හැරී පොටර් කියලා කියන්නෙ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුනු ෆැන්ටසි ඝනයට අයත් චිත්‍රපට මාලාවක්. ලොකු කුඩා බාල මහලු කොයි කාටත් ජිවීතයේ අමතක නොවන පැය කිහිපයක් ඔස්සේ වෙනමම ලෝකයකට රැගෙන ගිය මේ සුවිශේෂි කතා මාලාව බ්‍රිතාන්‍ය ලේඛිකා ජේ කේ රෝලින්ගේ නිර්මාණයක් ඔස්සේ නිමවූවක්.

කෙසේ වෙතත් මෙම කතා මාලාව පුරාවටම ප්‍රේක්ෂකයාගෙ අවධානය දිනාගන්නෙ හොග්වර්ට්ස් නම් මෙම මායා කාර පාසලයි. විවිධ අද්භූත සතුන්, විවිධ මායාකාර ක්‍රීඩා සහ ඉන්ද්‍රජාලික ක්‍රියාකාරකම් රැසක් උගන්වන, ඒවා ප්‍රගුණ කරන පාසැලක් විදිහටයි අපිට මේ හොග්වොට්ස් නම් මායාකාර පාසල හමුවන්නෙ. මේ චිත්‍රපට බලන කවදම හරි දවසක ඔබට හිතිලා තියෙනවනම් මේ හොග්වොට්ස් පාසලට ඇත්තටම දවසක ගිහින් බලන්න, ඔන්න දැන් ඔබට ඒ අවස්ථාව හිමිවනවා. ඒ හොග්වොට්ස් පාසැලට අතිශයින්ම සමාන ලෙස ඉදිකර ඇති පෝලන්තයේ විසාඩ්‍රි මායකාර පාසල නිසා

දින හතරක සුවිශේෂී වූ අත්දැකීමක් ලබාගැනීමට ඔබට මෙම මායාකාර පාසැල හරහා දැන් අවස්ථාව ලැබෙනවා,135 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙනුවෙන් මෙම සුවිශේෂි දින හතරක කඳවුර නිර්මාණය කරන අතර ඩොලර් 400කට නොවැඩි මුදලකින් එනම් ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රු ලක්ෂයකට නොවැඩි මුදලකට මෙය ලොකයේ ඕනෑම කෙනෙකුට අත්විදීමට මෙහි නිර්මාණකරුවන් ලැහැස්ති වෙලා ඉන්නවා.

ඔබ මෙහි ගතකරන දින හතර තුළදී ඔබට මෙම පාසලේදී අද්භූත සතුන්, මන්ත්‍ර පුහුණුවීමට මහාචාර්‍ය වරු, මායා සතුන් හා සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් පමණක් නොව හැරි පොටර් චිත්‍රපටයේදි මෙන් නිවාස වලට වෙන්වී මෙම දින හතර තුළ ගත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මෙහි අවසන් දින රාත්‍රිය මීට යාබද ව ඉදිකර ඇති අතිශය ඝන කැලෑව තුලදී ගත කිරීමට සිසුන්ට සිදුවන අතර එහිදී ඔබට පෙර නොවූ විරූ සුවිශේෂි අත්දැකීමකට මුහුණ දීමට සිදුවනු ඇතියි.

මෙහි ව්‍යපෘති අධ්‍යක්ෂ ක්ලෝස් රාස්ටඩ් පවසන්නේ ජීවමාන හොග්වොට්ස් පාසැල ඕනෑම අයෙකුට ජීවිතයේ කිසිදිනක අමතක නොවන අත්දැකීමක් ලබාදෙනු ඇති බවයි. මෙහි ඇතුලත විවිධ රසායානගාර තුළ මායාකාර පර්යේෂණ සිදුකිරීමට සියලු කටයුතු සලසා දී ඇති අතර රාත්‍රි කාලයේ තම නිවාසයෙන් පිටතට පැමිණෙන අයෙකුට මුහුණ දීමට සිදුවන්නෙ ඉතාම භයංකාර අත්දැකීමකට බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා

මෙහි පැම්ණෙන සෑම ශිෂ්‍යයෙකුටම සුවිශේෂි නමක් සහිත එක කැරැක්ටර් එකක් එහෙමත් නැත්නම් චරිතයක් ලබාදෙන බවත් නමුත් කිසිදු පිටපතකට යටත් නොවුනත් චිත්‍රපටයක් තුළ සැබෑලෙසම ජීවත් වන අත්දැකීමක් මෙයින් ලැබෙන බවත් ඔව්නු වැඩිදුරටත් පවසනවා.

නව මිතුරන් ඇති කර ගැනීමටත් ත්‍රාසජනක අත්දැකීමක් සමගින් පෝලන්ත රජ මාලිගාවක දින 4ක් රාත්‍රීන් 3ක් ගත කරන්නටත් මෙහි යන ඕනෑම කෙනෙකුට අවස්තාව දැන් හිමිවෙනවා.කෙසේ වෙතත් මෙහි නිර්මාණකරුවන් නම් පවසන්නේ මෙය කිසි ලෙසකින් හැරි පොටර් චිත්‍රපටය හා සම්බන්ධ චරිත හෝ කතාවක් මත පදනම් වී නොමැති බවයි. ඒ කොහොම උනත් මෙහි යන ඕනෑම කෙනෙකුට එකවරම මතක් වෙන්නේ හැරි පොටර්  කතා මාලාව බවනම් නොරහසක්

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here