රාජගිරිය, කොලොන්නාව සහ මහනුවර කොලබිස්ස සහ තවත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් 138 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මහනුවර කොලබිස්සාවේ 67 ක්, රාජගිරියේ බණ්ඩාරනායකපුරෙන් 29 ක්, කොලොන්නාව 27 ක් නිරෝධායනය සඳහා යවා ඇති අතර, මෙම එක් එක් ප්‍රදේශ තුනෙන් කොවිඩ්-19  ධනාත්මක සිදුවීම් අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශවලින් වාර්තා වූ රෝගීන්ට රෝගය වැළඳුණු මුල් අවස්ථාවමෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් අද (06) දිනයේ ද පරීක්ෂණ සිදු කරන බව යුධහමුදාපතිවරයා පැවසුවේය.

ත්‍රිවිධ හමුදාව විසින් නඩත්තු කරන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 4, 883 ක් නිරෝධායනය සඳහා යොදවා ඇත.

ත්‍රිවිධ හමුදාවෙන් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 47 දෙනෙකු අද පිටව ගොස් ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය. මේ වන විට දිවයිනේ 5,089 දෙනෙකු නිරෝධායන ක්‍රියා පටිපාටිය සම්පූර්ණ කර තිබේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here