පිලිපීන බන්ධනාගාරවලට කොරෝනා වෛරසය පහර දීම ආරම්භ කිරීමත් සමඟ අග්නිදිග ආසියානු කලාපයේ වෛරසයේ කේන්ද්‍රස්ථානය සිරගෙවල් බවට පත් වීමේ නිමිති පහළ වී තිබේ. ලෝකයේ ජනාකීර්ණම බන්ධනාගාර පවතින රටක් ලෙස මෙහි භයානකත්වය දෙගුණ තෙගුණ වනු ඇත.
පිලිපීනයේ බන්ධනාගාරවලින් කොවිඩ්-19 රෝගීන් 300 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් සනාථ වී තිබේ. බොහෝමයක් වාර්තා වී ඇත්තේ දකුණු පිලිපීනයේ සෙබුහි රැඳවුම් කඳවුරුවලිනි. අවම වශයෙන් රැඳවියන් සිව් දෙනෙකු මේ වන විටත් වෛරසයෙන් මියගොස් ඇති අතර බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් සහ සේවකයින් ද දුසිම් ගණනින් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත.
රටේ රැඳවුම් කඳවුරුවල කොවිඩ්-19 පැතිරීම නැවැත්වීමේ උත්සාහයක් ලෙස රැඳවියන් 10,000 ක් පමණ නිදහස් කරන බව සෙනසුරාදා ශ්‍රේෂ්ධිකරණ විනිසුරු මාරියෝ වික්ටර් ලියනන් මාධ්‍ය වෙත පැවසීය.
ඇප ලබා ගත නොහැකි නිසා නඩු විභාගයට පෙර රඳවා සිටින අයව මෙන්ම ඇතැම් වයස්ගත සහ රෝගී සිරකරුවන් සහ මාස හයක් හෝ ඊට අඩු සිර දඬුවමක් නියම කළ අය නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව රැඳවියන් නිදහස් කරන ලදී.
බන්ධනාගාර කළමනාකරණ හා දණ්ඩන කාර්යාංශය අනුව බන්ධනාගාර තදබදය සියයට 534 කි. ගෝලීය දත්ත වලට අනුව පුද්ගලයින් 215,000 ක් 41,000 ක් පමණ වාසය කිරීමට පහසුකම් ඇත. ඔවුන්ගෙන් හතරෙන් තුනක් පමණ නඩු විභාග බලාපොරොත්තුවෙන් සිටින අයයි.
61 හැවිරිදි රැඳවියෙක් දුරකථනයෙන් අල් ජසීරා වෙත පැවසුවේ “අපි මෙතන මැරෙන්න බලාගෙන ඉන්නවා. අපි අසරණයි අපි වෛරසය එනකම් බලාගෙන ඉන්නවා වගේ”යනුවෙනි. පසුබිමේ තවත් රැඳවියෙකු කසින හඬ ඇසුණු බව අල්ජසීරා වාර්තා කරයි.