අපේ ශරීරය තුල කිසියම් ක්‍රියාවලියක් අපට අහිතකර ආකාරයෙන් සිදු වනවා නම්, එය හඳුනා ගැනීමට ශරීරය මගින් විවිධ සංඥා නිකුත් කරනවා. දියවැඩියාව සඳහා ද ශරීරය ඒලෙසම ක්‍රියා කරනවා. දිගු කාලයක් තිස්සේ ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතියේ නම්, නිතර තිබහ සහ කුසගිනි ඇති වීම, ඇස් වල පෙනීම නොපැහැදිලි වීම, තුවාල සුව වීම ප්‍රමාද වීම සහ නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී ලක්ෂණ ඇති වෙනවා.

ග්ලුකෝස් කියන්නේ අපේ ශරීරයේ සෛල තුල ශක්තිය නිපදවීමට යොදා ගන්නා සීනි වර්ගයක්. කෙසේ වෙතත්, අපේ ශරීරයට හානිදායක ප්‍රතිඵල ඇති වීම වැළැක්වීම සඳහා, මෙම සීනි ප්‍රමාණය නියමිත පරාසයක තබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා, අපේ අග්න්‍යාශය විසින්, ග්ලුකෝස් නිපදවීම සහ වැයවීම පාලනය කරන ‘ඉන්සියුලින්’ නැමැති හෝමෝනය නිපදවනවා. කෙසේ වෙතත්, විවිධ හේතූන් මත, අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අග්න්‍යාශයේ මෙම ‘ඉන්සියුලින් නිපදවන සෛල’ වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගැනීම නිසා, මාරාන්තික සංකුලතා ඇති කල හැකි, බරපතල රෝගයක් වන, ‘දියවැඩියාව’ ඇති වීමට හේතු වෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල අගයක පැවතීමෙන්, රුධිර නාල වලට හානි සිදුවීමත් වෙනත් ගැටළු උද්ගත වීමත් සිදුවිය හැකියි. එසේම, රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම ආඝාතය, වකුගඩු අක්‍රීය වීම, ඇස් පෙනීම අඩු වීම/ඇස් නොපෙනී යාම වගේම සමෙහි ඇති වන ස්නායු ගැටළු නිසා තුවාල හෝ අසාදන ඇති විය හැක. මේ හේතුව නිසා, රුධිර සීනි ප්‍රමාණය ඉහල යන විට ඇති වන විවිධ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා වැදගත්.

අත් පා වල ඇති වන හිරි ගතිය

දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට කලින්ම ඇති වන ලක්ෂණයක් ලෙස අත් පා හිරිවැටීම දක්වන්න පුළුවන්. එයට හේතු වන්නේ අත්පා වල ඇති ස්නායු වලට හානි සිදුවීමයි.

නිතර ඇති වන කුසගින්න

දියවැඩියාව ඇති පුද්ගලයෙක්ට නිතර නිතර කුසගිනි දැනීමට හේතු වන්නේ රුධිර සීනි ප්‍රමාණය සාමාන්‍ය පරාසයට වඩා අඩු වූ විටයි. මෙමගින් දියවැඩියාව ආශ්‍රිත වෙනත් රෝගී තත්වයන් වන, අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තරබාරු වීමත් යනාදියට ගොදුරු වෙනවා.

නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍යවීම

රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, ඔබට නිතරම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. (විශේෂයෙන්ම මේ නිසා, රාත්‍රී කාලයේදී නින්දට බාධා වේ.)

අධික පිපාසය

රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම, ඔබට නිතර පිපාසයක් ඇති කිරීමට හේතු වන අතර, ඔබ දියවැඩියාවෙන් පෙලෙන බවට තහවුරු වන ප්‍රබල සූචකයක් ලෙස දැක්විය හැකියි.

විඩාබර ගතිය

අපේ ශරීරයේ සෛලවලට අවශ්‍ය තරම් ග්ලුකෝස් නොලැබෙන විට, ඒවාට නිසි පරිද ක්‍රියා කිරීමට නොහැකි වන බැවින් ශරීරයට දුර්වලතාවක් සහ විඩාවක් ඇතිවේ.

ඉක්මනින් ශරීරයේ බර වැඩි වීම හෝ අඩු වීම

රුධිර සීනි මට්ටම අඩු වූ විට, මේද දහනය වෙනුවට මාංශ පේශි දහනය මගීන් ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩු වීම සිදුවේ. එසේම, රුධිර සීනි මට්ටම වැඩිවීම, ශරීරයේ බර වැඩි වීමට හේතු වන බැවින් ද, ඔබ ශරීරයේ ක්ෂණික බර අඩු/වැඩිවීම් වලට ලක් වෙනවා නම්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

නිතර අමතක වීම් ඇති වීම

රුධිරයේ සීනි මට්ටමේ සිදු වන වෙනස්කම් නිසා ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටීම සහ නිතර අමතක වීම් ඇතිවීම සිදු විය හැකියි.

තුවාල සුවවීම ප්‍රමාද වීම

අපි ඉහත සඳහන් කර ඇති පරිදි, රුධිර සීනි ප්‍රමාණය ඉහල යාම නිසා ස්නායු වලට හානි සිදු වන බැවින්, කැපුම් සහ අනෙකුත් තුවාල සුව වීම ප්‍රමාද වනවා.

ඇස්වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ කරකැවිල්ල

ඇස් වල පෙනීම අඩු වීම/නොපැහැදිලි වීම සහ ක්ෂණිකව ඇතිවන කරකැවිල්ල, රුධිර සීනි මට්ටම ඉහල ගිය විට සහ දියවැඩියාව ඇති විට, වඩාත් බහුලව ඇති වන රෝගී ලක්ෂණ වලින් එකක් නිසා නොසලකා හැරීම නොකළ යුතුයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here