කොරෝනා වෛරස වසංගත මධ්‍යයේ වෙළඳසැල්වල තදබදය අඩු කර ගැනීම සඳහා නිලධාරීන් අරගලයක නියුතු මොහොතක සාප්පු සවාරියේදී කාන්තාවන්ට වඩා අඩු කාලයක් ගන්නා පිරිමි පක්ෂය ඒ සඳහා යෙදවිය යුතුයැයි ජපානයේ ඔසාකා නගරයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.   

කොරෝනා වසංගත මධ්‍යයේ එරට පුරා නව සීමාවන් රාශියක් පැනවී ඇත.ඔසාකා නගරාධිපති ඉචිරෝ මට්සුයි (Ichiro Matsui) පැවසුවේ පිරිමින් සිල්ලර වෙළඳසැල්වල අඩුකාලයක් ගත කරන බැවින් වෛරසය පැතිර යාමේ හැකියාව අඩු බවයි. විවිධ නිෂ්පාදන අතර වඩාත්ම සුදුසු විකල්පය තෝරා ගැනීම සඳහා කාන්තාවන් සාප්පු සවාරියේ දී වැඩි කාලයක් ගත කරයි.

පිරිමින් තමන්ට මිලදී ගැනීමට පැවසූ දේ ඉක්මණින් රැගෙන ඒමට උත්සාහ කරයි. එවිට ඔවුන් වැඩි කාලයක් සාප්පු සංකීර්ණ තුල රැඳී නොසිටින බැවින් වෛරසයේ පැතිරීම කෙරෙහි ද අඩු බලපෑමක් කරන බව ඔසාකා නගරාධිපතිවරයා පෙන්වා දී තිබේ.

 මෑත සතිවල දී ජපානයේ තහවුරු කරන ලද වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. සිකුරාදා වන විට ජපානයේ මරණ 1330 ක් ඇතුළුව තහවුරු වූ රෝගීන් 13,100 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මාර්තු 1 වන දින ජපානය වාර්තා කර ඇත්තේ රෝගීන් 243 ක් පමණි.                

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here