දුරියන් වලට නම් ප්‍රිය නොකරන පිරිසකුත් ඉන්නවා. ඒකට විශේෂම හේතුව තමයි දුරියන් වල තියෙන සුවඳ. බොහෝ යට මේක දැනෙන්නේ දුර්ඝන්ධයක් විදියට. ඔබත් දුරියන් ආහාරයට ගත්තොත් ඇත වෙන වාසි ගැන තමයි මේ කියන්න යන්නේ. කොහොම වුණත්, සීමාවක් ඇතුව කන එකත් වැදගත්. අධි මාත්‍ර තන්තු බොහෝ සෙයින් අඩංගු දූරියන් වැනි පළතුරු ආහාරයට ගැනීම ශරීරයේ පද්ධති බොහෝමයකට සෞඛ්‍යය වාසි ගෙනෙනවා. මෙයින් ප්‍රධාන ලෙස වාසි ලබා ගන්නා පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි. දූරියන් මදුළු තුල අන්තර්ගත වන තන්තු මගින් ආහාරයට ගන්නා ආහාර කැබලි බඩවැල් ඔස්සේ ක්‍රමවත්ව ගමන් කිරීම උත්තේජනය කරන අතර මලපහ පිටවීමට ක්‍රමවත්ව සිදු කරනවා. මෙම තන්තු මගින් සිදු වන තවත් කාර්යයක් ලෙස ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වන යුෂ ක්‍රමවත්ව නියාමනය කිරීම හඳුන්වා දෙන්නට පුළුවන්. මෙම තත්වය නිසා අනවශ්‍ය ආකාරයට ඇති වන මලබද්ධය, බඩ පිපීම, ආහාර ගමන් ගන්නා බඩවැල් සිරවීම, පපුව පිච්චෙන ස්වභාවය, උදරයේ මාංශ පේශී පෙරලීම මෙන්ම දරුණු රෝගී තත්වයක් වන බඩවල් තුල ඇතිවන පිළිකා අවධානම පවා දුරු කර ගන්නට පුළුවන්. මෙම තන්තු මගින් රුධිරයේ තැම්පත්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පවා පහසුවෙන්ම ඉවත් කර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය කර හදවත් සෞඛ්‍යය ආරක්‍ෂා කර දීමද සිදු කරනවා. දූරියන් ආහාරයට ගැනීම මගින් නිසි පරිදි ශරීරයට පොටෑසියම් ලැබීම මගින් රුධිර නාලිකා ලිහිල් කර ආතතිය දුරලා රුධිර සංසරණ පද්ධතිය සුවදායක කර හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්‍ෂා කරනු ලබනවා.

දූරියන් සතු ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය මෙන්ම විටමින් සහ ස්වභාවික රසායනික ද්‍රව්‍ය නිසා ශරීරයේ විෂ සහිත ද්‍රව්‍ය නසා අකලට සම රැළි වැටීම, ලප ඇතිවීම, හිසකෙස් හැලීම, දත් හැලීම, ආතරයිටිස්, පිළිකා, හදවත් රෝග ආදිය නසා වියපත්වීම පාලනය කරීම සිදු කරනවා. මෙම ස්වභාවික රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් රුධිරයට එක්වීමන් සිදු වන්නේ ශරීරය වඩාත් වෙහෙසට පත්ව නිදිමත ස්වරූපය ලඟා කර දීමයි. මෙය රාත්‍රී නින්ද නොයෑමේ ගැටළු ඇති පුද්ගලයින් හට සාර්ථක විසඳුමක් වනවා. ලිංගික රුචිය වර්ධනය කිරීමට සහ දෙපාර්ශවයේම ඇති අසාරතාවය දුරු කිරීමට දූරියන් පළතුරට හැකි වන බව අධ්‍යයන බොහෝමයකින් තහවුරු කර තිබෙනවා. දූරියන් සතු විටමින්, පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරන අනෙකුත් ප්‍රභල ස්වභාවික රසායනික ද්‍රව්‍ය පිළිකාවට එරහිව සටන් වදිනවා. සෛලීය පරිවෘත්ත ක්‍රියාවලියෙන් නිපදවන අතුරු ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන “free radicals” මගින් “DNA” වලට සිදු කරන හානි නිසා සාමාන්‍ය සෛල පිළිකා සෛල බවට පරිවර්තනය වීම සිදු වනවා. දූරියන් තුල අඩංගු විටමින් C, සංකිර්ණ විටමින් B, E මගින් මෙම ක්‍රියාවලිය මර්ධනය කර බොහෝමයක් පිළිකා සෛල සමග සටන් කරනවා. දූරියන් තුල අන්තර්ගත වන විවිධ වර්ගයේ ඛනිජ සහ ෆෝලික් අම්ලය මගින් මගින් රතු රුධිර සෛල වර්ධනය කරන අතර දූරියන් සතු යකඩ සහ කොපර් වැනි සංයෝගයන් මගින් අජීර්ණ, ඉරුවාරදය, විඩාව සහ බුද්ධිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම වැනි තත්වයන් ඇති කරන රක්තහීනතාවය දුරු කිරීම සිදු වනවා. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here