කොරෝනා වෛරසය පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ප්‍රමුඛ පෙළේ කොරෝනා වෛරස පර්යේෂකයෙකු ඝාතනය කර ඇති අතර ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා සිය දිවි හානිකරගෙන තිබේ.

මියගිය වෛද්‍ය බිං ලියුගේ වයස අවුරුදු 37 කි. පසු ගිය සෙනසුරාදා ඔහුගේ පෙන්සිල්වේනියා නිවසේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර තවත් අයෙකු හිසට සිදුවූ බරපතල තුවාල සහිතව මියගොස් සිටි බව පොලිසිය පවසයි.

46 හැවිරිදි හාවෝ ගුගේ එසේ මියගොස් සිටි අනෙක් පුද්ගලයා වේ. මළ සිරුර රොස් ටවුන්ෂිප්  අසල පිහිටි මෝටර් රථයක තිබී සොයා ගත් බව ජනතාව පවසති.

ගුගේ මිය ගියේ ස්වයං වෙඩි පහරකින් බව පොලිසිය විශ්වාස කරයි. එමෙන්ම ඔවුන් එකිනෙකා හඳුනන බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

“සති අන්තය පුරාම සිදුකළ ගවේෂණාත්මක පරීක්ෂණ ඔස්සේ, මෝටර් රථයේ මියගොස් සිටි පුද්ගලයා තම මෝටර් රථය වෙත ආපසු ගොස් සිය දිවි නසා ගැනීමට පෙර නිවසේ සිටි වෛද්‍යවරයාට වෙඩි තබා ඝාතනය කළ බවට පොලිසිය විශ්වාසය පළ කරයි.  මෙම ඝාතනය ලියූගේ රැකියාව හෝ ඔහුගේ පර්යෙෂණ සමඟ සම්බන්ධතාවක් ඇති බවට විශ්වාස කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නැතැයි රහස් පරීක්ෂක බ්‍රයන් කොල්හෙප් පවසා තිබේ. 

වෙඩි තැබීමට පෙර  අගුළු නොදැමූ දොරෙන් වෛද්‍ය ලියුගේ නිවසට ඇතුළු වූ ගුගේ විසින් වෛද්‍යවරයාගේ හිසට, බෙල්ලට හා සිරුරට පහර දුන් බව විශ්වාස කෙරේ.

පශ්චාත් පරීක්ෂණ අනුව, ඝාතනය සිදු වූ අවස්ථාවේ වෛද්‍යවරයාගේ බිරිඳ නිවසේ සිට නැත.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here