මේ විදිහට අපේ ධාන්‍ය වල විශාල පෝෂණ විවිධත්වයන් තිබුණා. විද්‍යාව දියුණු ලෝකයේ තවමත් සොයා ගන්නටවත් බැරි වී ඇති බොහෝ වටිනා ඖෂධීය ගුණ මේ ධාන්‍යවල තියෙනවා. අපි සුද්ද කියපු විදිහට ආහාර සිරිත විනාශ කරගෙන දැන් හැදිල තියෙන ලෙඩරෝග නැති කරගන්න යකඩ පෙති, කැල්සියම් පෙති බොනව. මල්ටිවිටමින් බොනව.

අපේ ඉපැරණි ධාන්‍ය – දුප්පතුන්ගේ ආහාරයක්ද ?
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙ මේ ධාන්‍ය ගැන සඳහන් වෙන්නෙ මෙහෙමයි .  These crops are known as the crops of the poorest of the poor. They are less important මේක තමයි ඉස්සර අපේ ජාතිය නිරෝගී කරපු ධාන්‍ය ගැන අපේ රටට ආහාර ලබා දෙන්න වගකීම බාර වෙලා තියෙන ආයතනයෙ අදහස. අපේ දරුවන්ට සෞඛ්‍යසම්පන්නව ජීවත් වෙන්න සුදුසු ආහාර ටික මේ දෙපාර්තමේන්තුව හරහා ලැබෙයිද ?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙත් ඉන්නෙ අපේ මිනිස්සු තමයි. ඒත් ඒ අයට දොස් කියන්න අපට බැහැ. ඒ අය ඉගෙන ගෙන තියෙන්නෙත් අපි වගේම සුද්දගේ අධ්‍යපනයනෙ. ඇයි තනහාල්, වෙදමුං, කුදර, ඕලූහාල්, කුරහන්, මෙනේරි දැන් වවන්නෙ නැත්තෙ? ඇහුවොත් ඕනි ගොවි මහත්තයෙක් උත්තරය දෙයිගගගග ‘‘ඇයි මහත්තයො, ඕව නිකන්ම වැවෙන ඒවනෙ’’ පොහොර බෙහෙත් අවශ්‍ය නෑ මේව වවන්න. ඒක නිසා මේව වැව්වම සුද්දට බිස්නස් එක හැදෙන්නෙ නෑ. ඒකයි අපිව නොමග යවලා මේ ආහාරවල ගුණයට නිගා කරලා තියෙන්නෙ. අද ඒගොල්ලොම තමයි මේ ආහාර ගැන ආයෙත් පර්යේෂණ කරන්න පටන් අරන් තියෙන්නෙ. දැන් තමයි ඒගොල්ලන්ට මේවයේ වටිනාකම තේරිලා තියෙන්නෙ. මේවා අපේ මිනිස්සු කාලා තියෙන්නෙ 1505ටත් ඉස්සර ඉඳන්.

අක්මාව සුවපත් කරන ඕලූ හාල්
“ඕලූ හාල්කි”යන්නෙ ඕලූ ගෙඩියෙ ඇටවලට. ඕලූ හාල් වලට ලොකු හැකියාවක් තියෙනවා අක්මාව සුවපත් කරන්න. මේක නිසා තමයි ඕලූ හාලූයි පාරම්පරික හාලූයි කලවම් කරලා ‘‘හෙළ සුවය’’ කැඳක් හදලා තියෙන්නෙ.
නැවත අපේ කැඳ සංස්කෘතිය ඇතිවෙන්න ඕන. අපි කැඳ බීපු ජාතියක්. එකටත් නිගා කරලනේ තියෙන්නෙ ”කැඳ බීලද ආවෙ?” කියල. ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල කපනව වගේ අපේ මිනිස්සු හරහාම අපේ ආහාර සංස්කෘතියට නිගා කරවපු තැන් මේවා. අපේ තිබිල තියෙන හැම හොඳ අංගයකටම අපි ලව්වම ගහලා ඒවා විනාශ කරලා තියෙන්නෙ බටහිර ජාතීන්.

බටහිර ආහාර තාක්ෂණය අනුකරණය කිරීම තමයි අපට වැරදිච්ච තැන. අපේ පාරම්පරික ආහාර තාක්ෂණය ගැන අවබෝධයක් ඇති කර ගත යුතුයි. ඉස්සර කාලේ මිනිස්සු දැන් කාලේ වගේ වහ කාලා නෑනේ. විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මහතා කරපු පර්යේෂණවලින් වකුගඩුවල ආසනික් වගේ විස තියෙන බව ඔප්පු කරලා තියෙන්නෙ.

අපි පාරම්පරික ධාන්‍ය වවන්නට ඉටා ගනිමු
ජාතියක් නිරෝගී කළ, අපේ රට ස්වයං පෝෂිත කළ අපේ පාරම්පරික ධාන්‍ය වගාකරන්න අද බටහිර කෘෂිකර්මයෙන් සහයක් නොලැබෙනවා විතරක් නෙමෙයි ඒ ධාන්‍ය සතුන්ට කන්න දෙන්නවත් වටිනාකමක් නැති ආහාරයක් හැටියට තමයි ප‍්‍රසිද්ධ කරලා තියෙන්නෙ.
කුරක්කන් බඩඉරිගු අද වැඩි දියුණූ කළ ප‍්‍රභේද තියෙනව. ඒවට ඵළදාව ලබාගන්න කෘෂිරසායනයන් වුවමණායි. ඒක නිසා ඒව වවන්න බටහිර කෘෂිකර්මයෙන් ගොවියන්ට නොඅඩුව උපදෙස් ලැබෙනවා. හැබැයි ගොවි මහත්තය තීරණය කළොත් අපේ ජාතිය යලිත් නිරෝගී කරන්න තනහාල්, වෙදමුං, කුදර, ඕලූහාල්, කුරහන්, මෙනේරි අපි ආයෙත් වවනව කියල ඒක කාටවත් තහනම් කරන්නත් බෑ.

වෛද්‍යවරුනුත් එකසේ රෝගීවන බටහිර වෛද්‍ය කර්මය
බටහිර වෛද්‍ය විද්‍යාව, අද තියෙන දියුණුම වෛද්‍ය විද්‍යාව කියල තමයි අපි හිතන් ඉන්නේ. ඒ දියුණුම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තු අපි වෛද්‍යවරු අද ලෙඩ හැදෙන එක නවත්ත ගන්නත් බැරුව, හැදිච්ච ලෙඩ හොඳ කර ගන්නත් බැරුව පුදුම විදිහට මහන්සි වෙනවා, ලෙඩ පාලනය කරන්න. නිරෝගීකම කියන්නෙ ලෙඩ පාලනය කිරීමද කියන කාරණය ප‍්‍රඥාවට ගෝචර වෙන්න ඕන.

Fatty liver, දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝගයක් හැදෙන එක නවත්වන්න වත්, හැදුනම සුව කරන්නවත් අද කිසිම වෛද්‍යවරයෙකුට බැහැ. දියවැඩියා සායනයෙ බෙහෙත් දෙන දොස්තර මහත්තයාටත් දියවැඩියාව තියෙනවා. පසුගියදා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ව්‍යායාම කරන්න ගිහින් (Tredmill) හෘදයාබාධයක් හැදිල මැරුණා කියල අපි දන්නවනේ. නිරෝගී බව කියන එක අද වෛද්‍යවරයාටම අභියෝගයක් වෙලා.

මමත් දොස්තර මහත්තයෙක් තමයි. ඒත් මේ රෝගීන් ඉස්සරහ මමත් අසරණයි. ඒ අය අහන ප‍්‍රශ්නවලට උත්තර දෙන්න බෑ.

අපේ නොහැකියාවට හේතුව මොකක්ද? අපේ දැනුමේ අඩුව කොතැනද?
වෛද්‍ය විද්‍යාලෙදි අප බොහෝ දේවල් ඉගෙන ගන්නවා. අපට උගන්නපු නැති දෙයක් තිබෙනවාද කියන එක අපිට හිතාගන්න අපහසු කරුණක්. නමුත් හෙළ සුවයෙන් ලැබුණු දැනුමත් සමග බොහොම පැහැදිලි වෙනවා වෛද්‍යවරයෙක් වෙන්න තිබිය යුතුම දැනුමක් අපට වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දීල නැති විත්තිය.

‘‘හෙළ සුවයෙන්’’ ලබපු දැණුමෙන් තමයි මමත් මේවා අවබෝධ කර ගත්තෙ.
”සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ අයුරින්. සෑම සත්ත්වයෙක් සඳහාම මේක පරම සත්‍යයක්. මිනිසා ඇතුළු සියලූම ජීවීන්ගේ ජීවය රඳා පවතින්නේ ආහාරය මත. ආහාරයෙන් ලබන පෝෂණය මත.

”පෝෂණය” කියන්නෙ මහා දැනුම් සාගරයක්!
පෝෂණය ගැන අවබෝධයෙන් ආහාර ගන්න කෙනා නිරෝගී වෙනවා! දීර්ඝායුෂ ලබනවා!! ඓතිහාසික ශ‍්‍රී ලාංකිකයා දීර්ඝායුෂ වින්දේ පෝෂණය ගැන පුළුල් අවබෝධයක් තිබු නිසයි. පෝෂණය යනු නිරෝගී පසක, සත්ත්වයා ජිවත් වන ප‍්‍රදේශය තුළ වැවෙන ශාකමය කොටස් වලින් නිපදවා ගන්නා ආහාරය තුළ ඇති විවිධත්වය ශරීරගත වූ විට ඇතිවන නීරෝගී කායික හා මානසික සංවර්ධනයක් යයි මගේ හැඟීමයි. අපේ ආහාරය තුළින් තමයි කායික මානසික දෙඅංශයම නිරෝගී වෙන්නේ. මේක පුළුල් දැනුම් සාගරයක්. ආධ්‍යාත්මය තුළින්ම තමයි අවබෝධ කර ගන්න වෙන්නෙ. ආධ්‍යාත්මයෙන් ඈත් වුණු එක තමයි අපිට වැරදුනු තැන.

ශරීරය තුළ සියුම් ක‍්‍රියාකාරිත්වය, ඒ සඳහා අවශ්‍ය පෝෂණය, ඒ පෝෂණය දෙන ආහාරය නිපදවන ගසේ ක‍්‍රියාකාරිත්වය, ගසට අවශ්‍ය පෝෂණය ලබාදෙන පසේ සංකීරණ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ ඉතා නිවැරදි අවබෝධයකින් තොරව නිරෝගීකම ලබාදෙන වෙදකමක් පැවතිය නොහැකියි. මේ දැණුමෙන් තොර ජාතියකට නිරෝගී විය නොහැකියි.

බටහිර වෛද්‍ය විද්‍යාවත් පොට වරද්දා ගෙනද ?
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක‍්‍රටීස් පවා ලබාදුන් ප‍්‍රතිකාරයේ ප‍්‍රධානම මූලධර්මය උනේ ආහාරය. ඊළඟ මූලධර්මය උනේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය හරහා රෝග සුව කිරීම. එහෙමයි මේ වෛද්‍ය විද්‍යාව එදා සාර්ථක විද්‍යාවක් උනේ. නමුත් අද, අපි ගමන් කරන්නෙ පියාගේ අඩි පාරෙද කියන එක අපිටම ගැටළුවක් ?

අපේ පාරම්පරික ආහාර තාක්ෂණය අවබෝධ කර ගෙන ඒ තුළින් ශරීරයේ විෂ අයින් කිරීමේ තාක්ෂණයක් ගොඩනගා ගත යුතුයි. අපේ මිනිස්සු ඉස්සර කාලේ ශරීරයේ තියෙන විෂ අයින් කරලා තියෙන්නෙ කැඳ බීලා. සර්පයෙක් දෂ්ඨ කළාම කළු හීනටි හාල් කැඳ දීලා විෂ අයින් කළා කියන එක අපි කවුරුත් දන්න දෙයක්නෙ.

දැනුත් ‘‘හෙළ සුවයේ’’ හෙළ නිල වෙදකමේදී අක්මාවේ දරුණු රෝගවලට පාරම්පරික හාල් කැඳ දීලා සුව කරනවා මම දැකල තියෙනවා. මේක ආශ්චර්යක් නෙමෙයිද? අපේ ආහාර තාක්ෂණයම ආශ්චර්යක් තමයි. අපි නැවත ඒක ගොඩ නගන්න ඕන. අපේ දේට පයින් ගහලා බටහිර දේට වැඳලා අපි අද අතරමං වෙලා. ඒත් අපි අතරමං වෙලා ඉන්න බවවත් අපිට තවම වැටහෙන්නෙ නැති එකයි පුදුමෙ. ඉතිහාසයේ හාස්කම් දක්වපු තාක්ෂණයක් එක්ක දෙපයින් නැගී හිටපු කොන්දක් තිබුණු නිරෝගී ජාතියක් අපි. ඒ බවට සාක්ෂි ඉතිහාසයේ පොත්පත්වල තියෙනවා.

එක උදාහරණයක් තමයි රොබට් නොක්ස් කියන සුද්දා කියපු ”එදා හෙළදිව” කියන පොත. ඒකෙ තියෙනවා එදා හිටපු අපේ මිනිස්සු ගෑනු පිරිමි භේදයකින් තොරව සෑම කෙනෙක්ම වෛද්‍යවරයෙක් බව. එදා හිටපු මිනිස්සු රෝග සුව කර ගත්තෙ වැඩිහරියක් අත් බෙහෙත් වලින්. දොස්තර මහත්තයගෙන් නෙමෙයි. හැමකෙනෙක්ම දැනගෙන හිටිය රෝගයකට ස්වාභාවික පරිසරයෙන් ගන්න කොළ ටිකක්, ඇට ටිකක්, ගහක පොතු ටිකක් වගේ දේවල් ස්වාභාවිකව අනුපාතවලට කලවම් කරලා වනේ දාලා කොටල හෝ අඹරලා නැත්නම් තම්බලා, එහෙමත් නැත්නම් පොට්ටනි හදලා තවන්න හෝ බොන්න. මේක අපේ ජාතික උරුමය වෙලා තිබුණෙ.

දැන් ඔක්කොම කරුමයක් වෙලා. රොබට් නොක්ස් කියනවා එදා මිනිස්සු අස්ථියක් කැඩුනම හා කරන්න වෙලාව ගැන. අස්ථියක් කැඩුනම හා කරන්න ගිහිං තියෙන්නෙ බතකුයි ව්‍යංජන තුනකුයි ඉදෙන වෙලාව තමයි කියල කියන්නෙ. ඒ කියන්නෙ පැය එකහමාරක් විතර. එහෙව් ජාතියක් තමයි සිංහල ජාතිය කියන්නෙ කියල තමයි රොබට් නොක්ස් පොතේ ලියල තියෙන්නෙ.

එහෙනම් අපි ඒ තාක්ෂණය නැවත ඉගෙන ගනිමු. ඒ ආහාර නැවත වගා කරලා කෑමට ගනිමු. ‘‘වේලා​ව’’ අපේ උත්සාහය ඒක තමයි.
මහා බලසම්පන්න අපේ කුළුබඩු තාක්ෂණය කුළුබඩු යොදා ආහාර රසල ගුණ වැඩූ ආහාර සැකසීමේ තාක්ෂණයක් අපට හිමිව තිබුණා. ඉස්සර අපේ පැරැන්නන් විවිධ ආහාර වලට විවිධ ආකාරයෙන් සැකසූ විවිධ කුළුබඩු වර්ග, විවිධ අනුපාත වලින් යොදාගෙන තියෙනවා. ඒක දියුණු ප‍්‍රඥාවට ගෝචර වෙන සංකීර්ණ තාක්ෂණයකක්. හරහා ජාතියක නිරෝගීකම රැකගන්න තරම් එදා ලාංකිකයන් ප‍්‍රඥාවන්ත උනා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here