සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත චීනයේ ශාරිරික අධ්‍යයන පාඩම් වලට සහභාගී වෙමින් සිටි පාසල් ළමුන් දෙදෙනෙකු හදිසි හෘදයාබාධ වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ. 

චීන නගර දෙකක සිසුන් මෙසේ මියගොස් ඇති අතර දෙදෙනාම ඔවුන්ගේ පාසල් ධාවන පථයේ දී හදිසියේම බිම වැටී ඇත අප්‍රේල් 24 සහ අප්‍රේල් 30 යන දිනවල සිසුන් මිය ගිය බව ප්‍රකාශ විය.

මාස තුනක පාසල් එක දිගට වසා දැමීමෙන් පසු සිසුන්ගේ යෝග්‍යතාවය පිළිබඳ ගැටලු මතු වී ඇති බැවින් චීන අධ්‍යාපන බලධාරීන් මෙම වාරය සඳහා ධාවන පරීක්ෂණ අවලංගු කර ඇත.

මිය ගිය සිසුන් දෙදෙනාම මිය යන අවස්ථාවේ මුහුණු ආවරණ පැළඳ සිට ඇති අතර මුහුණු ආවරණ පැළඳ දිවීමේ දී ඔක්සිජන් ඌනතාවයක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි විවිධ මත පළ වෙමින් තිබේ. මුහුණු ආවරණ පැළඳ දිවීම ඉතාම අසීරු දෙයක් නමුත් මෙම මරණසඳහා එකම හේතුව එය බව චීන විද්වතුන් ප්‍රතික්ෂේප කර තිබේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here