අතුරුදහන් වී දින 20 කට පසු උතුරු කොරියානු නායකයා ප්යොංයැං අගනුවරට උතුරින් පිහිටි සන්චොන් පොස්පේටික් පොහොර කම්හල විවෘත කිරීමට පැමිණ සිටි අතර ඔහුගේ න්‍යෂ්ටික මිසයිල ව්‍යාපෘතීන් පිළිබඳ නැවතත් ලෝක ප්‍රජාව තුළ එමඟින් බියක් අවුළුවමින් සිටී.

කර්මාන්ත ශාලා භූමිය න්‍යෂ්ඨික මිසයිල වැඩසටහන් සඳහා යොදාගත හැකි බවට නිරීක්ෂකයින් මත දැක්වීම් සිදු කරතිබේ.

අහිංසක පෙනුමක් සහිත පොහොර කම්හල න්‍යෂ්ටික අවි නිර්මාණය සඳහා අවශ්‍ය යුරේනියම් නිෂ්පාදනය කිරීමට බව Bloomberg වාර්තා ද පෙන්වා දී ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන සහ පොහොර සඳහා භාවිත කරනු ලබන පොස්පෙරික් අම්ලයෙන් යුරේනියම් නිෂ්පාදනය කිරීමට මෙම බලාගාරයෙන් අවස්ථාව ලබා දෙන බව මිඩ්ල්බරි ජ්‍යාත්‍යන්තර අධ්‍යනය ආයතනයේ මාග්‍රට් ක්‍රෝයි මීට ඉහත දී ප්‍රකාශ කළාය.

පොහොර කර්මාන්ත ශාලාව තම න්‍යෂ්ටික අභිලාෂයන් ලෝකයෙන් වසන් කිරීමට කදිම උපක්‍රමයකි. කිම් මීට පෙර 2017 වසරේ දී පොහොර කර්මාන්ත ශාලාව නැරඹීමට ගිය අවස්ථාවේ චන්ද්‍රිකා ඡායාරූප හා සසැඳීමේදී කර්මාන්ත ශාලාව මේ වන විට විශාල ලෙස සංවර්ධනය කර ඇති බවට සාක්ෂි සපයයි.

එමෙන්ම  පසුගිය වසර තුනක කාලය තුළ මෙම බලාගාරය උතුරු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප වතාවක්ම නිරීක්ෂණය කර ඇත.

කෙසේ වෙතත්, කිම් “බෝම්බ කම්හලක්” නිර්මාණය කළ ද එය විශාල පුදුමයක් නොවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රොකට් මෑන් ලෙස ඔහු හැඳින්වීමට හේතුව වන්නේ අවි ආයුධ කෙරෙහි ඔහුට ඇති ඇල්ම හේතුවෙනි.

2017 දී නිල සංඛ්‍යාලේඛනවලින් පෙනී ගියේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථා 75න් භාගයක්ම හමුදා ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවයි.

කිම්ගේ පාලන සමයේදී ඔහුගේ ආයුධ විශේෂඥයින් විසින් හයිඩ්‍රජන් බෝම්බයක් සහ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් ද නිර්මාණය කිරීමට ද සමත් විය.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here