කොරෝනා වෛරසය සඳහා බලාපොරොත්තු සහගතව එන්නත් 100 කට අධික ප්‍රමාණයක් මේ වන විට පූර්ව සායනික අත්හදා බැලීම්වලට භාජනය කර තිබේ. ඉන් කිහිපයක් මේ වන විට මිනිස් අත්හදා බැලීමේ අදියරට ද අවතීර්ණ වී ඇති සිටියි.

නමුත් HIV හෝ ඩෙංගු රෝග සඳහා ද වසර ගණනාවක පර්යෙෂණ ඔස්සේ ද එන්නතක් සොයා ගැනීමට නොහැකි වීඇති අතර කොවිඩ්-19 සඳහා එන්නතක් කිසි දිනක දැක ගැනීමට නොහැකි වීමට ද ඉඩ ඇතැයි ප්‍රමුඛ විශේෂඥයන් පිරිසක් අනතුරු අඟවා තිබේ. 

“අපට තවමත් එන්නත් නොමැති සමහර වෛරස් ගණනාවක්  තිබේ. එමෙන්ම ඒ පිළිබඳ සියලු පර්යේෂණ සාර්ථක වේදැයි කිව නොහැකියි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නබාරෝ විසින් ප්‍රකාශ  කරනු ලැබීය.

දශක හතරකට ආසන්න කාලයක් සහ මරණ මිලියන 32 කට පසුවත්, ලෝකය තවමත් එච්.අයි.වී එන්නතක් බලාපොරොත්තුවෙන් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට 400,000 කට පමණ ආසාදනය වන ඩෙංගු උණ සඳහා එන්නතක් සොයා ගැනීම දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයින්ට මඟ හැරී ගොසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, තරඟයේ අපේක්ෂකයින්ගේ එන්නත් 102 කින්, ප්‍රමුඛ පෙළේ එන්නත් අටක් මානව පරීක්ෂණ අවධියේ පවතී. කෙසේ වෙතත්, කිසිවක් පිළිබඳ තවමත් සියයට සියයක් විශ්වාස නැත.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here