මේ වෙද්දි මුලු රටම කතා කරන්නෙ පහුගිය වෙසක් පෝය දවසෙ බොහොම අමානුෂික විදිහට වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුන්ඛයා ගැන. CCTV දර්ශන පවා දැන් මාධ්‍යයට නිකුත් වී අවසන්.  මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි මාර්ගයේ පිහිටි නිවසක සුරතලයට ඇතිකළ මේ මැක්ස් නම් සුනඛයා අසල පිහිටි නිවෙස් කිහිපයක බොහොම හුරතලයට හැදි වැඩුනු කාගෙත් මතකයේ රැඳුනු සුරතලෙක්. 

මීගමුවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මාධ්‍යයට මෙන්න මෙහෙම කියලා තිබුනා.

මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල. ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ.

කොහොම උනත් වෙසක් පෝය දවසේ මේ තිරිසන් වැඩේ කරපු තිරිසනා කවුදැයි මේ වෙද්දි මීගමුව පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ශාන්ත අන්තෝනි පාරේ අංක 30 දරන නිවසේ පදිංචි විශ්‍රාමික පොලිස් නිලධරියෙකු වෙත ප්‍රධාන චෝදනාව එල්ල වී ඇති අතර මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක වුඩ්ලර් මහතා යටතේ මෙහි පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලැබූ අතර සවස් භාගය වනවිට දැනගන්නට ලැබී තිබුනේ අදාල ඝාතකයා පොලිසියට කැඳවා ඇති බවය. කෙසේ වෙතත් මීපුර වෙබ් අඩවිය සඳහන් කරන්නේ පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාල සැකකරුවාට ඇප ලැබි ඇති බවයි.  මිට පෙරත්  මෙසේ සැකය එල්ල වි ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරිම් ගණනාවක් ගැන බ්‍රිටෝ මහතා මාධ්‍ය වෙත අදහස් පලකොට තිබුනා. 

කෙසේ වෙතත් මුලු ලංකාවම මේ වෙද්දි කතා කරන්නෙ මේ ගැන. සුන්ඛයෙක්ට තැබූ වෙඩිපහර තව නොබෝ දිනකින් මිනිසෙකු වෙතට එල්ල වීමට හැකියාවක් නැත්තෙ නෑ. අවාසනාවකට අපේ රටේ මේ වගේ සිද්ධීන්ට ක්‍රියාකල හැකි නීති සම්පාදනය වෙලා නැහැ. අනිත් අතට අපි මේ කතා කරන මාතෘකාව ගැන බොහොම අවධානයෙන් බැලුවහොත්, අපේ රටේ අපි කතා කලයුතු මැක්ස් ගැන විතරද?

අපේ රටේ මේ වගේම බොහොම අමානුෂික විදිහට තව කොච්චර නම් අහිංසක සත්තු ඝාතනය කරනවද? මීගමුවේ මේ සිද්ධිය ගැන මිනිස්සු කතා කරන්නෙ CCTV දර්ශන දැකලා හරිවත් නැත්තං ඔලුවට වෙඩිල්ල තිබ්බ හින්දවත් නං, අලිවැටවල් දාලා උගුල් අටවලා හක්කපටස් කන්න දීලා තියන්න පුලුවන් හරිම තැනට වෙඩි තියලා අවුරුද්දකට අපේ රටේ මිනිස්සු මරණ අලි ගැන කවුරුත් කතා කරන්නැත්තෙ ඇයි? අපි දුක් වෙන්න ඕනෙ එක ප්‍රවෘත්තියක් නිසා නෙමෙයි. පිටින් මිනිස්සු වගේ ඇතුලෙන් තිරිසනුන්ටත් අන්ත එවුන් ඉන්න කාලෙක ජීවත්වෙන්න ලැබීම ගැනයි.උන් මේ තියන වෙඩිල්ල කොයි වෙලාවක හරි අපිටත් පත්තු උන දවසක අපිට ඒ දේ තේරුම් යයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here