උගුර වණ වෙලාද?

සෑම අවස්තාවකදීම උගුරේ වේදනාව අඩු කිරීම සඳහා  ලුණු වතුරෙන් උගුර සේදීමේ ඵලදායීතාවය ගැන මව්වරුන් මෙන්ම ආච්චි අම්මා වරුන් සහතික වෙති.

උණුසුම් ජලය  කෝප්ප හතරෙන් එකකට ලුණු ඇගිලි දෙකට අසුවෙන ප්‍රමාණය දමා එය සම්පුර්ණයෙන්ම  දිය වෙනතුරු  කලවම් කරන්න. අවශ්‍ය  විට දිනකට  හතර හෝ පස් වරක් උගුර සෝදන්න.

අපහසුතාවය අඩු කිරීමට සහ  වියළි ශ්ලේෂ්මල පටල නැවත සජලනය කිරීමටඋණු කැෆේන් රහිත   දියර පානය කරන්න.  

වල් මී පැණි හැදි දෙකක් හෝ තුනක් සමඟ ඖෂධීය තේ හෝ උණුසුම් ලෙමනේඩ් පානය කිරීමට උත්සහ කර බලන්න. මීපැණි වල සුවකිරීමට අදාල  ප්‍රතිබැක්ටීරීයා අඩංගු  බවට  ප්‍රසිද්ධය.

උගුර වන වී ඇති විට හැකි තරම් දුම්පානය කිරීම  අඩු කිරීමට උත්සාහ කරන්න. සිගරට් දුම වල අඩංගු රසායනික ද්‍රව්‍ය උගුරේ මතුපිට ස්ථරයට පමණක් නොව, මුළු ශරීරයටම විෂ වේ.

ඒ වෙනුවට  විටමින්  C හෝ සින්ක් ටැබ්ලට් මගින්  ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි  දියුණු කරන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here