නෙහාරාගේ වැඩත් ඉතින් උසේ හැටියට නම් නෙවෙයි. මේ වෙනකොට ජනප්‍රිය වෙච්ච ටෙලි Drama කීයක් නම් කරලා තියෙනවද. ඒත් ඉතින් ලංකාවේ අයට කාලෙකදි නෙහාරව මිස් වුනා. ඒ වෙන මොකවත් හින්දා නෙමේ නෙහාරා ඇමරිකාවට ගියපු හින්දා. කොහොම වුණත් ඔන්න දැන් ඉතින් ආයෙමත් නෙහාරා ලංකාවට ඇවිල්ලා සුපුරුදු වැඩ ටික පටන් අරන් තියෙන්නේ. ෆිල්ම් එකක හරි ටෙලියක හරි Act කරනවා කියන්නේ ඉතින් ඒකටම හරියන රූප සම්පත්තියත් තියෙන්නත් ඕන. රූප සම්පත්තියක් තිබුනාට ඉතින් ඇඟපත උස මහත නම් ඒකට වැදගත් වෙන්නෙම නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ ගැන කිය කිය ඉන්නවටත් වඩා ඒකට පේන්න තියෙන උදාහරණ ගෙනල්ල ඉස්සරහින්ම තියෙන එක තමයි හොඳම දේ. අපිට ගෙනල්ල තියන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නේ නෙහාරා පීරිස්.

කොහොම හරි අපි ඒ කතා කළේ කළේ නෙහාරාගේ Drama ගැනනේ. ඒත් ඉතින් ඔය කියන හැමෝටම නෙහාරගේ නර්තන හැකියාවත් අමතක වෙන්න නම් විදියක් නෑ. මොකද එයා කාලයක් සිරස ඩාන්සින් ස්ටාර් කෙනෙක් වෙලාත් හිටියානේ. ඉතින් දැන් අපි මෙයාගේ ඒ කතන්දර පැත්තකින් තියලා නෙහාරාගේ අලුත් කතන්දර බලමු. මුලින්ම කියන්නම්කො ඒක මොකද්ද කියලා. ඔන්න නෙහාරා දැන් අලුතින්ම සිංදුවක් කරලා තියෙනවා. සිංදුව ජනප්‍රිය වෙනවද නොවෙනවද කියන එක තියෙන්නෙ ඔය ගොල්ලන්ගෙ අතේ. එහෙම කිව්වට ඉතින් ඒක ජනප්‍රිය නොවී තියෙන්න විදියක් නෑ. මොකද නෙහාරා වැඩක් කරොත් Superb කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. නෙහාරගේ සින්දුව ගැන ඉතින් අපි කතා කරලා වැඩක් නෑනේ. අපි බලමුකෝ නෙහාරාම එයාගේ සිංදුව ගැන කියන්නේ මොනවද කියලා.

“මේක තමයි මගේ අලුත්ම සිංදුව. අලුත්ම කිව්වට ඉතින් ඉස්සෙල්ලම සිංදුව නං නෙමේ. මේක මගේ හයවෙනි සිංදුව. ඒ උනාට මගේ සින්දු වලින් විෂුවල් එකක් තියෙන ඉස්සෙල්ලාම සින්දුව. මම විෂුවල් එකකට කියලා හිටියේ ශෙහාන්ගේ මිහිරාවියේ සින්දුවට විතරයි. ඒකත් 2007දී. ඊට පස්සේ මම ප්‍රතිපත්තිමය තීරණයකට ආවා විෂුවල් වලට ඉන්නේ නෑ කියලා. මොකද මගේ අදහසක් තිබ්බා කවද හරි දවසක මගේ සින්දුවකට මම විෂුවල් කරන්න ඕන කියලා. අන්න ඒක හින්දයි මම ඒවායින් ඈත් වෙලා හිටියේ. දැන් ඉතින් ඒකට කාලෙ ඇවිල්ලා තියෙන්නෙ. මම ඇමරිකාවේ ඉන්නකොට ලංකාවට එන්න තීරණය කරද්දිම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ලංකාවට ඇවිල්ලා කොහොමහරි හොඳ සින්දුවක් කරලා හොඳ විෂුවල් එකකුත් කරනවා කියලා. ඉතින් ඔන්න ඒක නං දැන් හරි. මගේ බලාපොරොත්තුවත් මම ඉෂ්ට කරගෙන මගේ රසිකයන්ට මේක මම හරිම ආදරෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ එක්කම මේ සිංදුවට හවුල් වුනු අනිත් අය ගැන ඉතින් කියන්න ඕනමයි. සිංදුව ලිව්වේ හැමදාමත් වෙනස් විදියට සිංදු ලියන Manuranga Wijesekra, Music- Randy Perera, DOP- Indika Lakmal

ඉතින් ඔන්න ඕකයි නෙහාරා අපිට කිව්ව අලුත්ම විස්තරේ. ඔයාලටත් නෙහාරගේ අලුත්ම සින්දුව බලලා එයාගේ අලුත්ම Dancing බලාගන්නත් ඔන්න දැන් හොඳ චාන්ස් එකක් තියෙනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here