කොරෝනා වෛරසය ලිංගිකත්වය හරහා පැතිර යා හැකි අතර පිරිමින්ගේ ශුක්‍ර තරලය තුළ වෛරසය  හඳුනාගෙන ඇති බව නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පිරිමින් 38 දෙනෙකුගේ ශුක්‍රාණු සාම්පල චීනයේ පර්යේෂකයන් විසින් විශ්ලේෂණය කරන ලදී. සමහරුන් සුවය ලබා ඇති අතර තවත් සමහරුන්ට රෝගය බෝ වී ඇත.

හයදෙනෙකුගෙන් එක් අයෙකුගේ ශුක්‍ර තරලයේ කොරෝනා වෛරසයේ අංශු මාත්‍රයක් තිබී ඇත.

සිකා සහ ඉබෝලා වැනි වෛරස ද ශුක්‍රාණු සාම්පලවල ඇති බැවින් මෙම සොයා ගැනීම පුදුමයට කරුණක් නොවන බව පවසන ඉහළ බෝවන රෝග විශේෂඥයින් මෙම නව හෙළිකිරීම් පිළිගෙන තිබේ.

චීන අධ්‍යයනය මගින් වෛරසය ලිංගිකත්වය හරහා සම්ප්‍රේෂණය කළ හැකි බව සනාථ කර නැත. නමුත් එමඟින් එය සිදුවිය හැකි බවට යෝජනා කරන්නේය. ආසාධනය වූ විට සහ සුවය ලැබීමේදී ලිංගික ඇසුරෙන් වැළකී සිටීම ඥානවන් තීරණයක් විය හැකි බවට අනතුරු ඇඟවීමට ද නව පර්යෙෂණය පෙළඹවීම් කරයි.

මේ වන විට කොවිඩ්-19 රෝගීන් මිලියන 3.7 ක් ගෝලීයව වාර්තා වී ඇත. 

නමුත් එම සංඛ්‍යාව සත්‍යයේ ඉතා සුළු කොටසක් පමණි. මන්දයත් මෘදු රෝගවලින් පීඩා විඳි සහ පරීක්ෂාවට ලක් නොවී නිවසේ සිටම සුවය ලැබූ මිලියන ගණනක් එයට ඇතුළත් නොවන බැවිනි.

නැන්ජිං විශ්ව විද්‍යාලයට අනුබද්ධ සුෂෝ රෝහලේ මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥයින්ගේ මතය වන්නේ කොරෝනා  වෛරසය වෘෂණ කෝෂ වලට ද හානි කළ හැකි බවයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here