මෙලොව එළිය දුටු දා සිට මිනිසාට තමාගේ ජීවිතය ගෙනයාම සඳහා එදිනෙදා අවශ්‍ය කරන බොහෝ දෑ තිබෙනවා. මේවා වෙන් වශයෙන් කතාබහ කිරීමට අපහසු වූවද ජලය, වාතය සහ ආහාර ආදී දේ සඳහා මෙහිදී විශේෂත්වයක් හිමිවෙනවා. ඊට හේතුව මේ දේවල් නොමැතිව මිනිසෙකුට තමාගේ පුද්ගලික ජීවිතය ගත කිරීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවන නිසායි. ඒ වගේම ජන්මයෙන් මේ ලෝකයේ පැවැත්ම සඳහා මිනිසාට උරුමවන ඉතා වැදගත් ශක්තියක් තිබෙනවා.

ඒ අන් කිසිවක් නොව ප්‍රතිශක්තියයි. නිරෝගීමත් ජීවිතයක පැවැත්ම සඳහා ප්‍රතිශක්තීකරණය යනු ඉතාමත් වැදගත් සාධකයක්වන අතරම මේ ශක්තිය හීන වීමෙන් පුද්ගලයාට මරණයට පවා මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා ප්‍රතිශක්තිය පිළිබඳ, සිද්ධාලේප ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර්. එල්. පෙරේරා මහතාගෙන් විමසා සිටි ගැටලුවලට ඔහු අපට ශක්තියක් ලබා දුන්නේ මේ ආකාරයෙන්.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ යම් හැඳින්වීමක් කරන්න.ප්‍රතිශක්තිකරණය යනු ඉතා වැදගත් ස්වභාවික ශක්තියක්. එමඟින් සිදු කරන්නේ පුද්ගලයාගේ ශරීරයට ඇතුළත් විය හැකි යම් රෝග කාරක සාධකයක් වේ නම් ඒවා සියල්ල ආගන්තුක ලෙස හඳුනා ගැනීමත්, එසේ හඳුනාගත් ඒවා සතු යම් ශක්තියක් වේ නම් එය උදාසීන කර හෝ විනාශ කර දැමීමත්ය. ළදරුවෙක් මුලින්ම තමා ලබාගන්නා ආහාරයවන මව්කිරි මඟින් හොඳ ප්‍රතිශක්තිකරණයක් සහිත පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාවක් ලබා ගන්නවා.

ඒ වගේම මවුකුස තුළ වැඩෙන අවධියේ ලැබෙන පෝෂණයත්, ජානමය වශයෙන් ඇතිවන හේතූන් යන කරුණු දෙක පුද්ගලයෙකුගේ ශරීරයට හිමිවන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව තීරණය කරන සාධක හැටියට හැඳින්විය හැකියි. ඒ වගේම අවට වායුගෝලය මේ වන විට ඉතාම දුෂිත තත්ත්වයට පත් වී අවසන්. මේ නිසා ශරීරයට අහිතකර විෂබීජ බහුල වශයෙන් එහි සැරිසරනවා. මේ විෂබීජ අප එදිනෙදා යම් යම් කාර්යයන්වල නිරතවන විට අපටත් නොදැනීම ශරීරයට ඇතුළු විය හැකියි.

එවැනි අවස්ථාවකදී අප ශරීරයේ ස්වභාවික සැකැස්මට අනුව ඊට හිමි ආරක්ෂණ පද්ධතිය මඟින් යම් හානිකර තත්ත්වයක් ඇති කරවනවා නම් එය වැළැක්වීමක් සිදු කරනවා. එසේ සිදුවීම සාමාන්‍යයෙන් ශරීර අභ්‍යන්තරයේ අපටත් නොදැනීම සිදුවන මහා ක්‍රියාදාමයක්. එසේ වුවත් යම් විටෙක ප්‍රතිශක්තිය දුර්වල වී ගිය අවස්ථාවක දී ශරීරයට ඇතුළු වූ යම් හානිකර විෂබීජ වේ නම් ඒවාට විරුද්ධව නැගීසිටීමට අපොහොසත් වීමෙන් අප රෝගීන් බවට පත්වේ.

මේ සඳහා හේතුවන්නේ කුමන කරුණු කාරණාද?ඇත්තෙන්ම ශාරීරික ප්‍රතිශක්තිකරණයට අප ලබා ගන්නා ආහාරපාන හා ජීවන රටාව ඍජු සම්බන්ධතාවක් පෙන්නුම් කරනවා. ඒ අනුව ආහාර පාන පිළිබඳ විමසා බැලීමේදී, අප ලබා ගන්නා වැරදි ආහාර වර්ග එනම් මේද බහුල ආහාර, අධික කෘත්‍රිම රස කාරක යෙදු ආහාර, වර්ණක යෙදු ආහාර, නිසි ප්‍රමීතීන්ගෙන් තොරව නිෂ්පාදනය වූ ආහාර ගැනීම, නිසි පෝෂණයක් නොමැති ආහාර ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය, නිතර මානසික අසහනයෙන් ජීවත් වීම ආදී හේතු නිසාද පුද්ගලයෙකු දුර්වල ප්‍රතිශක්තිකරණයට හිමිකම් කීමටද හේතු වේ. මව්කිරි වලින් දරුවෙක් ලබන ප්‍රතිශක්තියට ලබා ගන්නා දේ ඉදිරි කාලය නිරෝගීව ගත කිරීමට බලපාන ප්‍රබල සාධකයක් බවද කියන්න කැමතියි.

හොඳ ප්‍රතිශක්තිකරණයක් තිබීමේ වැදගත්කම හා එය පවත්වාගෙන යාම සඳහා කළ හැකි දේ මොනවාද?හොඳ ප්‍රතිශක්තීකරණ පද්ධතියක් තිබීමෙන් ශරීරයේ සියලුම පටකවල පෝෂණ තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගනිමින් සෑම ඉන්ද්‍රියයකම පාහේ යහපත් මට්ටමක පවත්වා ගනිමින් සෑම ඉන්ද්‍රියටම පාහේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකින් පවත්වා ගෙන යා හැකියි. ඒ වගේම යහපත් සෞඛ්‍ය මට්ටමක් ලබාදෙන අතර මේ ප්‍රතිශක්තිකරණය යම් විදිහකින් ක්‍රියාකාරී බවින් අඩු වුවහොත් ශරීරය විවිධ රෝග වලට ගොදුරු වී නොයෙක් පීඩනයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

කෙසේ වෙතත් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමේදී පුද්ගලයෙකු ලබා ගන්නා ආහාරපාන විශේෂ වැදගත්කමක් හිමි කර ගන්නවා. මේ ක්‍රියාවලියේදී ශරීර ප්‍රතිශක්තිය නංවන විශ්මිත ගුණ සහිත ද්‍රව්‍යයන් ලෙස සුදුළූණු සහ මී පැණි හඳුන්වා දිය හැකියි. මේ වන විට මී පැණි පිළිබඳ කරන ලද නවතම සොයා ගැනීම් අනුව ප්‍රතිශක්තිකරණය වඩවන විෂබීජ නසන ප්‍රබල ගුණදෙන ඔසුවක් බව ඔප්පු වී හමාරයි.

ඒ නිසා දැන් අප හුරු වී ඇති කෘත්‍රිම ආහාර රටාවෙන් නිදහස් වී මෙවැනි ගුණදෙන ස්වභාවික ආහාරපානවලට හැකි තරම් යොමු වනවා නම් එය ඉතාමත් හොඳ දෙයක්. එපමණක් නොව සුදුළූණු මේ ක්‍රියාවලියේදී වැදගත් මෙහෙයක් ඉටු කරන අතර එය බොහෝ රෝග ගණනාවකට සුවදෙන ඖෂධයක් වන බව ප්‍රත්‍යක්ෂ වූ සත්‍යයක්. ඒ වගේම හැකිතරම් ස්වභාවික ගුණදායි පෝෂ්‍යදායි ආහාර රටාවන්ට නැඔුරුව, ක්‍රමානුකූල ශාරිරික ව්‍යායාම, මානසිකව නිතර හොඳ සුවයකින් කල්ගත කිරීම මඟින් සිරුර ඔබ ලෙඩ රෝග කරා ඇද දමන රෝග කාරක වලින් ඔබව ආරක්ෂා කරාවි.

ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර පාන.මේ දිනවල හැකිතාක් තම ආහාර වේල් සදහා භාවිතා කිරීම යහපත්.

  • රතු ළුණූ
  • පොලොස් ( හැකිතාක් ආහාරයට ගන්න)
  • සුදු ළුණූ
  • නෙල්ලි/ රසකිඳ තම්බා බීම
  • උදේ සවස වෙනිවැල්ගැට තම්බා බීම
  • කොත්තමල්ලි
  • රණවරා
  • නිවිති
  • පැගිරි කුලේ පලතුරු
  • ඉගුරු
  • බ්‍රෝකලි
  • යෝගට්
  • ආමන්ඩ්
  • ගස්ලබු
  • කහ
  • කිවි
  • දෙළුම්
  • කොමඩු

වතුර පුලුවන් තරම් බොන්න සීනි භාවිතය අවම කරන්න.සීනි ප්‍රතිශක්තිකරණය අඩාල කරනවා
විශේෂයෙන් හැකි පමණ වෙනිවැල්ගැට,නෙල්ලි ,රසකිඳ ,කොත්තමල්ලි තම්බලා බොන්න.(වෙනිවැල්ගැට බබාලට උනත් හොදයි)ප්‍රතිශක්තිකරණයට අදාල විටමින් ලෙස vit.c – ප්‍රතිශක්තිකරණය සදහා හොදම boost විටමිනය vit.B6- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජෛවරසායනික ප්‍රතික්‍රියාවලි වලට සහය දීමට vit.E- ශරීරයට විශබීජ අතුලු වීම වලකන ජවසම්පන්න ප්‍රතිඔක්සිකාරකයක්

අමතක කරන්න එපා නොසලකා හරින්න එපා ආසාධිත චීන කාන්තාව තවත් චීන සංචාරයන් 20 ක් සමඟ දින 10ක් අපේ රට පුරා සංචාරය කර ඇති බව.බාහිරින් ප්‍රවේසම් වීමට, මුහුණු ආවරණ, අත් වැසුම් පුළුවන් තරම් භාවිත කරන්න, පොදු ස්ථානවල ගැවසෙන එක අවම කරන්න… ( පාසැල් අසල, රෝහල්, සති පොළ, අවන්හල්, super market, මංගල්‍ය සහ අවමංගල්‍ය ඇති ස්ථාන වලින්ද ප්‍රවේශම් වන්න…

උපුටා ගැනීම හෙළ රහස්

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here