ගත වූ පැය 24 තුළ රුසියාවෙන් වාර්තාගත කොරෝනා වෛරස ආසාධිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඒ අනුව රුසියාව දිනක දී වාර්තා කර ඇති රෝගීන් ගණන 11,231 ක් බව එරට කොවිඩ් -19 ප්‍රතිචාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රුසියාවෙන් මේ වන විට කොරෝනා රෝගීන් 177,160 ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 1,625 ක් වාර්තා වී තිබේ.

සියානු රජය මැයි 12 වනදා දක්වා රට පුරා අගුලු දැමීමේ පියවරයන් ක්‍රියාත්මක කර ඇති අතර ජනාධිපති ව්ලැදිමීර් පුටින් බදාදා කියා සිටියේ එම පියවර රටේ සමහර ප්‍රදේශවල ව්‍යාප්ත කර ශක්තිමත් කළ හැකි බවයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here