කිම් ජොන් උන්ගේ සෞඛ්‍යයේ අභිරහසට තවමත් පැහැදිලි පිළිතුරක් නොමැත.

උතුරු කොරියානු ආඥාදායකයා වෙනත් රජයන්ගේ නියෝජිතයින්ට පණිවිඩ යවා ඇති බවක් පෙනෙන්නට තිබුණ ද ඔහු අප්‍රේල් 11 සිට ප්‍රසිද්ධියේ දැක නැත.

කොරියාවෙන් ඉවත්ව දකුණු කොරියාව සමඟ කටයුතු කරන සාමාජිකයෙකු කිම් ජොන් උන් මියගොස් ඇති බව “99% ක් විශ්වාසයි” කියා පවසන්නේ එවැනි තත්ත්වයක දී ය.

ජි සියොං-හෝ නැමති ඔහු 2004 දී උතුරු කොරියාවෙන් ඉවත් විය. එතැන් පටන් ඔහු දකුණු කොරියාවේ ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස තේරී පත් වූ අතර උතුරු කොරියාවෙන් ඉවත් වූ අනෙකුත් අයට ද උදව් කිරීමට කටයුතු කරන්නෙකි.

කිම් අපේ‍්‍රල් 11 දිනට පසු දින හෘද සැත්කමකට භාජනය කළ බව ඔහු සිය නිශ්චිත මූලාශ්‍රය හෙළි නොකර කියා සිටී.

එය 100% ක් නිශ්චිත නැති නමුත් 99% ක් එය සිදු වී ඇති බව කිව හැකි යැයි ඔහු පවසා ඇත. 

උතුරු කොරියාව සංකීර්ණ අනුප්‍රාප්තික ගැටලුවක් සමඟ පොරබදමින් සිටින බව ඔහු විශ්වාස කරයි.

නායකත්ව අනුප්‍රාප්තිකයා වන කිම්ගේ සහෝදරිය කිම් යෝ-ජොං (32) සමඟ සති අන්තයේ ප්යොංයැං (Pyongyang)ජොන් හි සිට නිවේදනයක් නිකුත් වනු ඇතැයි ඔහු පුරෝකථනය කරයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here