කොහොඹ කියන්නේ අතීතයේ ඉඳලම අපේ ආයුර්වේද වෙදකමට නැතුවම බැරි ඖෂධයක්. ඒ වගේම  විෂබීජ නාශකයක්. ගමේ නම් ඉතින් කොහොඹ පැළයක් නැති ගෙදරක් හොයාගන්න බැරි තරම්. ඒ තරමට කොහොඹ කියන දේ අපිට ප්‍රයෝජනවත්. කොහොඹ වලින් බොහොමයක් ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න පුළුවන් වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නත් භාවිතා කරන්න පුලුවන්.

සම නිරෝගිකර රුව වැඩුමට බෙහෙවින් දායකවන කොහොඹ ආයුර්වේදය හඳුන්වා දෙන්නේ කොළ, මල්, ඇට, මුල්, පොතු ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක් ලෙසට යි.

අලංකාර පත්‍රවලින් යුතු තිත්ත රසැති කොහොඹ ශාකයට කුරුල්ලන් නාවත් , එහි සුන්දරව පිපෙන මල් වෙත ඇදෙන මීමැස්සන් පැණි ගෙනගොස් මී වද බඳිනවා. එම වටිනා මීපැණි ඉතා ඉහල මිලකට අළෙවි වනවා.මල් වලින් පිසින වෑංජනය ද රසගුණ පිරි ආහාරයක් සේ සැළකෙනවා.

කොහොඹ සීතල ගුණයෙන් හෙබි  සැහැල්ලු, ගති සහිත ශාකයක් . මුත්‍රා කාරක යි. පිරිසිදු, කිරීමේ හා විෂ බීජ විනාශ කිරීමේ ගුණයෙන් යුක්තයි.

රක්ත පිත්ත දෝෂ දුරු කරනවා.වාත,සෙම්, කුෂ්ට, අක්ෂි, පණු, උණ ශ්වසන, අර්ශස් රෝග වලට එරෙහිව ක්‍රියා කරනවා. අක්මාව රැක දෙනවා. වැටීම් තැලීම් අස්ථි බිඳීම් ආදියේදී උපකාරයට එනවා. ප්‍රති ශක්තිය වර්ධනය කරනවා.දරු උපත් වලදී මවට, පහසුව සලසන එය උපත් පාලන හැකියාවෙන්ද, යුක්තයි.

කොහොඹවල ඇති ජෙඩුනින් රසායනය පිළිකා නාශක ගුණයෙන් යුතු බැවින් මුඛ පිළිකා වළකන අතර සිරුරේ අනෙකුත් පිළිකා ඇතිවීම ද අවම කර දෙනවා .

දියවැඩියා රෝගීන් දීනකට කොහොඹ කොළයක් දෙකක් සපා කන්නේ නම් එම රෝගය පාලනය වන බව සඳහන්.

කොහොඹවල ඇති විෂ බීජ නාශක ගුණය නිසා පැපොල රෝගීන්ගේ යහනෙහි කොළ අතුරා ලීමේ සිරිතක් පවතිනවා.

කුරුලෑ නැති කරන්න කොහොඹ වලට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්.

කොහොඹ ශාකයේ සියලුම කොටස් වල ඖෂධීය වටිනාකමක්‌ පවතින බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම ඉන්දියාවේ බොහොමයක් කාන්තාවන් කොහොඹ අත් බෙහෙතක් ලෙස පාවිච්චි කරනවා. ලංකාවේත් ආයුර්වේදයේදී කොහොඹ ශාකයේ සෑම කොටසක්ම පාහේ භාවිතයට ගනු ලබනවා.

කොහොඹ ඇට කෘමි නාශයක් ලෙස වගා කටයුතු වලදී භාවිතා කරයි. කුඩු කරගත් කොහොඹ ඇට වතුර සමඟ යොදා බෝග වලට ඉසිනු ලබයි. මෙය ස්වාභාවික කෘමි නාශකයක් බැවින් කිසිඳු පැකිලීමකින් තොරව ඔබට ගෙවතු වගාව සඳහා භාවිතා කල හැක.

තවද කොහොඹ සාරය මගින් නිපදවන ලද මදුරු නාශක අද වෙලදපොලේ පවතිනවා. මේ සඳහා කොහොඹ තෙල් වලින් දල්වන ලද පහන් යොදා ගනු ලබනවා.

ඔබ නොදත් කොහොඹ ශාකයේ ගුණ බොහොමයි. ලාංකික අපට වඩා ඉන්දියානුවන් කොහොඹ ශාකයේ ගුණ මැනවින් දන්නවා. මේ නිසාම ඔවුන් කොහොඹ ශාකයෙන් විවිධ නිෂ්පාදන සකස් කරනු ලබනවා. ආයුර්වේදයේත් ගුණ සඳහන් කොහොඹ විවිධ අත් බෙහෙත් සඳහාත් ඔබට යොදා ගන්නට පුළුවන්.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here