ප්‍රතිශක්තීකරණය ලබා ගැනීම සහ කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස වියට්නාමයේ දී කළු බළලුන් ආහාරයට ගනු ලබන බවට ‘No to dog meat’ නම් කණ්ඩායමක් පවසයි.

ගිණිකොන දිග ආසියානු රටේ බළලුන් තම්බා පිසින ලද සම පේස්ට් එකක් ලෙස සකසනු ලබන බව එම කණ්ඩායම සඳහන් කරනු ලැබීය.

මෙය හැනෝයි නගරය වටා කේන්ද්‍රගත වී ඇතත් අන්තර්ජාලය හරහා අලෙවිය ද සිදු වේ.

ඒ අතර වියට්නාමය මෙම මස් ආහාර කුඩා ළදරුවන්ට ද ලබා දෙන ඡායාරූප වාර්තා වී ඇත. No to dog meat කණ්ඩායම ලබා ගත් ග්‍රැෆික් වීඩියෝවකින් මිය ගිය සතුන් ඝාතනය කිරීමෙන් පසු අව්වේ වියළන දර්ශන දැකගත හැකිය. තවත් දර්ශනයක සජීවි බළලකු පිසින බඳුනක දමා උණු වතුර ඒ මත වත් කරනු ලබයි.

සුනඛ සහ බළලුන් මස් වෙළඳාමට විරෝධය පළකරන No to dog meat කණ්ඩායම ආරම්භ කළ ජුලියා ඩි කැඩ්නෙට් පවසන්නේ එම දර්ශන ඇගේ රුධිරය සීතල කරන බවයි. ලොව පුරා වෙසෙන ජනයා කොවිඩ් -19 ගැන භීතියට පත්වන නමුත් වියට්නාම ජනයා මෙම දුප්පත් බළලුන්ට කරන බිහිසුණු කෘරත්වයට එය නිදහසට කරුණක් ලෙස සැලකිය නොහැකිය.

“බළලුන් ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසය  සුව වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. එසේ වුවද, මෙම අමානුෂික සැලකීම මස් අනුභව කරන්නන්ට පවා පිළිගත නොහැකි කෘරත්වයේ මට්ටමක් බව ජුලියා පැවසුවාය.

චීනය මෑතකදී වන සතුන් ආහාරයට ගැනීම තහනම් කර ඇති අතර විධිමත් ලෙස පිළිගත් බල්ලන් හා බළලුන් සුරතල් සතුන් ලෙස සලකනු ලැබීය. “වියට්නාමයේ සහ ඉන්දුනීසියාවේ සුනඛයන්, බළලුන් සහ විදේශීය වන සතුන් ආහාරයට ගැනීමේ පුරුද්ද තවමත් ඉහළ මට්ටමක පවතී. කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස වෙළෙන්දෝ ‘විදේශීය’ මස් ප්‍රවර්ධනය කරති.”

බළලුන් මත පදනම් වූ මෙම සුව කිරීම සිදු කරනු ලබන්නේ පිසින ලද සතුන් පේස්ට් එකකට ඇඹරීමෙනි. පසුව රොගීන් හෝ වෛරසයෙන් ආරක්ෂා වීමට බලාපොරොත්තුවන්නන් ඒවා ආහාරයට ගනී. නමුත් එය සාර්ථක බවට කිසිදු සාක්ෂියක් නොමැත.     

 

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here