‘කොවිඞ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් නිපදවීමට ලාමා සතුන්ගේ ප්‍රතිශක්තිය යොදා ගැනීමට හැකි බව බෙල්ජියම්විද්‍යාඥයෝ පිරිසක් පවසති.

ලාමා යනු ඔටුවන්ගේ පවුලට අයත්, ලතින් ඇමෙරිකාවට ආවේණික ක්ෂීරපායී සත්වයෙකි. කිරි, මස් සහ ලොම් පිණිස ලාමා සතුන් ඇති කෙරේ.ද ඔටුවකු වැනි වුවත්, ලාමා ඔටුවාට වඩා වෙනස්ය. ලාමාට මොල්ලියක් නොමැති අතර බෙල්ල දිගය. සෘජුය. ලාමා විශේෂ කීපයක් ලතින් ඇමෙරිකා රටවල දකින්න ලැබේ.

ලාමා සතුන් සිරුරේ ප්‍රතිශක්තිය යොදා ගනිමින් ‘කොවිඞ් 19‘ වයිරසය මර්දනයට එන්නතක් නිර්මාණය කිරීම කෙරෙහි යොමු වී සිටින්නේ බෙල්ජියමේ ‘ගෙන්ත්‘ ජෛව රසායනාගාරයේ විද්‍යාඥයන්ය. දකුණු කැලිෆෝනියාවේ ‘ස්ක්‍රිප්‘ රසායනාගාරයේ විද්‍යාඥයන් ද ලාමා සතුන් යෙදා ගනිමින් පර්යේෂණ සිදු කරන බවත්, කොරෝනා වයිරසවලට උන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිකරණය යොදා ගත හැකි බවත් පෙන්වා දී ඇත.

‘කොවිඞ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය චීනයයි. කොරෝනා යනු ක්ෂීරපායී සතුන් හරහා මිනිසාට ආසාදනය වන වයිරස විශේෂයකි.‘කොවිඞ් 19’ වයිරසයට පෙර ලොව කැලැඹූ කොරෝනා වයිරස වන්නේ ‘සර්ස් සහ ‘මර්ස්’ ය. සර්ස් 2005 වසරේ චීනයෙන් ආරම්භ විය. ‘මර්ස්’ මැදපෙරදිග රටවල් කේන්ද්‍රකොට ගනිමින් පැතිර ගියේ 2012 දීය. ‘මර්ස්’ වයිරසය ඔටුවන්ගෙන් මිනිසුන්ට ආසාදනය වූවකි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here