සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ නිර්ණායක යටතේ රූපලාවන්‍යාගාර සහ බාබර් සාප්පු යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථානවල අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් මාලාවක් නිවේදනය කර ඇත. සමාජ දුරස්ථභාවයේ නියමයන්ට අනුකූලව කොණ්ඩා කැපීම වැනි අත්‍යාවශ්‍යම දේ පමණක් සිදුකරන ලෙස රූපලාවණ්‍ය ශිල්පීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම රූපලාවන්‍යාගාර සහ බාබර් සාප්පු අධීක්ෂණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට පවරනු ලැබ තිබේ.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් අතර ඇති වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.
Suggestions