කොරෝනා වෛරස වසංගතයෙන් බිඳ වැටෙමින් පවතින ආර්ථිකය නංවාලීම සඳහා මිලියන 1.5 ක්වන රජයේ සේවකයින්ගෙන් සිය මාසික වැටුප හෝ හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ඉල්ලා සිටියි.
වෛරසයේ බලපෑම හේතුවෙන් ලාභදායී සංචාරක ව්‍යාපාරය බිඳ වැටී ඇති අතර පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින මොහොතක වෛරසයට මුහුණ දීමට සිදුව තිබේ.
ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය සැපයුම් සපයන කර්මාන්ත හැරුණු විට සියලුම කර්මාන්ත, ප්‍රවාහන හා සාප්පු වසා දමා රජය විසින් මාර්තු 20 වනදා සිට රට පුරා අගුලු දමා ඇත.
රජයේ දෙපාර්තමේන්තු වෙත යවන ලද අභියාචනයක් මගින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහට්ගා “සමාජ වගකීම” යන නාමයෙන් වැටුප අත්හරින ලෙස ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සහ පොලීසිය ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.