පිරිත් වල බලයක් තියෙනවද? ඒක බුද්ධාගමේ අයටනම් ලොකු ප්‍රෂ්ණයක් නෙවෙයි. මොකද විශාලා මහනුවර තුන් බිය දුරුකරන්න බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය දේශනා කරපු බව හැමෝම දන්නවා. ඒත් සමහර අය මේ පිරිතේ බලය විශ්වාස කරන්නේ නෑ. එහෙම කියන්නේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ කියලා. ඒත් පිරිතේ බලය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්.

මේ පරීක්ෂණය කලේ මසාරූ ඉමටෝ කියන ජපන් විද්‍යාඥයා. ඔහුගේ සොයා ගැනීම අනුව සිතුම් පැතුම් වලට පුළුවන් ජල අණු වල ස්වභාවය වෙනස් කරන්න. ඔහුගේ පරීක්ෂණ ඇතුලත් පොතකුත් තියෙනවා. ඒකේ නම තමා The hidden massages in water. මේක වාර්තා පිට වාර්තා තියල අලෙවි වුනු පොතක්. ඉතින් ඔයාලා මේ පොත කියෙව්වොත් මීට වඩා වඩා විස්තර හොයාගන්න පුළුවන්.

මසාරූ ඉමටෝ කියන විද්‍යාඥයා මේ පරීක්ෂනේ කලේ කොහොමද? ඉස්සර වෙලාම සාමාන්‍ය ජල නියැදියක් අරගෙන අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් එහි ජල අණු නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඒ ජල අණු නියැදියටම පිරිත් අහන්න සලස්වලා ආපහු ජල අණු නිරීක්ෂනය කරනවා. දැක්ක දෙයින් ඔහු පුදුමයට පත් වුනා. ජල අණු වල ස්වභාවය වෙනස් වෙලා තිබුනා. එම ජල අණු ඉතාමත්ම ලස්සන රටාවකට සැකසිලා තිබුණා.

ඊට පස්සෙත් එයා පරීෂණය නැවැත්තුවේ නෑ. ජල නියැදි දෙකක් අරන් එකකට හොදටම බැන්නා. බැන්නෙත් හිට්ලර් භාවිතා කරපු වචන යොදා ගනිමින්. අනිකට හොද කිව්වා. ප්‍රතිපලය කලින් වගේමයි. හොද කියපු ජල නියැදියේ ජලඅණු වල රටාව ලස්සනට සැකසිලා තිබ්බා. බැනපු ජල අණු වල රටාව කැත අපැහැදිලි ස්වභාවයක් ගත්තා. ඔයාලා දන්නවද සිරුරෙන් සීයට හැටක් තියෙන්නෙ මොනවද කියලා. ඒ තමයි ජලය.

ඉතින් යහපත් සිතුවිලි හා අයහපත් සිතුවිලි කෙලින්ම අපගේ සිරුරට බලපානවා. ඒක නිසා නිතරම හොද සිතුවිලිම හිතන්න. නරක දේවල් හිතන්න එපා. නිතරම ධනාත්මකව හිතන්න. නිතරම මෙත් වඩන්න.කොහොම හරි මේ පරීක්ෂණය නිසාම මසාරූ ඉමටෝ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වුනා. මසාරූ ඉමටෝ ඉපදුනේ 1943 ජූලී 22 ජපානයේ.

කොහොම නමුත් මේ විද්‍යාඥයා මීට වසර කීපයකට කලින් මියයනවා. ඒ 2014 ඔක්තොම්බර් 17 වෙනිදා. කොහොම හරි මේ පරීක්ෂණය ගැන විද්‍යාඥයෝ අතර තවමත් වාද විවාද තියෙනවා. පිරිත් වෙන්න ඕනේම නෑ. වෙනත් ඕනෑම ආගමික වෙන්න පුළුවන් නිරාගමික වෙන්න පුළුවන්. ඔයාලා හිතන්නේ කියන්නේ හොද දෙයක්නම් ඔයාලට ලැබෙන්නෙත් හොද දෙයක්මයි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here