රණවරා කිව්වම ඒ ගැන ගොඩක් ය දන්නවා. වියලාගත් රණවරා මල් පානයක් විදියට වගේම රණවරා කොල මැල්ලුමක් විදියටත් ආහාරයට ගන්නා බව ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් රණවරා වල තිබෙන ගුණ පිළිබඳව බොහෝ අය දන්නේ අඩුවෙන්. රණවරා ශාකය වැඩිපුර හැදෙන්නේ අපේ රටේ වියලි කලාපයේ. මෙහි මල්, කඳ , මුල්, පොතු, ඇට , කොල සියල්ලම ඖෂධීය ගුණයෙන් ඉතා ඉහලයි.

රණවරා මල් තම්බා තේ වෙනුවට පානය කල හැකි නම් එය ඔබේ සිරුරේ ඇති වෙන බොහෝ ලෙඩ රෝග සමනය කරන්නට සමත් වෙනවා. ඔබේ සම පැහැපත් කරන්නට විශේෂ හැකියාවක් රණවරා වලට තිබෙනවා. ඒ වගේම ශරීරය සිසිල් කිරීමටත්, විඩාව දුරු කිරීමටත් රණවරා වලට පුලුවන්. සෙම් සහ පිත් රෝග නසනවා. පණු රෝග ආදියටත් අතිශයින්ම ගුණදායකයි. සිරුරේ ඇති වෙන දද, කුෂ්ට ආදියටත් රණවරා ගුණදායකයි. රණවරා , දියවැඩියා රෝගීන්ට දෙන්නට පුළුවන් වටිනා බෙහෙතක්. ඒ වගේම, කටේ ඇතිවෙන තුවාල සුව කිරීමටත් රණවරා සුදුසුයි. රණවරා, පිරිඉන්ගේ ශුක්‍රාණු වර්ධනයටත් සුදුසුයි. රණවරා ඇට වියලා කුඩු කර තේ කෝපි මෙන් පානය කරන්න ට පුළුවන්. ඒ වගේම සම පැහැපත් කිරීම , රුධිරය පිරිසිදු කිරීම රණවරා සතු ඉහල ගුණාංගයක්.රසවත් මැල්ලුමක්, ගුණ දෙන බීමක්, ලෙඩකට බේතක් ලෙස නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි ශාකයක් නම් රණවරා ය. උද්භිද විද්‍යාවට අනුව රණවරා වර්ග දෙකක් තිබේ. නියම රණවරා සහ අනියම් රණවරා යනුවෙනි.

නියම රණවරා කිනිත්තේ මුල දෙසට වන්නට කන්පෙත්තක හැඩය ගත් කුඩා පත්‍ර දෙකක් තිබේ. කොළ තරමක් කුඩා ය, මල් ද කුඩාය. අනියම් රණවරා කොළ කිනිත්තේ පෙර සඳහන් කළ කන්පෙති සමාන පත්‍ර දෙක නොමැතිය. කොළ තරමක් ලොකුයි. මල් ද ලොකු ය. මේ දෙවෙනි වර්ගය කෑමට ඇතැම්හු බිය වෙති. කරන ලද පිරිස්සුම්වලින් පැහැදිලි වී ඇත්තේ දෙවෙනි වර්ගය ද මැල්ලුම් සාදා කෑමට ගත් බවත්, එයින් කිසිදු හානියක් නොවූ බවත්ය. මේ වර්ගයේ මල් ද එළවළුක් සේ කෑමට ගත හැකිය. රණවරා තම්බා ගත් වතුර ශරීරයේ පිත් කෝප ගතිය නසන, ඇඟ සිසිල් කරන හොඳ බිමකි. රණවරා මල් අලුත් පිට තම්බා ගත් විට මිහිරි රසයක් ඇති වුවද කඩා තබා පරණ වු පුස් සෑදුන රණවරා තම්බා ගත් වතුර බිව නොහැකි තරමට තිත්ත රසයෙන් යුතු වේ.

බේතක් වශයෙන් රණවරා විශේෂයෙන් ගුණ දෙන්නේ මුත්‍රා කිරීමේ ඉන්ද්‍රිය පද්ධතියේ රෝග වලටය. මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ අමතර කොටස් පිටවීම හා කාන්තාවන් ගේ ඇඟ කෙට්ටු කරනවා යැයි කියන පීඩාවට ද රණවරා කොළ මැල්ලුම් ද, රණවරා තම්බා ගත් වතුර ද ඉතාම ගුණය. මේ ගුණ දින තුන හතරකින් බලාපොරොත්තු විය යුතු නොවේ. මාස කීපයක් ගත යුතුය. කිසි විටෙක අගුණ නොවේ. මුත්‍රා සමඟ සීනි පිටවීම්් පීඩාව අද හඳුන්වන්නේ දියවැඩියාව ලෙසය. එහෙත් මුත්‍රා පරීක්ෂණයේදී මුත්‍රාවල සීනි තිබූ පමණින් එය මධුමේහය හෙවත් දියවැඩියාව සේ සැලකීම සුදුසු නොවේ. මුත්‍රාවල සීනි ඇති වීමට මුල් වන හේතු බොහෝය. කුමක් නමුත් මෙබඳු තත්ත්වයන් පවතින විට ගුණ ලබා ගැනීම පිණිස අගුණ නොවන හොඳ බේතක් නම් රණවරා පංචාංගයයි. රණවරා කොළ, මල්, මුල්, පොතු හා ඇටය. මේ සියල්ල එක්ව ගෙන කබලේ බැද කුඩු කර තබාගෙන උදේ සවස කෝපි මෙන් සාදා බීම යහපති. මෙ බඳු බෙහෙත් ටික කලක් යන විට දිරා යාමේ ගතියකට පත්වන නිසා වැඩිකල් තබා ගත නොහැකිය. එවිට ගුණ හීන වේ. මෙම වටිනා තොරතුරු තව කෙනෙකුට දැකගනිම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here