ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කුරුලූ ආසාදනය. ඒ වගේම අධික තරබාරුව මේ හැරුණු පසු තවත් ලෙඩ රෝග ගණණාවකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් තමයි ලෙමන් යුෂ පානය කිරීම. ඔබත් ලෙමන් යුෂ පානය කළොත් ඔබටත් මෙන්න මේ වාසි අත්විඳින්න පුළුවන්. බර අඩු කිරීම, ලෙමන් මගින්, සෞඛ්‍ය සුරැකේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙයි. ලෙමන් අඩංගු ජලය තුළ අන්තර්ගත වන පෙක්ටීන් මඟින්, ආහාර පාලනය වේ. ප්‍රතිශක්තීකරණය, ලෙමන්වල, ඉහළ ප්‍රතිශක්තිකරණ ගුණයක් ඇත. එහි අන්තර්ගත ප්‍රතිබැක්ටීරියාකාරක හා ප්‍රති වෛරස නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරැකේ. කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට සුව දායකයි. කුරුලෑ, උදෑසනින් ම ලෙමන් යුෂ පානය කිරීමෙන් කුරුලෑ සුව කර ගත හැකිය. මළබද්ධය පාලනය, ලෙමන් යුෂ පානය කිරීම බහිශ්‍රාවීය ක්‍රියාවලියට උපකාර වේ. ආහාර ජිර්ණය වේගවත් කරන අතර, මළබද්ධය වැනි රෝග තත්ත්ව සුවකර ගත හැකි ය. වකුගඩුවල ගල් හා මුත්‍රාශ ගල් පාලනය, ලෙමන් තුළ අන්තර්ගත වන පොටෑසියම් ප්‍රමාණය මගින්, මුත්‍රාශයේ “citrates”ප්‍රමාණය වැඩිකර “oxalate” වළකා, වකුගඩුවල ගල් සෑදීම පාලනය කරයි. එසේ ම, ලෙමන් යුෂ පානය කිරීමෙන්, මුත්‍රාශයේ ගල් ද පාලනය වේ. සන්ධි වේදනාව සහ ඉදිමුම, ලෙමන් පානයෙන්, සන්ධිවලින් යූරික් අම්ලය ඉවත් කර ගැනීමට උපකාර ලැබේ. ආතරයිටිස් රෝගය වැළදුණු පුද්ගලයන්ට පවා ලෙමන් පානය ඉතා සුදුසු ය. ආසාදන,සමේ ආසාදනවලට, ලෙමන් මිශ්‍රිත ජලය පානයෙන් ඉක්මන් සුවය ලැබේ. ආහාර විෂවීම හා ඇල්කොහොල් ආසාදන, ඇල්කොහොල් නිසා සිරුරට ඇති වන අපහසුතා අඩු කරන්නට ලෙමන් පානය සුදුසු ය. ආහාර විෂවීම මෙන්ම ආසාදන නිසා සුව වෙමින් සිටින රෝගීන්ට ද ලෙමන් පානයෙන් මනා සුවයක් ලැබේ.

ලෙමන් යුෂ වශයෙන් පානය කළ හැකි ඖෂධීය ගුණයෙන් යුතු පලතුරකි. යුෂ වශයෙන් පානය කිරීම හැරෙන්නට ලෙමන් ගෙඩියක සෞඛ්‍යමය වශයෙන් වාසිදායක තත්ත්වයන් රැසක්‌ පවතින බව බොහෝ දෙනා නොදනිති. සුළු පිරිසකට ලෙමන් ආසාත්මික තත්ත්වයක්‌ ඇති කළද මෙම ස්‌වාභාවික පළතුරු වර්ගය මිනිසාගේ ශරීර සෞඛ්‍යයට හිතකර වාසි ගණනාවකින් යුක්‌තය. දිනපතා ආහාරයට ලෙමන් යුෂ එක්‌කර ගන්නේ නම් එහි වාසිදායක තත්ත්වය ඉහළය. ලෙමන් විශේෂයෙන්ම ආහාර ජීර්ණ ප්‍රශ්න මඟ හරවා ගැනීමට උපකාරී වේ. එහි ඇති ජීර්ණ ක්‍රියාවලිය පහසු කරලීමේ ගුණය නිසාම පපුවේ දැවිල්ල, වැනි තත්ත්වයන් සමනය කිරීමට උපකාරී වේ. පුරාණයේ කාන්තාවන්ට උණ රෝගය හෝ උදරාබාධ තත්ත්වයක්‌ හටගත්විට ලෙමන් යුෂ කෝප්පයක්‌ ලබාදීම සිරිතක්‌ විය. ලෙමන් සමේ රෝග තත්ත්වයන් මඟ හරවන පලතුරක්‌ද වේ. උගුර රිදීම ඇතුළු උගුරේ ආසාධනයන් රැසකට ලෙමන් යුෂ ප්‍රත්‍යක්‍ෂ ඔසුවක්‌ වේ. පොටෑසියම් ලවණ ඉහළ මට්‌ටමක පැවැතීම නිසා හෘදයාබාධය වැළඳුණු පුද්ගලයන්ට ලෙමන් යුෂ ඖෂධීය පානයකි. වෛද්‍යවරුන්ට අනුව පුද්ගලයන්ගේ අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලෙමන් ඉතා යෝග්‍යය. ආඝාතය, හෘද රෝග හා පිළිකාවන් වැනි භයානක රෝගී තත්ත්වයන් වළක්‌වාලීමද ලෙමන් ක්‍රියා කරයි. ලෙමන්වල පවතින තවත් ගුණාත්මක තත්ත්වයක්‌ වනුයේ එමගින් අධිරුධිර පීඩනය අඩුකිරීමටත් එයින් පසුව හොඳ කොලෙස්‌ටරෝල් තත්ත්වය වර්ධනය කරවීමත්ය. මුඛය සෝදන දියරයක්‌ වශයෙන්ද ලෙමන් යුෂ භාවිත කළ හැකි අතර එමගින් දත් දිරායැම වළක්‌වා දත් සුදු පැහැ ගැන්වීම මෙන්ම එනැමලය ශක්‌තිමත් කිරීම සිදු කරයි. ලෙමන් යුෂ මගින් උගුර සේදීමෙන් උගුරෙහි ආසාදන තත්ත්වයන් මඟහරවා සහනය ලබාදෙන බව පැවැසේ. ඔස්‌ටියෝආතරයිටිස්‌ රෝගය හට ගැනීම වැළැක්‌වීම සඳහාද ලෙමන් යුෂ උපකාර වන බව වෛද්‍ය මතයයි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here