නව කොරෝනා වෛරසය අවම වශයෙන් තවත් මාස 18 සිට අවුරුදු 2 දක්වා ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවත් ජනගහණයෙන්  60% සිට 70% දක්වා ආසාදනය වන තුරු, දිගුකාලීන වසංගතයක් වනු ඇති බව විශේෂඥ යින් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාවක අනාවැකි පළ කර තිබේ. ශීත සෘතුවේ දී  කොරෝනා වෛරසයේ දෙවනි විශාල නරකම අවස්ථාවකට එක්සත් ජනපදය සූදානම් විය යුතුයයි ඔවුහු නිර්දේශ කළහ.

හොඳම අවස්ථාවකදී පවා මිනිසුන් වෛරසයෙන් මිය යනු ඇතැයි ඔවුහු අනාවැකි පළ කළහ.

මිනසෝටා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පර්යේෂණ හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානය මෙහෙයවන මයික් ඔස්ටර්හෝම් සීඑන්එන් වෙත ප්‍රකාශ කර ඇත්තේ “මෙය සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවකට ආසාදනය වන තුරු නතර නොවනු ඇත යනුවෙනි. 

මෙය ඉතා ඉක්මණින් අවසන් වේ යන අදහස ක්ෂුද්‍රජීව විද්‍යාව ප්‍රතික්ෂේප කරයි.

ඔස්ටර්හෝම් වසංගතයේ අවදානම පිළිබඳව වසර 20 ක් තිස්සේ ලියමින් සිටින අතර ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුට උපදෙස් දුන් විද්‍යාඥයෙකි. ඔහු මෙම වාර්තාව ලියා ඇත්තේ හාවඩ් මහජන සෞඛ්‍ය වසංගත රෝග විද්‍යාඥයකු වන මාක් ලිප්සිච් සමඟය. ඔහු වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකි. හිටපු රෝග පාලනය හා වැළැක්වීමේ වසංගත රෝග විද්‍යාඥය  වෛද්‍ය ක්‍රිස්ටීන් මුවර්, දැන් CIDRAP හි වෛද්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි. ඉතිහාසඥයකු වන ජෝන් බැරී, 1918 උණ වසංගතය ගැන 2004 දී “ද ග්‍රේට් ඉන්ෆ්ලුවෙන්සා” නම් ග්‍රන්ථය ලිවීය.  

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here