වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට ලැබුණූ ප්‍රතිචාරය..

කොරෝනා වෛරසය හා සටනට ආරක්ෂක උපකරණ හා ඇඳුම් හිඟවීම හේතු කොටගෙන ජර්මනියේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය පළ කරන්නට අපූරු ක්‍රමවේදයක් භාවිතා කර තිබෙනවා.  

ඒ නිරුවත් සෙල්ෆි ඡායාරූප නිකුත් කරමිනුයි.

ඔවුන් පවසන්නේ, මාස කිහිපයක් තිස්සේ කළ ඉල්ලීම්වලට බලධාරින් ඇහුම්කන් නොදුන් බවයි.   මෙම ඡායාරූපවල ඔවුන් තමන් වෛද්‍යවරුන් බව හැඟවීම සඳහා වෙදනලා, මුහුණු ආවරණ යොදාගෙන ඇති අයුරු දැකගන්නට ලැබුණා.

  ඔවුන් පැවසුවේ,   “නිරුවත කියන්නේ අපි කොපමණ අවදානමක සිටිනවාද යන්න ඇඟවීමට හොඳ සංකේතයක්..” බවයි.  

මෙම වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දැන් දැන් තමන්ට මෙහි දරුණු ප්‍රතිවිපාක විඳින්නට සිදු වේවි යන්නයි.   උපකරණ නිපදවන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනය කරන ප්‍රමාණ වැඩි කළ නමුත් තවමත් ඉල්ලීම් සපුරා දී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.  

මිරර් පුවත්පත පවසන්නේ, මුහුනු ආවරණ‍, කණ්ණාඩි, ඇඳුම් ආයිත්තම් හා රැකවරණ සඳහා වන නිවාස, වෛද්‍යවරුන්ගේ මෙම ඉල්ලීම් අතර තිබෙන බවයි.  

Dailymail ඇසුරිනි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here