අප ගන්නා සමහර ආහාර වර්ග රසවත්, වුවත් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යයට එතරම් හිතකර වන්නේ නෑ. මින් සමහරක් ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ඔබ මරණයට පවා පත්විය හැකියි. මේ ලිපියෙන් දැක්වෙන්නේ ලොව භයානකම ආහාර වර්ග 12කි.

01 – අමු කජු

අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ අමු කජු ආහාරයට ගැනීම සමේ ආසාත්මිකතා ඇති කරවන බවයි. එමෙන්ම මින් සමහරක් මරණීය වේ.

02 – කැලෑ හතු

ලොව භයානකම ආහාර වර්ගය වන්නේ කැලෑ හතු යි. මින් ස්වල්ප ප්‍රමාණයක් කැවුණහොත් වමනය දැමීම සිදු වන අතර වැඩි ප්‍රමාණයක් ගැනීම පුද්ගලයෙකු මරණයට පත් කරවයි.

03 – Puffer Fish

Puffer Fish නැතිනම් සාමාන්‍යෙයන් fugu ලෙස හඳුන්වන මාළු ඉතා භයානක වේ. හරි ආකාරයට පිස නොගතහොත් මේවා සයනයිඩ් වලටත් වඩා විශ සහිත වේ.

මඤ්ඤොක්කා අමුවෙන් කෑවොත් එහි ඇති එන්සයිම සයනයිඩ් බවට හැරවේ.

05 – රටකජු

අධිකව රටකජු ආහාරයට ගැනීම ආසාත්මිකතා වලට නැඹුරුතාවක් දක්වන්නන්ට නුසුදුසු වේ

06 – Rhubarb

මේවායේ කොළ වල මරණීය විශ අඩංගු වේ.

07 – මුල් ඇදි බෝංචි ඇට

මේවා E coli පැතිරීමට හේතු වන ආහාර වර්ගයකි. E coli යනු ඉතා භයානක වෛරසයක් වන අතර එමඟින් මිනිසුන් විශාල ප්‍රමාණයක් රෝගී වූවා මෙන්ම විශාල ප්‍රමාණයක් මරණයටද පත් වූවා ඔබට මතක ඇත.

08 – මුහුදු බෙල්ලන්

ආසාත්මිකතාවන් සහිත පුද්ගලයින්ට ආහාරයට ගැනීම නුසුදුසු වේ. ඔබ බෙල්ලන්ට ආසාත්මිකතාවත් දක්වයි නම් බෙල්ලන් ආහාරයට ගතහොත් කැසීම, උදර වේදනාව හා සමහර විට මරණය පවා සිදු විය හැක.

09 – Elderberries

මේවායේ කොළ, රිකිලි හා ඇට ඉතා භයානක වේ. ඉදුණු elderberries අමුවෙන් ආහාරයට ගැනීම ඉතා නුසුදුසු වේ.

10 – Ackee

ජැමෙයිකාවෙන් සොයා ගත හැකි ඉතා භයානක පළතුරකි. එය ඇට රහිතව ආහාරයට ගැනීම එතරම් අහිතකර නොවේ. Ackee ඇට වල මිනිස් සිරුරට අහිතකර විෂ රසායන අන්තර්ගත වේ.

11 – අමු කිරි

වෙළඳපොලේ විකිණීමට ඇති Pasteurized milk විෂ සහිත නොවේ. නමුත් දොවාගත් සැනින් කිරිපානය අහිතකර වේ. එහි E coli අඩංගු වේ.

12 – Star Fruit

වකුගඩු ආබාධ සහිත පුද්ගලයින්ට මේවා ආහාරයට ගැනීම අහිතකර වේ. එහි මොළයට හා ස්නායු වලට හානි පමුණුවන විෂ රසායන අඩංගු වේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here