කෙනෙකුගේ යටි සිත ඔවුන් ගැන බොහෝ දේවල් පවසනවා. යටිසිතේ තමාගේ රහස් ආශාවන් සහ තමා ගේ සිතට කරදරකාරී වන දේවල් රඳවාගෙන සිටිනවා. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි අපගේ යටි සිතේ සිතිවිලිවලට බලපෑම් කිරීමට අපගේ වටපිටාව සමත් වෙනවා. සිතන්න ඔබ සිටින්නේ කුඩා ගබඩා කාමරයක කියා. අප එවන් රුපයක් ඔබ‍ට පෙන්වනවා. එහි ඇති ඔබගේ ඇස ඉක්මනින්ම ගැටුණු හෝ ඔබ එතැන තිබෙනවාට අකමැති එතනින් ඉවත් කිරීමට කැමති යමක් තිබෙනවා නම් එයින් ඔබ ගැන අපට පැවසිය හැකියි. බලන්න පහත ඒවායෙන් ඔබගේ ඇස ගැටුනේ කුමක්ද කියා.

01. ඔන්චිල්ලාව.ඔන්චිල්ලාව සංවේදී ක්‍රීඩා සහ ආශාවන් සංකේතවත් කරනවා. එයින් අදහස් කරන්නේ ඔබට යම් තද ආශාවක් හෝ ඇබ්බැහි වීමක් ඇති බවයි.

02. බෝනික්කා.කුඩා අවදියට ඔබේ ඇති ආශාව මින් සංකේතවත් කරනවා. වැඩිහිටියකු ලෙස වර්ධනය නොවී කුඩා දරුවෙකු සේ ජීවත්වීමට ඔබ තවමත් කැමැතියි. ඒ වගේම ඔබ ඔබගේ වයසට වඩා තරුණ පෙනුමක් පිටතට පෙන්වීමට උත්සාහ කරනවා.

03. විවෘත තීන්ත බාල්දිය.විවෘත තීන්ත බාල්දියෙන් ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති ආශාවත්, ඔබගේ අදහස් අන් අයට ඔප්පු කිරීමට ඇති උනන්දුවක් පෙන්නුම් කරනවා.

04. වැසුණු තීන්ත බාල්දිය.සංවෘත තීන්ත බාල්දිය මඟින් ඔබ අවට සිටින අයගෙන් සැඟවීමට උත්සාහ කරන ආක්‍රමණශීලී ස්වභාවයක්, කාංසාව සහ අනාරක්ෂිත බව සංකේතවත් කරනවා. ඔබ සමාජයෙන් වෙන්වීමට උත්සාහ කිරීම තමයි අනෙක් පුද්ගලයින් සමඟ ඇති ඔබේ ගැටලුවලට හේතුව.

05. බයිසිකලය.බයිසිකලය නිරූපණය කරන්නේ ඔබේ අභ්‍යන්තර සමබරතාවය සහ ඔබේ පරිසරය, නව සාරධර්ම සහ වෙනස්වීම් ලුහුබැඳීම ඇතුළු නව දෙයක් ගවේෂණය කිරීමට ඇති ආශාවයි.

06. ඇපල් කූඩය.ඇපල් කූඩය ඔබගේ ගැඹුරු දැනුමත්, බුද්ධියත්, පෞද්ගලික අරමුණු කර සාර්ථකව ලඟා වීමේ හැකියාව හා සතුට නිරූපනය කෙරෙනවා.

07. ඇණ.ඇණ නියෝජනය කරන්නේ තමා සහ අනෙක් පුද්ගලයින් කෙරෙහි සිදුකරන හිංසන සහ කුරිරුකම්ය. මෙය ගැටළු සහගත චිත්තවේගීය තත්වයක සහ වෙනස් වූ විඤ්ඤාණයේ සංකේතයකි.

08. හිස් ආවරණය.හෙල්මටය යනු ධෛර්යයේ සහ රණශූරත්වයේ සංකේතයකි. තවද එය සංකේතවත් කරන්නේ ආවේගශීලීභාවය සහ යමක් පිළිබඳව තීරණයක් ගැනීමට ඇති නොහැකියාවයි.

09. පොත්.පොත් වලින් පෙන්වන්නේ ඔබට දැනුමට ඇති පිපාසයයි. නමුත් ඒවා තිබෙන්නේ ගබඩා කාමරයක නිසා ඔබ ජීවිතයේ අතරමංව තවමත් එහි අරුත සොයමින් සිටින කෙනෙක් විය හැකියි.

10. මිටිය.මිටිය කුරිරුකමේ සහ යම් යම් දේවල් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ස්වභාවය පෙන්වනවා. ඇතැම්විට ඔබගේ අභ්‍යන්තරයේ ඇති ස්වයං ගැටුම් පිළිබඳ මෙය නිරූපණය කරනවා.

11. වෙස් මුහුණු.වෙස්මුහුණු මගින් ධනාත්මක හෝ ඍණාත්මක හැඟීම් නිරූපණය කෙරෙනවා. බොහෝවිට ඒවා අප තුළ අන් අය කෙරෙහි ඇති ආකල්ප පෙන්නුම් කරනවා.

12. චිත්‍රය.චිත්‍රය මගින් මානසික ස්ථාවරත්වය සහ මානසික පැහැදිලි බව නිරූපණය කෙරෙනවා.

13. රෝදය.රෝදය සංකේතවත් කරන්නේ පරිසරය හා සමීප මිනිසුන් අතර සන්ධානයකි. කෙසේ වෙතත්, එය ඔබ රවුමක සැරිසරන බවට ලකුණක් විය හැකි අතර ඔබේ ජීවිතයේ කිසිවක් වෙනස් කිරීමට ඔබ‍ට අවශ්‍ය නැති බවත් පෙන්වනවා.

15. සොසේජස්.සොසේජස් ඔබගේ කායික සෞඛ්‍ය හා සම්බන්ධ වෙනවා. බොහෝවිට සිරුරේ සැඟවුණු ලෙඩරෝග ඇති අය රූපයෙන් සොසේජස් තෝරාගන්නවා.

16. වා කවුළුව.ඔබ මෙම අයිතමය තෝරා ගත්තේ නම්, ඔබ බොහෝ දුරට හුදෙකලා විය හැකිය. වා කවුළු කාංසාව සහ මානසික අවපීඩනයේ සංකේතයක් විය හැකිය.

17. ඉනිමග.ඉණිමඟ සංකේතවත් කරන්නේ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති ඔබේ ආශාව සහ ඔබ ඒ සඳහා දරන උත්සාහයයි. ඔබේ සිහින පසුපස හඹා යද්දී ඔබ මුහුණ දෙන බාධක පෙන්නුම් කරන්නේ ඉනිමගේ පහල ඇති බිඳුණු පඩි මගිනි.

18. පෙට්ටි.පෙට්ටි සංකේතවත් කරන්නේ ඔබගේ පෞරුෂයයි. ඔබ අන් අයගෙන් යමක් සැඟවීම එයින් සංකේතවත් කරනවා. ඔබ අන් අයගෙන් එසේ සඟවන්නේ කුමක්දැයි ඔබ හොඳින්ම දන්නවා.

19. කොස්ස.ඔබ ආදරය කරන පුද්ගලයා සමඟ වඩාත් සමීප හා ආදරණිය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඔබේ ආශාව කොස්සෙන් පෙන්නුම් කරයි.

20. කැඩුණු පුටුව.ඔබ කැඩුණු පුටුව තෝරා ගත්තා නම් එයින් අදහස් වන්නේ ඔබ ආතතියෙන්, වෙහෙසෙන් සහ අස්ථාවරත්වයෙන් පෙළෙන නිසා ඔබට විවේකයක් අවශ්‍ය බවයි.

21. කැඩුණු කන්නාඩිය.කැඩපත සංකේතවත් කරන්නේ අප අපවම දකින ආකාරයයි. නමුත් එය බිඳී ඇති හෙයින්, එය ඔබගේ ආත්මය ඉරා දැමූ අභ්‍යන්තර අරගලයක ලකුණක් විය හැකිය. ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට ගැන ඔබ ගැන නරක හැඟීමක් ඇති වේ.

22. අඬුව.මෙය පීඩනයේ සංකේතයකි. ඔබට තේරීමක් කිරීමට සහ වැදගත් තීරණයක් ගැනීමට බල කෙරෙනවා.

ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල කෙසේ වුවත් , ඔබට සැමවිටම ඔබේ චිත්තවේගීය තත්වය වඩාත් ධනාත්මක දෘෂ්ටියකට වෙනස් කළ හැකිය. ඔබේ ජීවිතය වඩාත් වර්ණවත් කිරීමට උත්සාහ කරන්න, ඔබේ චර්යාව වෙනස් කරන්න, හෝ නිවාඩුවක් ගත කරන්න. ඔබට එය තනිවම කළ නොහැකි යැයි ඔබට හැඟේ නම්, වෘත්තීය සහාය ලබා ගන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here