නිව්යෝර්ක් හි ප්‍රදේශවාසීන් විසින් අවට පැතිර යමින් තිබූ ‘දුර්ගන්ධයක්’ පිළිබඳ  වාර්තා කිරීමෙන් පසු මළ සිරුරු සිය ගණනක් බහාලූ ට්‍රක් රථ දෙකක් සොයා ගෙන තිබේ.

මළ සිරුරු 50 බැගින් වූ ට්‍රක් රථ දෙක බ්‍රොක්ලින්හි අවමංගල්‍ය ශාලාවකින් පිටත නවත්වා තබා තිබිණි.

ශීතකරණය වැඩ කිරීම නැවැත්වීමෙන් පසු දුර්ගන්ධය හැමීමට පටන් ගෙන ඇති අතර ඒ අනුව මෙම බිහිසුණු සොයා ගැනීම සිදුව ඇතැයි අවමංගල්‍ය සේවා හිමිකරුවෙක් වන ඇන්ඩෘ ටී. ක්ලෙක්ලි පැවසීය.

අවමංගල්‍ය ශාලාවල ධාරිතාවය ඉක්ම වූ විට තාවකාලිකව සිරුරු රඳවා තබා ගැනීම සඳහා ශීත කළ ට්‍රක් රථ භාවිතා කරනු ලැබේ. නමුත් මෙම ශීත නොකල ට්‍රක් රථවල මාසයක් තිස්සේ මළසිරුරු තැන්පත් කර තිබී ඇත. 

ට්‍රක් රථවලින් දරුණු දුර්ගන්ධයක් පිටවීමෙන් පසු සිරුරු සොයා ගන්නා ලදී. දුර්ගන්ධය පමණක් නොව එම ට්‍රක් රථවලින් රුධිරය ද වෑහෙමින් තිබූ බව ප්‍රදේශවාසීන් පවසා ඇත. මෙම මරණ අතරින් කොපමණ ප්‍රමාණයක් කොරෝනා වෛරසය හා සම්බන්ධ දැයි මෙතෙක් සොයාගෙන නැත.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අවමංගල්‍ය නිවාස සහ සුසාන භූමි සඳහා අධික බරක් පැටවීම නිසා පසුගිය සති කිහිපය තුළ නිව්යෝර්ක් හි අවමංගල්‍ය ශාලා දැඩි පීඩනයකට ලක්ව තිබේ.

මාරාන්තික රෝගයෙන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර නිව්යෝර්ක්හි පමණක් මියගිය සංඛ්‍යාව 18,015 දක්වා ඉහළ ගොස් තිබේ.

ට්‍රක් රථවල රාක්ක භාවිත නොකර  එකිනෙකා මත සිරුරු ගොඩ ගසා ඇති ආකාරය දැක්වෙන වීඩියෝ නිකුත් වී තිබේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here