කැළණි ගඟේ ජලය පෙර පැවතී තත්වයන්ට වඩා මේ වන විට ගුණාත්මක බැවින් වැඩි වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත .
ඒ එම ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකට අනුවයි .
ඊයේ (01) දිනයේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැළණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය පරික්ෂා කිරීම සඳහා ජල සාම්පල ලබාගෙන ඇති අතර මේ වන විට එහි විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇති බව එම නිවේදනයෙන් සඳහන් කර ඇත .
ඊයේ දිනයේ කැළණි ගඟ ආශ්‍රිතව කරන ලද පර්යේෂණයන්ට අනුව ජලයේ බොරතාව (Turbidity ) මෑත කාලයේ කිසි දිනක වාර්තා නොවූ ලෙස යහපත් තත්වයේ පැවතීම මේ ගුණාත්මක තත්වය වැඩිවීමට එක නිදසුනක් ලෙස ඔවුන් පෙන්වා දී ඇත .
මධ්‍යම අධිකාරියේ රසායනාගාර සේවා අංශය පවසන්නේ මේ දිනවල කර්මාන්තශාලා වලින් ද්‍රව්‍යමය අපද්‍රවය කැළණි ගඟට මුදා නොහැරිම මෙසේ ගුණාත්මක තත්වය ඉහල යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
කඩුවෙල පාලම ,කළු ඇල පාලම ඇතුළු තවත් ස්ථාන කිහිපයකින් මේ සඳහා ජාල සාම්පල ලබාගෙන ඇත