ආහාර වර්ග පිළිබඳ විවිධ මත ජන සමාජය තුළ ගොඩ නැගී ඇත. ඒ නිසාම බොහෝ දෙනා ආහාර වර්ග ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වීමක්‌ සිදු කරනවා. මඤ්ඤොක්‌කා පිළිබඳවත් ජන සමාජයේ විවිධ මතවාද ගොඩ නැඟී තිබෙන නිසාම බොහෝ දෙනා මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දීද විශේෂයෙන් පාලනය කිරීමක්‌ සිදු කරනවා. මඤ්ඤොක්‌කා වල අර්තාපල් වලටත් වඩා වැඩි කැලරි ප්‍රමාණයක්‌ සහ කාබෝහයිඩ්රේට්‌ ප්‍රමාණයක්‌ අඩංගුයි.

බොහෝ දෙනා අතර මතයක්‌ පවතිනවා මඤ්ඤොක්‌කා ආහාරයට ගත් පසුව ඉඟුරු යොදා සකස්‌ කළ තේ බීම නුසුදුසු බව. ඒ මතයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සත්‍යතාවක්‌ පවතී. බොහෝ දෙනකුට එයින් ආසාත්මිකතාවක්‌ ඇතිවේ. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගත් විට ආයුර්වේදීය බෙහෙත් වට්‌ටෝරු හෝ ඉඟුරු යොදා සකස්‌ කළ තේ පානය කිරීමත් සුදුසු නොවේ.

කොලෙස්‌ටරෝල් පාලනය කරනවා. රෝග රැසකට සුව ගෙන දේ. මානසික ආතතිය අඩු කරනවා. ඇමගඩ්ලීන් නම් එන්සයිමය අඩංගු නිසා පිළිකා නාශක ගුණයක්‌ ද මඤ්ඤොක්‌කා වල අන්තර්ගතයි. දියවැඩියාව පාලනය කරනවා. අධික කැලරි ප්‍රමාණයක්‌ අඩංගු නිසා ශරීරය මහත් වීමක්‌ සිදු කරනවා. අල වගේම කොළත් ගුණයි

මඤ්ඤොක්‌කා අල වල පවතින ගුණ ඒ ආකාරයටම කොළ වලත් අන්තර්ගතයි. ඒ නිසාම මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී කොළ වලින් සකස්‌ කර ගත් මැල්ලුමත් ආහාරයට එක්‌ කරගන්න. මඤ්ඤොක්‌කා කොළ වල විශේෂයෙන් ප්‍රොaටීන් සහ විටමින් වැඩි ප්‍රමාණයක්‌ අඩංගු නිසා වයසට යැමේ දී ඇතිවන අමතක වීම් තත්ත්ව පාලනය කිරීමක්‌ සිදු කරනවා.

ආහාරයට ගැනීමේ දී මේ ගැනත් සිතන්න මඤ්ඤොක්‌කා අල තම්බන අවස්‌ථාවේ දී පියනකි න් වසා තැම්බීම නුසුදුසුයි. හැම විටම පියන හැර මඤ්ඤොක්‌කා තම්බන්න. ඒ වගේම මඤ්ඤොක්‌කා තම්බන විටත්, වෑංජනයක්‌ ලෙස සකස්‌ කරන විටත් විශේෂයෙන්ම කහ යෙදීම කළ යුතුයි. මන්ද එමඟින් මඤ්ඤොක්‌කා වල අඩංගු විෂ මර්දනය වීමක්‌ සිදු වන බැවිනි. පළුදු වූ මඤ්ඤොක්‌කා අල ආහාරයට ගැනීම නුසුදුසුයි. ගැබිනි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට සේම කුඩා දරුවන්ටත් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම සුදුසුයි. විශේෂයෙන් මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීමේ දී පොලුත් සමඟ ආහාරයට ගන්නවා නම් සිදුවන ආසාත්මිකතා අවම කර ගත හැකියි. මන්ද පොල් වලත් විෂ නැසීමේ ගුණයක්‌ අන්තර්ගත වී ඇති බැවිනි.

මඤ්ඤොක්කා කොළ මැල්ලුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – මඤ්ඤොක්කා කොළ, තිබ්බටු, රතුළූණු, වියළි මිරිස්, ගාගත් පොල්, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය-හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරෙන්න තියන්න. ඉන් පසු වංගෙඩියේ දාලා කොටන්න. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරන්න. ටිකකින් ගාගත්තු පොල් ටික දාලා නැවතත් කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ. වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමන්න. ඊට පසූ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පසු කොළ මිශ්‍රණය දාලා මලවගන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here