ඕසොන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහලින් පැවති විශාල සිදුර සම්පූර්ණයෙන්ම වැසී ඇති බව විද්‍යාඟ්හයින් විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. ආක්ටික් ප්‍රදේශයට ඉහළින් පසුගිය මාර්තු මාසයේදි හඳුනාගනු ලැබූ මෙම දුර්ලභ සිදුර විශාලත්වයෙන් ග්‍රින්ලන්තය මෙන් තුන් ගුණයක් වන බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ.විවිධ අහිතකර වායුන් වායුගෝලයට මුදා හැරීමත් මිනිසාගේ විවිධ පාරිසරික් ක්‍රියාවන් නිසාත් පසුගිය වසර ගණනාවක් තිස්සෙ එය දැඩි ලෙස හානි වෙමින් පැවති බව විවිධ විද්‍යාත්මක වාර්තා තහවුරු කරගෙන තිබුනා.

සමකය සහ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ලොව වටා ගමන් කරන වාසුළියක් හේතුවෙන් ඝර්ම කලාපීය රටවලින් ආක්ටික් ප්‍රදේශවලට මෙම ඕසොන් වායුව සංසරණය වීම වැලකී තිබූ බවත් ඒ හේතුවෙන් ධ්‍රැවාසන්න ප්‍රදේශ ආශ්‍රිතව වලාකුළු රහිත කාලගුණයක් නිර්මාණය වූ බවත් ශීත දේශගුණයත් සමග මෙම සිදුරේ සක්‍රීය බව වැඩිවූ බවත් කොළඹ විශ්ව විද්‍යාලගේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා පවසා සිටියා. කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සිට කි ම් 50ක සීමාවෙන් එපිට පැතිරී පවතින මෙම සුවිශේෂි ඕසොන් ස්ථරය නොමැති වූවා නම් ලොව ජීවත්වන බොහො ජිවීන්ට මේ වනවිටත් පාරජම්බුල කිරණ වල අහිත කර බලපෑම, නිසා සම ආශ්‍රිත සිදුවිය හැකි පිලිස්සීම් හා මිනිසාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එයින් එල්ල විය හැකි අතිශය දරුණු බලපෑම දැඩි ගැටලු මතුකරන්නට තිබුනා.

මිනිසා විසින් නිපදවන ලද සී එෆ් සී හෙවත් ක්ලෝරෝෆ්ලෝරො කාබන් නම් රසායනික ද්‍රව්‍යය පසුගිය දශක ගණනාවක් පුරා මෙම ඕසොන් ස්ථරය විනාශ කරමින් සිටි අතර, අවසානෙයේ 1980 ගණන්වලදී මුල්ම වරට ඇන්ටාක්ටිකාවේ ඇතිවූ විශාල සිදුරක් අනාවරණය කර ගැනීමෙන් පසුව මේ පිලිබඳව ලෝක නායකයන්ගේ දැඩි අවධානය යොමු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස 1987 දී මොන්ට්ට්‍රියල් ප්‍රොටොකෝලය අත්සන් තබන ලද්දේ රටවල් 197කගේ ලෝක නායකයන් එක්ව සී එෆ් සී වැනි රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් මෙම ඇන්ටාක්ටිකාවේ සිදුරේ ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණ සඳයහායි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 25 වන දින අනාවරණය වූ මෙතෙක් වාර්තා වූ විශාලතම ඕසොන් සිදුර බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මනින් සම්පූර්ණයෙන්ම වැසී යාම සුබවාදී තත්ත්වයක් බවයි විද්‍යාඥයින් විසින්පවසා තිබෙන්නෙ. හදිසියේවත් මොන්ට්‍රියල් ප්‍රොටොකෝලය හරහා ලෝක නායකයන් එක්ව සී එෆ් සී වායුගෝලයට මුදාහැරීම නතර නොකලේ නම් මේ වසරේ ඇති වූ මෙම ආක්ටික් ඕසෝන් කුහරය මීටත් වඩා අතිශය දරුණුවන්නට බොහෝ සෙයින් ඉඩ තිබුනු බව පැවසෙනවා.


Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here