීර බැහැර කිරීම යනු මියගිය තැනැත්තාට දිය හැකි අවම ගෞරවයයි. 11/4/2020 ගැසට් නිවේදනය භූමදානය තහනම් කිරීම විද්‍යාත්මකව හා සදාචාරාත්මකව දෝෂ සහිතය. මුළු ලෝකයම භූමදානය කිරීමට අවසර දී ඇති හෙයින් රජය විසින් කරන ලද මෙම වෙනස්කම් කිරීමේ ක්‍රියාවලියට කිසිදු පදනමක් නොමැත.

එබැවින් ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙසත්, භූමදානය අනුමත කරන ලද මාර්ගෝපදේශයක් ලෙසත් අනුමත කරන ලෙස ඉල්ලා සිටින බව එම ලිපියේ දීර්ඝ අන්තර්ගතය අවසානයේ ඉල්ලා සිටී.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here