ලොව පුරා විසිරී පැතිරී සිටින, බිලියන 2කට වඩා වැඩි, ෆේස්බුක් භාවිතකරන්නන් අතර මේ වනවිට උන්මාදයක් වී පවතින්නේ ෆේස්බුක් කෙයාර් ඉමෝජියයි. ෆේස්බුක් සහ ෆේස්බුක් ලයිට් සඳහා රතු පැහැති හාට් එකක් වැළැඳගන්නා ඉතා හුරුබුහුටි නව ඉමෝජියක් සහ මැසෙන්ජර් සේවාව හරහා ඔබට react කල හැකි නවතම හාට් හැඩැති ඉමෝජියකුත් අලුතින්ම ෆේස්බුක් සමාගම පසුගියදා හඳුන්වා දුන්නා ඒ අප්‍රේල් මස 17 වන දිනයි. මේ වනවිටත් ලොව බොහෝ දුරකථන සන්නාම සඳහා යාවත්කාලීන කර ඇති මෙම සංස්කරණය මේ වනවිට ඉතාම වේගයේන් ෆේස්බුක් භාවිතකරන්නන් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා.

වෙනදා ඔබ කවුරුන් හෝ වෙනුවෙන් හෝ කාගෙ හෝ පෝස්ට් එකක් සඳහා React කිරීමට භාවිත කල සුපුරුදු ඉමෝජි 6ට අමතරව 7වන ඉමෝජිය ලෙස මේ අලුත්ම ඉමෝජිය දැන් ඔබට අත්විදිය හැකියි. ඔබ මැසෙන්ජර් භාවිත කරනවානං සුපුරුදු පරිදි ඔබේ පණිවුඩ සඳහා REACT කිරීම්ට භාවිත කල ඉමෝජි අතර නවතම හාට් හැඩයේ ඉමෝජිය දැන් ඔබට අලුතින්ම ඔබේ ඉමෝජි තීරුවේ බලාගන්නට හැකියාව ලැබේවි.

ලොව පුරා මිලියන ගණනින් පීඩා විඳින නව කොරෝනා වසංඟතය හේතුවෙන් නිවෙස් තුළට වී හිඳින සියලු දෙනා පවතින තත්ත්වය හමුවේ එකිනෙකා සමග සහයෝගයෙන් සහ හැකිතරම් තම වගකීම් ඉටුකරමින් තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එකිනෙකා කටයුතු කිරීම සඳහා යම් සංකේතයක් ලෙසට මෙය හඳුන්වා දුන් බවයි ෆේස් බුක් සමාගම වෙනුවෙන් එහි විධායක ඇලෙක්සැන්ඩෘ වොයිකා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ.

කෙසේ වෙතත්, ඔබට තවමත් මෙම ඉමෝජිය භාවිත කිරීමට නොහැකි වූවානම් දැන්ම ෆේස් බුක් හෝ ඔබ භාවිත කරන ෆේස්බුක් ලයිට් වෙත ලොග් වී මෙම ඉමොජිය අත්විදින්න පුලුවන්. මේක තාමත් ඔබේ දුරකතනයට ඇවිල්ලා නැත්තං දැන්ම ඇප්ස්ටොර් එකට හරි ප්ලේස්ටෝ එකට හරි ගිහින් බලන්න ෆේස් බුක් ඇප් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලද කියලා. එහෙම ඇවිල්ල නම් දැනට භාවිත කරන ප්‍රොෆයිල් එකෙන් ලොග් අවුට් වෙලා අලුත් අප්ඩේට් එක දාගෙන බලන්න. සමහරුන්ට ලොග් අවුට් වෙලාආපහු ලොග් ඉන් උනත් මේ ඉමෝජිය තමන්ගේ ප්‍රොයෆිල් එකෙන් භාවිත කරන්න පුලුවන් ඇති.

කෙසේ වෙතත් වර්ෂ 2016 දී මව්වරුන්ගේ දිනයට පෙර මෙවැනිම ආකාරයෙන් නව දම් පැහැති මලක ඉමෝජියක් ෆේස් බුක් සමාගම විසින් හඳුන්වා දුන් අතර එය ටික කලකට පසුව අක්‍රිය කර දැමුවා. ඉතින් සමහර විට මෙම ඉමෝජියත් ටික කාලයකට පමණක් සීමා වනු ඇත්දැයි බොහෝ දෙනා අවදානයෙන් සිටිනවා

ඉතින් මේ අලුත්ම ඉමෝජිය ගැන ඔබට හිතෙන දේ අපිට කියන්න.
ඒ වගේම තාමත් ඔයාට මේ ඉමොජිය ඇක්ටිව් කරගන්න බැරි උනානං පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ ගැන කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here