පුංචි අයට බත් කෑමට ප්‍රිය උපදවන්න නම් ඉස්සර කාලයේ අම්මලා කරන ලද එකම උප්පරවැට්ටිය වුනේ බීට් රූට් ඉස්ම ටිකකින් බත රතුපාට ගැන්වීමයි. ඒ වගේම රසකාරක නැති යුගයේ පොල් ටොපි , ආස්මි ආදි රසකැවිලි වර්ණ ගන්වන්නත් බීට් යුෂ භාවිතා කරනු ලැබුවා.මේ යුෂවල තිබෙන රතු පැහැය වගේම ගුණයත් ඉහලයි.

මේ එළවළුව මොන තරම් ගුණදායකය යන්න බීට් මුල් කර ගෙන සිදු කරන ලද අධ්‍යනයන් ඇසුරු කලොත් ඔබට තේරුම් යනු ඇති. ජැක් රෙජිස්කි නැමැති මහාචාර්යවරයා සඳහන් කරන්නේ බීට් වල අන්තර්ගත ”නිට්රික් ඔක්සයිඩ් “මගින් ශරීරයේ ඔක්සිජන් මට්ටම ඉතා හොදින් පවත්වා ගෙන යා හැකි බවයි. ඒ නිසා කුමන හෝ ව්‍යායාමක නිරත වීමට පෙරාතුව බීට් රූට් යුෂ පානය වඩාත් වැදගත් බව ඔවුන්ගේ පිලිගැනීමයි.මේ ගුණගායනාවන් නිසාම දැන් ක්‍රිඩකයන්ට සහ ශාරිරික යෝග්‍යතාවයන්හි යෙදෙන්නන්ට බීට් යුෂ ලබා දීමට විශාල උනන්දුවක් දක්වනවා.වෝක් ෆොරස්ට් විශ්ව විද්‍යාලයේ මොළය පිලිබඳව අධ්‍යනයේ යෙදෙන පර්යේෂකයන් විසින් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයන් 26 දෙනෙක් තෝරා  ගෙන ඔවුන්ට බීට් යුෂ ලබා දුන්නා. යුෂ පානය සමග රුධිර ගමනාගමනය ඉතා හොදින් සිද්ධ වෙන බව මෙම අධ්‍යනය මගින් ඔවුන්ට හදුනා ගැනීමට හැකි වුනා.

එංගලන්තයේ ලියසිස්ටර් පාපන්දු සමාජය මගින්ද ඔවුන්ගේ ක්‍රිඩකයන්ට බීට් රූට් යුෂ ලබා දුන්නේ මෙහි අන්තර්ගත සෛලවල ක්‍රියාකාරිත්වය සහ වර්ධනය කිරීමේ තිබෙන හැකියාව නිසාය.

බීට් රූට්වල අන්තර්ගත පෝලික් අම්ලය නිසා ගැබිණි මව්වරුන්ට ඉතා ගුණදායක බැව් දැන් හඳුනාගෙන තිබේ. හෘද රෝග වෙනුවෙන් මෙන්ම පිලිකාවෙන් ආරක්ෂාව ලබා ගැනීමටත් බීට් රූට් වඩාත් ප්‍රබල මෙහෙයක් සිදු කරන බව විවිධ අධ්‍යනයන් මගින් හදුනා ගෙන තිබේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ පියයුරු සහ පෞරෂ ග්‍රන්ථි පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලැබීමට බීට්රූට් බෙහෙවින් උපකාර වෙන බවයි. මෙහි අන්තර්ගත ” බෙටමින් “ සංයෝගය නිසා අක්මාවේ නිරෝගිතාවය ආරක්ෂා කරනු ලබයි.

විටමින් ඒ සංයෝගයන් ඇස්වල පෙනුමට දායකත්වයක් සපයනු ඇත. තමන්ගේ තරුණ පෙනුම රැකගැනීමට බොහෝ දෙනා දරණ වෙහෙස ට විකල්ප ලෙසින් දිය හැකි වටිනාම උපදෙස වන්නේ බීට් ආහාරයට ගැනීමෙන් තමන්ගේ පෙනුම ආරක්ෂා කර ගත හැකි බවයි.

ලන්ඩනයේ ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ අධ්‍යන වාර්තාවක දක්වා ඇත්තේ දිනකට බීට් රූට් යුෂ මිලි ලීටර් 250 ක් පානය කිරීමෙන් අධි රුධිර පීඩන තත්වය මග හරවා ගත හැකි බවයි.

බීට් රූට් ව්‍යංජනයක් විදිහට පිළියෙල කර ගත හැකියි. එවිට තුනී පෙති හෝ කැටවලට කපා දියකිරෙන් ලිප තබන්න. සාමාන්‍ය විදිහට ලුණු, මිරිස්. රම්පෙ, කරපිංචා, ලුණු, අමුමිරිස් තුනපහ එක් කර ගෙන තැම්බුනාට පසුව මිටිකිරි දමා අවශ්‍ය නම් තෙම්පරාදු කර ගත හැකියි. ඒ වගේම අර්තාපල් මෙන් තම්බා ගෙන උයන්නත් පුලුවනි.

කැට සලාද වෙනුවෙන් තම්බා ගත් බීට් එක් කරනවා. ඒ වගේම ක්ලබ් සැන්ඩ්විච් වෙනුවෙන් සිහින්ව ලියා ගත් බීට් එක් කරගත් විට ආකර්ශණීය පෙනුමක් ලැබෙනවා. ඒත් එක් දෙයක් මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. බීට් තම්බන විට එම ජලයේම බිත්තර හෝ අර්තාපල් තම්බා ගැනීම අපහසුයි. මෙම යුෂ ජලයට ඉතාම ඉක්මනින් එක් වෙනවා.එවිට ඔබ තම්බා ගත් දේ අවර්ණ වීමට අවදානමක් තිබෙනවා.

තම්බා ගත් බීට් ලුණු සහ ගම්මිරිස් කුඩු එක් කර ගෙන රස විදින්නත් පුලුවන්. අද ස්ටීම් විදිහටත් බීට් තම්බා ගත හැකියි. කුඩා දරුවන් මේ ආහාරයට ඉතාම කැමැත්තක් දක්වන්න පුලුවනි.

බීට් රූට්වල අඩංගු පෝෂණ ගුණය

සංයුතියපෝෂණය
ශක්තියකැලරි 45
කාබොහය්ඩරේටග්‍රෑම් 9.6
ප්‍රෝටීන්ග්‍රෑම් 1.61
ජීරණ තන්තුග්‍රෑම් 2.80
පෝලික් අම්ලයග්‍රැම් 109
විටමින් ඒජාත්‍යන්තර ඒකක 33
විටමින් සීමිලිග්‍රෑම් 4.9
විටමින් ඊමිලිග්‍රෑම් 0.04
සෝඩියම්මිලිග්‍රෑම් 78
යකඩමිලිග්‍රෑම් 0.80
මැග්නීසියම්මිලිග්‍රෑම් 0.329
සින්ක්මිලිග්‍රෑම් 0.35
බෙටනින්මිලිග්‍රෑම් 128.7
කැරොටින්මිලිග්‍රෑම් 20
Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here