මේ මිහිමත පවතින මිනිස් සෞඛ්‍යට වඩාත්ම හිතකර වන තෙල් වර්ගයක් ලෙසටයි, පෝෂණවේදීන් ඔලිව් තෙල් හදුන්වන්නේ. එදිනෙදා ආහාර පිසීම සදහා හෝ ඍජු පරිබෝජනය සදහා ඔලිව් තෙල් භාවිතා කිරීමට හැකි නම් අනාගතයේ ඇති විය හැකි දරුණු රෝග රැසකින් ඔබට ආරක්ෂා වී සිටීමට හැකියාව ලැබෙනවා.

ගුණ සමුදායකින් යුත් ඔලිව් තෙල් භාවිතයෙන්, ඔබට බොහෝ වාසි ලැබේ. මේ එබඳු වාසි කිහිපයක් පිළිබඳ තතු ය.

ඔලිව් තෙල් කෙස්වල මනා සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට උපකාර වේ. මේ නිසා ,කෙස් කැඩී යාම් වළකී. එමෙන් ම , හිස කෙස් පෝෂණය වනවා සහ වියළී යාමෙන් ද වළකී.

ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්නා පුද්ගලයන්ගේ හදවත් රෝග, දියවැඩියාව, පිළිකා හා ඇදුම වැළඳීමට ඇති අවදානම ඉතා අඩු බව සොයාගෙන තිබේ.

සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරමින්, හිතකර කොලෙස්ටරෝල් වැඩි කිරීමට ඔලිව් තෙල්වලට ඇත්තේ පුදුම හැකියාවකි.

බොහෝ තෙල් වර්ග ශරීරයට අහිතකර නිසාම, බොහාමයක් ලෙඩරෝගවලදී තෙල් ආහාරවලින් වළකින ලෙස කියා සිටියත්, ඔලිව් තෙල් ඒ වෙනුවට හොඳ ම ආදේශකයක් ලෙස යොදා ගැනීමට පුළුවනි.

පිරිසුදු කළ ඔලිව් තෙල්වලට වඩා, පිරිසුදු නොකළ ඔලිව් තෙල් ගුණයෙන් ඉහළ ය. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය, බඩවැල් ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා ගණනාවකට ආරක්ෂාව සලසයි.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වගේම, හෘද රෝග අවදානම අඩු කිරීමට, ඔලිව් තෙල්වලට හැකියාව ඇත. ඇදුම, ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්ව පාලනය කිරීමට මෙන් ම, ඔස්ටියෝපොරෝසීස් අවදානම අඩු කිරීමටත්, ඔලිව් තෙල්වල අඩංගු සංයෝගවලට හැකි බව, පර්යේෂණ මඟින් ඔප්පු වී තිබේ.

ඔලිව් තෙල් යනු, ඉතා පහසුවෙන් ජීර්ණය වන තෙල් වර්ගයකි. මේ නිසා, ඔලිව් තෙල්වලින් පිසගත් ආහාර ගැනීමෙන්, බඩ පුරවා දැමීම වැනි අපහසු තත්ත්ව ඇතිවන්නේ නැත. ඒ නිසා, පොල් තෙල්, එළවළු තෙල් වෙනුවට, ආහාර සඳහා ඔලිව් තෙල් යොදා ගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ.

උපදෙස් – ආහාර හා පෝෂණ

වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here