මොළය කියන්නේ ශරීරයේ ප්‍රධානම අවයවයක්. අපි කරන කියන හැමදෙයක්ම පාලනය වෙන්නේ මොළයෙන්. අපි දන්නේ නැතුව හිතන්නේ නැතුව කරන පුංචි පුංචි දේවල් නිසා අපේ මොළයට හානි වෙනවා කියල දන්නවද?? නොදැනුවත්ව මේ විදියට දවසින් දවස සිද්ධ වෙන හානි නිසා ඔයාගේ මොළයෙන් ගොඩක් වැඩ ගන්න අමාරු වෙනවා.

හැමදාමත් අපි ඔබ වෙනුවෙන් වැදගත් දේවල් ගෙනාවා. මේ වගේ මොළයට හානි වෙන්න පුළුවන් නරක පුරුදු 10ක් කියලා දෙන්න යන්නේ. බලන්න මේ පුරුදු වලින් කීයක් ඔයා ලඟත් තියෙනවද කියල. අදම ඔයා මේ වැරදි කරනවානම් නවත්තන්න. නැත්නම් නැති ලෙඩ ඉල්ලන් අරගෙන වගේ තමයි.

කෙට්ටු වෙන්න ඕන…අදනම් කන්නේ නෑ

අපි කරන ලොකුම වැරද්දක් තමයි ඇග වැඩියි කියලා එක පාරම නොකා ඉන්නවා. ඔයා දන්නවද අපේ මොලේ පුරුදු වෙලා ඉන්නේ ඔයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට. ශරීරය ඒ දේවල් ඔයාගෙන් නැවත නැවත බලාපොරොත්තු වෙනවා. ඉතින් එක පාරම නොකා ඉන්න ගියොත් ඒක මොළයට හොදම නෑ. ඔයාට කෙට්ටු වෙන්න ඕනනම් එක පාර නොකා ඉන්නේ නැතුව ටික ටික කෑම අඩු කරන්න. එතකොට හානියක් නෑ. බඩගින්න දැනෙන එක මොලයට එච්චර හොද නෑ. පොඩ්ඩක් හිතලා බලන්න නොකා නොබී කොච්චර ඉදලා තියනවද කියලා ඔයා??

ව්‍යායාම කරන්නම් කැමතිම නෑ…

සාමාන්‍යයෙන් ශරීරයකට ව්‍යායාම අවශ්‍යයි. යම් ප්‍රමාණයක් ව්‍යායාම කරන එක පුරුද්දක් කරගන්න. ඔබගේ මොළයෙන් වැඩ ගන්න ඕනෙනම් සිරුරට ව්‍යායාම දෙන්න. මතක ශක්තිය වැඩි වෙන්නත් ව්‍යායාම කරපු හොද ජවයක් තියන ශරීරයක් හේතු වෙනවා කියලා හොයාගෙන තියනවා.

සිගරට් නොබිව්වොත් තමයි හොදම…

දුම් පානය නිසා ඔයා හිතන්නේ පිළිකා ඇති වෙනවා කියලනේ. එත් වෙන්නේ ඊට වඩා භයානක දෙයක්. මොලයේ තියනවා මස්තිෂ්ක වලකය (cerebral cortex) කියලා කොටසක්. එහි ඝනකම අඩු වෙලා සිහින් වෙන්න ගන්නවා, මේ එපා එපා කියන දුම් පානය නිසා. මානසික හැගීම් පාලනය වෙන්නේ මෙන්න මේ කොටසින්. මෙලෙස ඝනකම අඩු උනාම මානසික පිඩනය, විෂාදය වගේ ලෙඩ හැදෙන්න බලනවා. මේ දේවල් දැනගෙනත් ඔයා කරන්නේ එපා කියන දෙයනම් මේ වගේ තත්ත්ව වලට මුහුණ දෙන්න බලන් ඉන්න.

අඩු නින්ද හොදම නෑ…

මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නින්දෙන්. පාඩම් කරන දේ මතක තියා ගන්න. විසඳුනේ නැති ගැටළු විසඳන්න නින්ද අපිට වටිනම දෙයක්. නින්ද මදි උනාම මතක සෛල මිය යනවා. එතකොට මොලයට ලොකු හානියක් වෙනවා

මැරෙන්න ඕනනම් මත්පැන් (Alcohol) පානය කරන්න..

මත්පැන් පානය නිසා මොළයේ පණිවිඩ හුවමාරු කරන සෛල දුර්වල වෙන්න ගන්නවා. එවිට පණිවිඩ හුවමාරුව නැතිව යනවා. ඔබ මත්පැන් පානය කරමින් සිටි කෙනෙක් නම් වහාම එය නැවත්තුවොත් නැවත සාමාන්‍ය ආකාරයට පත් වෙන්න පුළුවන්.

උදේට කන්න වෙලාවක් නෑ..මේකනම් හොදම නෑ..

හැමෝම කාර්ය බහුවල වෙලයි දැන් ඉන්නේ. ලොකු පොඩි ගොඩක් දෙනෙක්ට දැන් උදේ ආහාරය ගන්න එක මග ඇරෙනවා. ඉස්කෝලේ යන දුල පුතාලට නම් හුඟක් වෙලාවට දහවල් විවේක කාලය ලැබෙනකම් උදේ ආහාරය ගන්න ලැබෙන්නේ නෑ. මේ නිසා උදේ ඉගෙන ගන්න දේවල් තේරුම් ගන්න, මතක තියා ගන්න මොළයට අවශ්‍ය පෝෂක නොලැබී යනවා. එයින් මොළයට හානි සිදු වෙන්න පුළුවන්.

අසනීපයෙන් සිටින විට මොළය වෙහෙසෙන්න එපා..

ලෙඩ තියනකොට Rest එකේ ඉන්න කියන්නේ නිකන්ද? අසනීප අවස්ථා වල පාඩම් කිරීම, මොලය වෙහෙසවා වැඩ කිරීම නිසා මොළයේ කාර්යක්ෂම බව අඩු වෙනවා වගේම හානි සිදු වෙන්නත් පුළුවන්.

නිදාගන්නේ ඔලුවේ ඉඳල යටටම පොරවගෙනද? ආයේ කරන්න එපා…

හිතුවේ නෑ නේද මේ වගේ දෙයක් අපි කරන්න එපා කියයි කියලා. බලන්නකෝ ලොකු හේතුවක් තියන නිසයි එපා කියන්නේ. ඔයත් සමහර විට ඔලුවේ ඉඳල පොරවගෙන නිදාගන්න පුරුදු වෙලා ඇති. මෙය ඉතාමත් නරකයි. මොකද ඒ නිසා නින්දේදී අපි ප්‍රශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් වායුවම අයෙත් ආශ්වාස කෙරෙනවා. එතකොට මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයට හානි වෙනවා. පිට කරන වායුව නැවත සිරුරට යන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.

ෆෝන් එක කනේ ගහගෙනමයි කතාව..

මේකනම් ගොඩක් අය අහලා ඇති. පුළුවන් තරම් ෆෝන් එක කනේ නොතියා Speaker දාලා හරි Headset එකක් පාවිච්චි කරලා හරි කතා කරන්න. තවත් නරකම දෙයක් තමයි නිදා ගන්න කෝට්ටේ යටින් ෆෝන් එක තියන එක. ෆෝන් එකෙන් අහිතකර කිරණ පිටවෙන්න ගන්නවා. රෑ තිස්සෙම ඔයාගේ මොලයට ඒ කිරණ ගිහින් ලොකු හානියක් කරනවා ඔයාට නොදැනීම.

සීනි වැඩිය කන්න එපා..

පැණිරස කන්න හොද නෑ කියල දැනගෙනමයි අපි කන්නේ. අපි හැමෝම පැණි රස කන්න හුඟක් කැමතියිනේ. හැබැයි ඉතින් වැඩිපුර සීනි අහාරයට ගැනීම නිසා ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් වගේ වැදගත් පෝෂක ලැබීම අඩු වෙනවා. මෙය මොලයේ වර්ධනයට අහිතකරයි.

අධික ශිත කරපු කෑම කන්නම එපා…

අයිස් ක්‍රීම් කනකොට එක පාරටම ඔලුව කැක්කුමක් වගේ එනවනම් වෙන්නේ මෙන්න මේකයි. මොලයේ රුධිරය ගමන් කරන නාල පටු වීමක් වෙනවා මෙන්න මේ නිසා. රුධිරය සිතල වීමක් වෙන නිසයි ඔලුව කැක්කුමක් එන්නේ. එතකොට වෙන්නේ රුධිර නාල වලට අස්වාභාවික ලෙස උණුසුම් රුධිරය ගමන් කරන්න ගන්න එකයි. අධික සිතල කන්න එපා කියන්නේ මෙන්න මේ කාරණය නිසයි. ලොකු හානියක් වෙන්න ගන්නවා මේ නිසා.

මේ වැරදි වලින් කීයක් කරනවද කියලා බලන්න ඔයා. නොදැනුවත්වම මේ වැරදි එකක් හරි කරනවා ඇති. අදම මේ දේවල් නවත්වන්න. මොළයට හානි කරන මේ දේවල් නොදැන ගොඩක් අය ලෙඩ වැඩි කරගන්නවා. මිතුරන්ව දැනුවත් කරන්න මේ ලිපිය Share කරන්න.

තවත් අයෙකුට බලන්න මේ ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා!

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here