උතුරු කොරියාව කියලා කියන්නෙ ලෝකයේ හැමදාමත් බොහො දෙනා කතා කරන රටක්. විවිධ විවිධ හේතු නිසා, විශේෂ‍යෙන් එම රට තුළ වත්මන් නායක කිම් ජොන් උන් රැගෙන යන දැඩි පාලන ක්‍රම වේදය නිසාත් මිසයිල සහ බැලැස්ටික් අවි ප්‍රහාර නිසාත්ොවුන් ලෝක මාධ්‍ය ඉදිරියේ නිතන්තර පුවත් නිර්මාණය කරන රටක් බවට පත් වී හමාරයි. කෙසේ වෙතත් අපි අද කතා කරන්න යන්නෙ ලෝක මාධ්‍ය ඉදිරියේ අප්‍රකට ව සිටි උතුරු කොරියානු නායකයාගෙ අතිශය රූමත් බිරිඳ ගැනයි.

ලොව අඩුම වයසින් යුතු ජනපති බිරිඳ වශයෙන් නම් දැරූ ඇය නමින් රි සොල් – ජු.
දරුවන් තිදෙනෙකුගෙ මවක් වන වයස අවුරුදු 31 ක් වූ මෙම සුරූපි රි සොල් ජු, කිම් සං විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියක්ද වන්වා. 2012 ජූලි මාසයේදි නිල වශයෙන් උතුරු කොරියානු නායකයාගෙ බිරිඳ ලෙස ලෝක මාධ්‍ය ඉදිරියේ ප්‍රථම වරට හඳුන්වා දුන් ඇය තුරු කොරියානු නායකයා සමග විවාහ වී ඇත්තෙ 2009 වර්ෂයේදී බවත් සඳහන් වනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහය සහ ඔවුන් හමුවී ඇති ආකාරය පිලිබඳව විවිධ මාධ්‍ය වෙනස් තොරතුරු වාර්තා කර තිබෙනවා.

සංගීතයට සහ ගායනයට විශේෂයෙන්ම දක්ෂ ඇය චීනයේදී තම මූලික අධ්‍යාපනය ලබා ඇති බවත් 2005දි දකුණු කොරියාවට පැමිණ තිබෙන්නෙ අපේ වචන‍යෙන් කියනවනම් ඉතා ජනප්‍රිය චියර් ලීඩින් ස්කොඩ් එකක සාමාජිකාවක් ලෙසටයි. බටහිර විලාසිතාවන්ට වැඩි නැඹුරුවක් දැක්වූ ඇය වර්තමානයේ ලෝක මාධ්‍ය ඉදිරියේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ ඒ හේතුව නිසාමයි.

මිනිසුන් බොහෝ දෙනෙක් දරිද්‍රතාවයෙන් සහ සාගතයෙන් පෙලෙන උතුරු කොරියාවේ ප්‍රථම කාන්තාව ලෙස ජනතාව ඉදිරියේ ආදර්ශමත්ව ක්‍රියාකල යුතුව තිබූ නමුත්, ලොව ප්‍රකට සහ වැඩිම මුදලක් වන සන්නාම නාමයන්ගේ නිශ්පාදන භාවිත කිරීම නිසා ඇය නිතර දැඩි විවේඡනයන්ට පවා ලක්ව තිබෙනවා

මාස ගණනාවක් තිස්සේ විදෙස් මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටි ඇය 2017 වර්ෂයේදි ඇයගේ තෙවැනි දරුවා බිහි කරන්නට ඇති බවත් විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් ලොව සුරූපිම කාන්තාව අතරේ උතුරු කොරියානු නායකයාගෙ බිරිඳ ඉදිරියෙන්ම සිටින බවට කිසිම සැකයක් නැත්තේ අදටත් ඇය වෙත ලෝක මාධ්‍යයන්ගේ නිරන්තර අවධනය යොමුවන නිසාමයි.

මෙපමණ කාලයක් වත්මන් උතුරු කොරියානු නායකයාගෙ බිරිඳ මාධ්‍ය ඉඳිරියේ පෙනී නොසිටිමට එක් අතකින් පුදුම විය යුතු නැහැ. ඊට හේතුව කිම් ජොන් උන්ගෙ පියා වූ එරට සිටි ප්‍රබල නායකයෙකු වන කිම් ජොන් ඉල්ගේ කිසිදු බිරිඳක්ද ඔහු මියයන තෙක්ම මාධ්‍යයට අනාවරණය නොවීමයි.

කොහොම උනත් මේ දිනවල ෞතුරු කොරියානු නායකයාගෙ අතිශය බරපතල සෞඛ්‍ය තත්ත්වය හමුවේ යම් හෙයකින් ඔහු මියගි‍ය හොත් මීළඟ උතුරු කොරියාවේ නායකයා බවට පත්වන්නේ ලෝකයේ සුරූපිම කාන්තාවක් බවට අනුමාන කල හැකියි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here