ඔයා ඇනකොන්ඩා චිත්‍රපටිය බලලා තියෙනවද? ඒකේ ඉන්න යෝධ ඇනකොන්ඩලා මිනිස්සුන්ව ගේමක් නැතිව මරලා ගිලලා දාන හැටි අපි බලන් හිටියේ ගොඩක් පුදුමයෙන්. නිකමට හිතන්න? ඒ වාගේ යෝධ ලොකු ඇනකොන්ඩා කෙනෙක්ට ඔයාව අහු වුනොත් මොනවා වෙයිද?
ඔන්න අපි මෙච්චර කාලයක් හිතන් හිටියට ඇනකොන්ඩා තමයි ලොකුම එකා කියලා ඊට වඩා ලොකු සර්පයෙක් හමුවෙලා. මූට කියන්නේ ටයිටැනබෝවා කියලා. මූට කියන විද්‍යාතමක නාමය තමයි titanoboa cerrejonensis යන නම ..

ඇනකොන්ඩාට වඩා මෙම සර්පයා දෙගුණයක් ලොකුයි. ඒ වගේම හතර ගුණයක් බරින් වැඩියි. ටයිටැනබෝවා කියන මෙම යෝධ සර්පයාත් එක්ක බලද්දී ඇනකොන්ඩා පොඩිම පොඩි ගැරඩියෙක් විතරයි. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ මූගේ සයිස් එක..ඉතින් නිකමට හිතන්න මේ වගේ විශාල ටයිටැනබෝවා සර්පයෙක් ඔයාගේ ඉස්සරහට ආවොත් ඔයාට මොනවා වෙයිද? සොරි නේද? ඇනකොන්ඩාට ඔයාව අහු වුනොත් ඔයාට මොකක් හරි ගේමක් ගහලා බේරිලා යන්න පුළුවන්.

මොකද ඇනකොන්ඩා ගොදුරක් ගිලලා දානවානම් ගිලලා දාන්නේ වටේ එතිලා මිරිකලා ඇටකඩු කුඩුකරලා ඊට පස්සෙ තමයි ගිලලා දාන්නේ. ඒ අතරතුර කාලයේ මොකක් හරි ගේමක් ගහලා දගලලා කරලා පැනලා යන්න පුළුවන්. ඒත් ටයිටැනබෝවා කියන මේ යෝධ සර්පයාට ඔයාව හමුවුනොත් ඇහිපිල්ලක් ගහන්නත් කලින්ම මෙම යෝධ සර්පයා ඔයාව බෙල්ලෙන් අල්ලලා ගිලලා දායි. ඒත් බය වෙන්න එපා. ටයිටැනබෝවා යෝධ සර්පයා කවදාවත් ඔයාගේ ඉස්සරහට එන එකක් නෑ.

මොකද මේ අය හිටියේ මීට වසර මිලියන හැටකට කලින්. දැන් වද වෙලා ගිහින් ඉවරයි. ( හොද වෙලාවට මේ කාලේ හිටියේ නැත්තේ.. හිටියනම් වද වෙන්නේ චීන්නු හින්දා )ඔයාල දන්නවානේ ඉස්සර හිටපු ඩයිනසෝරයන් විනාශ වුනේ යෝධ උල්කාපාතයන් වැටිලා කියලා. ඉතින් ඒකෙන් පස්සේ ආපූ ප්ලෙයොසීන යුගයේ රන් කලේ මේ වගේ යෝධ සර්පයන් තමයි. මේ සර්පයා අඩි හතලිහකට වඩා දිගයි. ඒ වගේම ටොන් එකක් විතර බරයි.

ඇත්තටම ඇයි මෙච්ච්ර මේ සර්පයෝ ලොකු. උත්තරේ විද්‍යාත්මකයි. ඒකට හේතුව තමා ගෝලීය උෂ්ණත්වය වැඩි වීම. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට මේ වගේ සර්පයන් ශරීරයෙන් විශාල වෙනවා. ඒ කාලේ මේ කාලෙට වඩා ගෝලීය උෂ්ණත්වය වැඩියිලු. සෙල්සියස් අංශක 30 ට වඩා උෂ්නත්වයක් ඒ කාලේ තිබිලා තියෙනවා. කාබන්ඩයොක්සයිඩ් මට්ටමත් ගොඩක් වැඩියිලූ ඒ කාලේ. හැබැයි හොද ජලජ පරිසරයකුත් පිහිටලා තිබිලා තියෙනවා. මිනිසුන් තමන්ගේ ශරීරයේ පරිවෘර්තීය ක්‍රියාවලින් සදහා අවශ්‍ය තාපය තම ශරීරය තුලින් නිපදව ගත්තත් සර්පයින් එහෙම නෙමෙයි.

ඉතින් අවට පරිසරයේ උෂ්ණත්වය වැඩිවෙන්න වැඩිවෙන්න සර්පයින් ශරීරයෙන් විශාල වීමට පටන් ගන්නවා. ඒ අය තමන්ගේ ශරීරයේ පරිවෘත්තීය කටයුතු සදහා අවශ්‍ය තාපය නිපදවා ගන්නේ අවට පරිසරයෙන්. ඒක නිසා ඒ කාලේ හිටපු උරගයින් අපේ කාලේ ඉන්න උන්ට වඩා ගොඩක් ලොකුයි. මුන් විතරක් නෙමෙයි. ඒ කාලේ හිටපු ඉබ්බෝ , කිඹුලෝ වගේ සත්තුත් හෙන දඩාර සයිස් ලොකුයි. කොච්චර දඩාර සයිස් වුනත් ටයිටැනබෝවා සර්පයාට අහු වුනොත් ඉතින් මේ අයට උනෙත් ජීවිතයෙන් වන්දි ගෙවන්න තමයි.

දැන් කට්ටිය කියන්න පුළුවන් කොහොමද අපි ඒක විශ්වාස කරන්නේ මොකද ඒ කාලේ මේ සර්පයින්ව දකින්න මිනිස්සු හිටියද කියලා. හිටියත් ඉතින් මොන බම්බුව කරන්නද ? මොකද හෑන්ඩ් පෝන් එකෙන් පොටෝ එකක් ගන්නද, වීඩියෝ පාරක් දාන්නද? ගිහින් ගලක මිනිස්සු චූටියට ඇදලා සර්පයෙක් ලොකුවට ඇන්දනම් කියයි මනකල්පිත සත්ත්වයෙක් කියලා. මේ සත්තු ඉන්නවා කියලා ඇත්තටම ආරංචි වුනේ පොසිල මගින්.

මේ වෙනකොට ටයිටැනබෝවා සර්පයන්ගේ පොසිල 28 ක් විතර හදුනගෙන තියෙනවා. මේ පොසිල ගොඩක් හොයා ගෙන තියෙන්නේ කොලොම්බියා, පේරූ වගේ දකුණු ඇමරිකානූ රටවල ගල් අගුරු පතල් වලින් . ඒ වගේම මේ පොසිල හොදින් අධ්‍යයනය කරලා ඒ වගේම යෝධ සර්පයෙක්ගේ අනුරුවක් කොලොම්බියාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ හදලා තියෙනවා.
කොහොම නමුත් මේ අය දිගටම අපේ ලෝකේ හිටියනම් අද වෙන කොට මිනිසා කියලා සතෙක් නැති වෙන්න ඉඩ තිබුනා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here